Monday, December 10, 2012
මෙහෙම වෙන්නෙත් ඒකලූ
මන්නාරමේ කුඹුරක පිපිරීමකින්
තුන්දෙනෙක් එක තැනමලු
යාපනේ සරසවියෙ ඊයෙ
නේවාසිකාගාරෙම හමුදාවලූ
කොටකෙතෙන ඊයෙත්
තෙතෙන නා තෙන නානෙලු
තියුණු ආයුධවලින් කොටලා
මහ රෑ කාවදෝ මරලලු
නීතියත් උන්ගෙලු
අගවිනිසුරු වුණත් එහෙමලු
හමුදාපතිත් එය දනීලු
මහ අධිකරණ ලේකම්ටත් එහෙමලූ
මේ මුතු ඇටේ හැටි එහෙමලු
අපි දන්නෙ අද ගැන විතරලු
හෙට ගැන කියන්නෙත් උන්මලු
වරායත් අපෙ නෙවේලු
වැඩට ගන්නෙත් උන්මලු
ගුවන් තොටුපලත් එහෙමලු
උඩයවන්නෙත් ඒ අයමලු
මහ එකා වගෙ නැතෑ පුත්තරෙ
ඌ කරන්නෙත් එහෙමලු
ගුරා හිටගෙන කළ වැඩේ
දුවදුව කරන්නෙත් ඒකලු
දුමිඳුවත් රට ඇරියලු
අමරෙලගෙ හැටි එහෙමලු
වෙන එකෙක් මේවා කිව්වොතින්
සතුරො වෙනනෙ එහෙමලු
සුදු වෑන් එක ආවොතින්
නඩුයි බඩුයි හාමුදුරුවොයි
ඔක්කොම උන්ගෙලු
උන්ට ගිය රට අපිට මොකටද
වහ බොමුද
එල්ලෙමුද
නිදි පෙතිද
දුම්රියට බෙල්ලද.....
ප්‍රිරභාහරන්වත් හිටියනම්
එක සැරෙ කොහෙ හරි මැරෙයි නෙව අපි
මේ වගේ මැරි මැරි ඉන්නෙක
උන්ට ඕන හැටි එහෙමලු
Monday, November 5, 2012
හදිසියෙම ආයෙත් ඉස්කෝලෙ
හදිසියෙම ආයෙත් ඉස්කෝලෙ
“ පුතේ අංකල්ට කියන්න
ආදරෙයි කියල“
“ තවමත් ඔයා මට
ආදරෙයි එහෙනම්“
“අපි බහිනවා ‘සේර‘“
“හමුවෙමු ආයෙ දවසක
වෙන් වුනා වගේම
අහඹු ලෙස
ඉසිඹු ලත් මොහොතක
ඈත් එහෙම හිතන්නැති
මටත් එහෙම හිතුනකොට“
මතක් කරමි
ඒ මිහිරි අතීතය
පාසල් පොතක් තුල
සඟවාගෙන සිටිය
කෙස් ගහක් නුඹ මට තෑගි කල
ගිරිහඩු සෑය හැදුවා මම එයින්
පයිනස් ගස් වටේ
දැඩි අව්ව වලකාලන
දහදියෙන් තෙත් වුනු අත්
පටලාන නටපු හැටි
හරිම පුදුමයි
ඒ මිහිරි මතකය
නුඹ බැස ගියත්
මම තාම බස් එකේ
කොන්දොස්තර කොලුව
කෑ ගහනවා
ගමනාන්තයට බස්සෙක ඇවිත්
“ පුතේ අංකල්ට කියන්න
ආදරෙයි කියල“
“ තවමත් ඔයා මට
ආදරෙයි එහෙනම්“
“අපි බහිනවා ‘සේර‘“
“හමුවෙමු ආයෙ දවසක
වෙන් වුනා වගේම
අහඹු ලෙස
ඉසිඹු ලත් මොහොතක
ඈත් එහෙම හිතන්නැති
මටත් එහෙම හිතුනකොට“
