සත්‍ය
සත්‍යා නුඹ තමයි සත්‍ය
මෙතෙක් කල් මම දැකපු
සිංහලෙන් වැඩ කරන,
සිංහල කොල්ලෙක් බැඳපු
දෙමළ කෙල්ල
අත් හැරීම ගැන
දැනගත්තෙ නුඹගෙන්
කොල්ල සිංහල කියල
දැනගත්තු දවසෙ ඉඳල
නෑසිය යාලුවන්
ඈත් වුනා නුඹගෙන්
සෙනෙහසේ කඳුලු නැවතුමක් තියා
ආවා නුඹ
තියා හද ඔවුන් වෙත
ඇත්තමයි සත්‍යා
නුඹ තමයි සත්‍ය
අමාරුම අමාරු
තේරුම් ගන්න බැරි ලෝකෙ
ආලෝකය අරන් ආ
අපේ පොඩි ගම වෙත
වෙඩි වරුසාවට පස්සෙ
ඒ වෛර සුන් බුන් මතට
සෙනෙහසේ වැස්ස වස්සපු
ඇත්තමයි සත්‍යා
නුඹ තමයි සත්‍ය
මෙතෙක් අපි සොය සොයා සිටි




