Monday, September 21, 2015
Wednesday, September 16, 2015
ගෑනියෙක් නම් හාන්සි වෙන්න ඕන. පිරිමියෙක් නං මහන්සි වෙන්න ඕන.
ලංකාව ඉස්සර ඉදන්ම මුතු ඇටයක් නොව අමුතු ඇටයක්. ලංකාවෙ වෙන්නෙ හරි පුදුම දේවල්. අද මේ ලිපිය ලියන්නෙ ලංකාවෙ සම්මුඛ පරීක්ශන ගැන.
මේ ලගදිම තිබ්බ කැලනියෙ සිංහල අංශයෙ. එ්කට කතිකාචාර්යවරු ගන්න ඇප්ලිකේශන් දානකොටම කෙල්ලෙක් ගන්න ඉන්නව කියල ප්‍රචාරයක් ගියා. ඒත් හැමෝම දැම්ම. 30 ක් විතර සම්මුක පරීක්ශනයට ඇවිත් හිටිය. පැය තුනෙන් ඔක්කොම ඉවර කලා. ඒත් අර ගන්න හිටපු ගැනු දරුවට අඩුවෙන්ම තමයි ලකුනු තිබිල තියෙන්නෙ. අවසාන තිරනයට අංශාධිපතිතුමා විරුද්ධ වෙලා තිබුන. එයා අනුමත නොකල නිසා සම්මුක පරීක්ශනය අවංලංගු වුනා. අර ලමයට සුදුසුකම් හැදුනම ආයෙම කැදවාවි. ඒකටත් ගිහින් ඒ ගැනු දරුවට උදව් කරන්න කියල හිත හදා ගත්ත.
ගැනු අය ගැන කියනවට වඩා ගැනු අය අසරන කරන, පිරිමි මේ වගේ තැන්වල කොතෙකුත් ඉන්නව. රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙ හිටපු දිසාපති කෙනෙක් මේ වගේ වැඩ කලා. එක් වරක් ඔඩිට් කේස් එකක් ඇවිත් නිලදාරිනියකට ගැටලුවක් ආව. දිසාපති ඒක බේරුව. හැබැයි දවස් තුන හතරක් අර නිලදාරි අම්මට එයත් එක්ක යහන් ගතවෙන්න වුනා. හැබැයි එයා එක දිගට කවුරුවත් තියා ගත්තෙ නැහැලු. ඊට පස්සෙ ආයෙ අලුත් කෙනෙක්. කොහොම හරි අරයගෙ රැකියාව බේරුනා. මම හිතුවෙ පිරිමි කෙනෙක් වුනා නං මොකද කරන්නෙ කියල? එහෙනම් රස්සාව එතැනින් ඉවරයි.
හැබැයි මීට හාත්පසින්ම වෙනම් දෙයක් රත්නපුරරේ ප්‍රාලේ එහෙක වෙනවලු. එතැනට රියැදුරු කවුරු වුනත් ඒකෙ ප්‍රදාන නිලදාරිනියක් එක්ක යහන් ගත වෙන්න බෝනස් එකක් ලැබෙනවලු. එහෙම බැයි නං එයාට ඉක්මන් මාරුවක් හදාගන්න එක මහලොකු දෙයක් නෙවෙයි.
ඉතිං කැම්පස්වලට ගෑනුලමයකේ සුදුසු නං ගැනීම කොච්චර හොද වුනත් ලංකාවෙ වෙන්නෙ ලිංගික අල්ලසක් ලෙස මෙවැනි අකටයුතු කං සිද්ද වීම. ඒත් ආයතනික මට්ටමින් මේ වගේ දේවල් වෙන එක පිරිමි ලෝකයටවත් ගැනු ලෝකයටවත් හොද දේවල් නෙමෙයි. පිරිමිත් ගැනුත් මහන්සිවෙලා යමක් ලබා ගන්න රටක් වෙන කං අපි බලා ඉමු.
Tuesday, September 8, 2015
රාජ්‍ය සේවය
ටොස් ටොස්
ටොටස් ටොස්
බෝනික්කියක්
සුවද විලවුන් සුවද ඉසිමින් හාත්පස
සිනා සලමින් බිමට
ටොකස් ටොස් ටොකස්
ටොක ටොක ටොකස්
සාරියක් ඔතපු බැරල් එකක්
රත්රන් රාමු උපැස් යුවලක්
ඩස් ඩස් ඩඩස්
ඩඩඩස් ඩස් ඩඩස්
බඩක් විතරක්
ලබ්බක් උඩට හයි කරපු
මහඇමතිලු
ඔලුව නමන් කුද ගැහිල
පොලිසියත් අන් හැමමත්
මුලු දවසමෙ
බලන් ඉදල
ගිය වැඩේ කරගන්න බැරුව
මල්ලත් අරන් බැස්සා
පලාත් සබාවෙන් එලියට....
ටොටස් ටොස්
බෝනික්කියක්
සුවද විලවුන් සුවද ඉසිමින් හාත්පස
සිනා සලමින් බිමට
ටොකස් ටොස් ටොකස්
ටොක ටොක ටොකස්
සාරියක් ඔතපු බැරල් එකක්
රත්රන් රාමු උපැස් යුවලක්
ඩස් ඩස් ඩඩස්
ඩඩඩස් ඩස් ඩඩස්
බඩක් විතරක්
ලබ්බක් උඩට හයි කරපු
මහඇමතිලු
ඔලුව නමන් කුද ගැහිල
පොලිසියත් අන් හැමමත්
මුලු දවසමෙ
බලන් ඉදල
ගිය වැඩේ කරගන්න බැරුව
මල්ලත් අරන් බැස්සා
පලාත් සබාවෙන් එලියට....
Subscribe to:
Comments (Atom)