මතක් කරමි
ඒ මිහිරි අතීතය
පාසල් පොතක් තුල
සඟවාගෙන සිටිය
කෙස් ගහක් නුඹ මට තෑගි කල
ගිරිහඩු සෑය හැදුවා මම එයින්
පයිනස් ගස් වටේ
දැඩි අව්ව වලකාලන
දහදියෙන් තෙත් වුනු අත්
පටලාන නටපු හැටි
හරිම පුදුමයි
ඒ මිහිරි මතකය
නුඹ බැස ගියත්
මම තාම බස් එකේ
කොන්දොස්තර කොලුව
කෑ ගහනවා
ගමනාන්තයට බස්සෙක ඇවිත්
Wednesday, October 10, 2012
වාසනා පත
අවාසනාවට
වාසනාව විකුණන
වමට බර
කන්න හෝදන්න
එකම අතින්
හොඳ නැතෙයි
අම්මා බනින
හැටි
මතක් උනා නුඹ
දුටු
මොහොතෙදිම
සුපුරුදු
නුපුරුදු වම් අත
කඩිමුඩියෙ
ටිකට් අමුණන
හුලඟ විත්
රැගෙන යන්න පෙර
අනුන්ගෙ වාසනාව
නුඹ දුටුව
අපැහැදිලි
වීදුරුව
මීදුම් කඳුලු
විසිරුව
ඇඟිල්ලෙන් ඉරි
ඇඳ
එතුලින් නුඹ
දුටුව
වාසනාව විකුනන
අවාසනාවන්ත
රටක
වාසනාව විකුනන
අත් දෙකක් ඇති
අයට
තනි අතක මහිමය
කියා දෙන
දිරිය දියණී
සීතාවක සීතලම
උදෑසන සිනහා වෙන්නී
Wednesday, October 3, 2012
වචන ගැන වචනයක්
වචන ගැන
වචනයක්
වන පෙරළි
පද පෙරළි
සංකේත සංවේදනා
විසංවාදීව
වචන තුළ
ගැබ් ගැනීම
ගැබ් පෙළහර නොපා
ඒ වදන් තුළින්
හද රිදුම්
සසල කිරීම්
සංවේදනා
හාව භාව ලීලා
විලි ලෑම
ඇත්තටම එකම වචනයකටවත්
හරි හැටි තේරුමක් නැති
හැටි
ඔයා අඩන දොඩන හැම
වෙලාවකම
කිසි තේරුමක් නැති
වචන වල හැපෙමින්
කැලතෙමින්
මටත් හරි දුක තමයි
ඒත් ඒ දුක
දුක කියන වචනෙ නැති
හැටි
හරි දුකයි ඇත්තමයි
Monday, August 13, 2012
සෙනෙහස
සෙනෙහස
ìh ùñ
yoj; kj;Sú hehs
lfka we`.s,s .id isáho
wfikjd lsß lsrs lsrsh
we`o ñysßhdfjka k`.k
ruKfhka k`.k fl`Èßh uqiqj
.efykjd yo
.sä .säfh
fmr Èkl
fï ì;a;su
wid bkag we;s
wo fukau
ux ke;sj
ux k.mq
fl`Èß,a,
thd uf. we`. u;
mEj oe`.,s,a,g'''
ta;a ta uqrkavqjg wdihs
ux ;ju
taluhs ug Wyq,kak neß
fï ;rï ;ry ug
ux yskaouhs ldg;a tmd jqKq
tlu msßñfhla
fnod .kak tlu f.or
mq¨jka oj,ag
mqrqÿ jqkdu
ta;a lÜg lrqj, ?
