පිනි බිඳුව
උදෑසන හිරු කිරණ කෝ
උණුසුම්ද සීතල නොවූ
මා සිත පිබිදවූ
උණුසුමින් හද සීතල නිවූ
දූවිලි කෝඩයකි සිත
පිය බිරිඳ ලඟ දැවටෙන
ජාතක පොත සිනාසෙයි පොත් කුටිය තුල වැද
යුද්ධය හා සාමය හිරවෙලා දත් නොදත‍් පොත් මැද
පොත් සුවඳ මිස වෙනත් සුවඳක් නොදත් මට
එකම එක සුවඳක් විඳින්නට බැඳෙයි වැට
දිය සුලියකි සිතිවිලි
එකම තැන කැරකැවෙයි
නොදන්නා තැනකට රැගෙන යයි
සොයමි වෙහෙසී තවමත්
කොහොමද ඉන්ට ඕනා
සිත නොරිදෙන්න
මල් පෙති මත සිනිඳු
නොරිදවා රැඳී සිසිලස දෙන
පිනි බිංදුවක් මෙන්
| |
![]() |
අහෝ පිනි බිඳක්
|

No comments:
Post a Comment