yS;,g .efyk fldg
f,a Wkqiqïj ÿj weúÈk fj,djg
uefrklï neßfõú''''
taluhs ÿl ug
අරලියා මල් සුවද
අරලියා මල් සුවද
අම්මාෙග මතකය
රැෙගන ඒන මා වෙතට
අැයෙගන්ම ෙපාෙහාණි වුණ
අරලියා මල් ෙදවැට
අෑ පයට පෑගුණ
ගස් වටේ සුසිනිදු
උදු පියලි පදුරු මත
පිනි කදුලු මල් කිනිති
අෑ දැතින්ම හැඩවුනු
ෙනක රූ රටා සුසැදුනු
අැතුල් පත් පන් පැදුරැ
අෑ සුවද ගුවන් ගත කරවන
අැය කුස විඩා ෙකාට
හීනුකුල ෙදදරවා
ෙලාව බලා හැඩූ
සිහින් සිනාහවකින් අෑ මුහුණ සැරසූ
අෑ විඩා බර බව අන්වීක්ෂයකින්වත් ෙනාදුටු
අෑ සතුටට සිටි
මුලු ෙලාවම වූ අැෙග
දුහු විල්ලක්වත් ෙනාවූ මා පයට පෑගුනු
බඩ පිස්සා මමයි
අෑ ෙනක පිරිපත ෙනාපිසි
අෑ විඩා සන්සිදූ ෙසාෙහාන මත
පස් පිඩක්වත් ෙනාලූ
Wednesday, August 8, 2012
මේ සැඳෑ සක්මන
මේ සැඳෑ සක්මන
තේරුම් ගන්න ගන්න
නොතේරෙන
ජීවිතය......
දිනන්න දිනන්න පරදින
සිතුවිලි......
එපා වුණත් නැතත්
ඔහෙ තියෙන...........
හරි විඩා බරයි මට
මේ සැඳෑ සක්මන
නව තුරුණු වයසෙම
හැගීම් බරව දෙවියන් යදින
තාර්කිකව දෙවියන්ව පාගන
ආගමක් නැති
නීතියක් නැති
අවේලාවෙ වෙලාවට
වැඩකරන
අකාලෙ කාලයට බැන වදින
හරි විඩා බරයි මට
මේ සැඳෑ සක්මන
නව තුරුණු වයසෙම
Thursday, July 26, 2012
සත්‍ය
සත්‍ය
සත්‍යා නුඹ තමයි සත්‍ය
මෙතෙක් කල් මම දැකපු
සිංහලෙන් වැඩ කරන,
සිංහල කොල්ලෙක් බැඳපු
දෙමළ කෙල්ල
අත් හැරීම ගැන
දැනගත්තෙ නුඹගෙන්
කොල්ල සිංහල කියල
දැනගත්තු දවසෙ ඉඳල
නෑසිය යාලුවන්
ඈත් වුනා නුඹගෙන්
සෙනෙහසේ කඳුලු නැවතුමක් තියා
ආවා නුඹ
තියා හද ඔවුන් වෙත
ඇත්තමයි සත්‍යා
නුඹ තමයි සත්‍ය
අමාරුම අමාරු
තේරුම් ගන්න බැරි ලෝකෙ
ආලෝකය අරන් ආ
අපේ පොඩි ගම වෙත
වෙඩි වරුසාවට පස්සෙ
ඒ වෛර සුන් බුන් මතට
සෙනෙහසේ වැස්ස වස්සපු
ඇත්තමයි සත්‍යා
නුඹ තමයි සත්‍ය
මෙතෙක් අපි සොය සොයා සිටි
Friday, July 13, 2012
මහා පුරුශයෙකුට බිරිඳක්ව
මහා පුරුශයෙකුට බිරිඳක්ව
“ආං....... සෝන්යා....”
ලියෝගෙ බිරිඳ
“එන්න.... මෙහෙන් ඉඳගන්න.....
මගේ හිත අද්දරින්.....”
“අහන්න මගේ හිත කියන දේ.
මං ඇයට කිව්වා
‘ඔයා මොනතරම් වාසනාවන්තද
මං වගේ මහ පුරුශයෙක්....’
⋆ ⋆ ⋆
“එයාට තිබුනෙ නෑ දින පොතක්
තියෙන නොවෙනස් තෙත හද මිසක්
එක්ක දිලිසෙන දුක හිතෙන ඇස් දෙකක්
හිතේ ඇති දේ දකින
කිමිද ගොස් මා දෙනෙත්”
⋆ ⋆ ⋆
“මහා පුරුශයෙකුට
බිරිඳක් වූ
සොන්යා නුඹ ගැන
කියවන්න රසවත්යැ
පොතක් තැබි අත මතට
පොතක් තැබි අත මතට
එතකොටයි නුඹ හමුවුනේ.
එතකොටයි මට තේරුණේ....
⋆ ⋆ ⋆
මහ වැස්සකට පසුව
කුරුල්ලන් නගන
අර අමුතු කිචි බිචිය
පිනි බිංදු වැටෙන හඬ...
නුඹට ඔහු නිසා වුව
මට ඈ නිසාවෙනි.
⋆ ⋆ ⋆
සොන්යා දැං ඉතින්
නැගිටින්න
මගේ හිත අද්දරින්.
විඩාබර දවස කෙලවර
බලාගෙන ඇති එයා
දෙනෙත් බිම යා කොට
විලිබරව රතු දෙකොපුල්ව.
"සමනලයා පැනල ගිහින් මොකද දන්නෙ නෑ"
"සමනලයා පැනල ගිහින්මොකද දන්නෙ නෑ"

"මං ගෙදර නැති වේලේ
කව්ද මගෙ බෝලේ
පෙරල පෙරලා හිටියෙ මිදුලේ”
චූටි දූ කෑ ගගහ
දුවන හැටි හැමදාම
මැවි මැවී පේනවා
ඉන්නවා වාගේ
දුවනවා වාගේ
ගේ වටේ
දැනෙනවා
එදා හැන්දෑවෙත්
පෙරහැරත් බැලුවා
දෑස් පොඩි අයාගෙන
අතේ ඒල්ලීගෙන
දෙවියන්ව යැද්දා
මටත් වැඩි භක්තියෙන්
"මේ ළමයා කොයින්දෝ
රෝස කැලෙන් ගෙනාවෝ
දඩිං බිඩිං ඩෝං"
හදවත ගැහෙනවා
රෙදි හැට්ට ඉරාගෙන
එලියට ඒන්න හදනවා
කුනු ඇලේ මුනිං අතට
හිටියේ ඒ උඹමයිද?
දුක හින්දද මූන දැක්කොත් කියල?
සුදු ඇදන් මේ නිදන්නෙත් මද සිනාවෙන්
ඒ හිටිය උඹමයිද?
Monday, July 9, 2012
පිනි බිදුව
පිනි බිඳුව
උදෑසන හිරු කිරණ කෝ
උණුසුම්ද සීතල නොවූ
මා සිත පිබිදවූ
උණුසුමින් හද සීතල නිවූ
දූවිලි කෝඩයකි සිත
පිය බිරිඳ ලඟ දැවටෙන
ජාතක පොත සිනාසෙයි පොත් කුටිය තුල වැද
යුද්ධය හා සාමය හිරවෙලා දත් නොදත‍් පොත් මැද
පොත් සුවඳ මිස වෙනත් සුවඳක් නොදත් මට
එකම එක සුවඳක් විඳින්නට බැඳෙයි වැට
දිය සුලියකි සිතිවිලි
එකම තැන කැරකැවෙයි
නොදන්නා තැනකට රැගෙන යයි
සොයමි වෙහෙසී තවමත්
කොහොමද ඉන්ට ඕනා
සිත නොරිදෙන්න
මල් පෙති මත සිනිඳු
නොරිදවා රැඳී සිසිලස දෙන
පිනි බිංදුවක් මෙන්
| |
![]() |
අහෝ පිනි බිඳක්
|
Subscribe to:
Comments (Atom)







