Tuesday, October 25, 2016

ඊ ලගට


එක්තරා අදුරු යුගයක් පහු කරමින් අලුත් අදුරු යුගයක් උදා වුනා. උදා වුනා කිව්වත් ඇත්තටම  ඒක උනේ බහුතරයක් බුද්දිමත් මිනිස්සුන්ගෙ මැදි හත් වීම මතමයි. තමන්ම නිර්මානය කල අදුරු යුගය පෙර යුගයට වඩා හොදයි කියල කියන්න හරි නැත්තං අදුර තුල නිමග්නව සිටි සාමාන්‍ය ජනතාවට අලුත් අදුර පරන අදුරට වඩා වෙනස් වෙන හැටි කියන්න සිද්ද වුනා. වැඩි දෙනෙක් කලේ නිහඩව සිටීම.
මේ අතර ලෝකයේ හැඩය ටික ටික වෙනස් වෙන්න පටන් ගත්ත. විද්‍යාඥයෝ අනාවැකි පල කලා ලෝකය වේගයෙන් ඇලවේගෙන යනව කියල. මේ නිසාම සීත රටවල් උෂ්ණාධික රටවල් වෙන්නත් උෂ්ණාදික රටවල් සීතල වෙන්නත් පටන් ගත්ත. මේ නිසා මෙතුවක් කල් පැවති සංස්කෘතික ලක්ෂන වේගෙයෙන් විතැන් වෙන්න පටන් ගත්ත. සීතල දේශගුනය අනුව හැඩගැහෙන්න ආසියාතික හා අප්‍රිකානු රටවලට සෑහෙන්න කාලයක්  ගතවේවි. ඒත් ඒ අය සිතන පතන හැටි පවා වෙනස් වෙන්න පටන් ගත්ත. ලමයි හදන ප්‍රමානය ආගමික මති මතාන්තර හැමදේම.
ලංකාව රුසියාව පිහිටි තැන තමයි ස්ථාන ගත වුනේ. රුසියාව චීනය සමකාසන්න රටවල් වුනා. මෙපමන කලක් යුරෝ කේන්ද්‍රීයව පැවති මැනුම් රටාව ග්‍රිනිච් රේඛව තවදුරටත් ඒ තැන්වල තිබුනෙ නැ. ඒවට විකල්ප ක්‍රම හදා ගන්න හැමෝම ඉක්මන් වුනා. මේක සංක්‍රාන්ති සමයක්.
තව අවුරුදු පහකින් සජිත් ලංකාවෙ පාලකය වෙනව කියල අනාවැකියක් රට හැම තැනම පැතිරිලා ගියා. ‘ඒක හරියාවි. රනිල් දිනයි කියල හිතපු නැති කාලෙක තමයි එයා රජවෙනව කීවෙ. 2030 ඒ අතින් තීරණාත්මක වේවි. ‘
ඒත් මේ වෙනකොට ලංකාවෙ ඇරෙන්න වෙන එකම රටකවත් පක්ස දේශපාලනයක් තිබ්බෙ නැ. ඒක තවදුරටත් නඩත්තු කරන්න ප්‍රජාතන්ත්‍රවාදයට බැරි වුනා. ඒ වෙනුවට සාමූහික රාජ්‍යයන් බිහිවෙන්න පටන් ගත්ත. රටවල හැමදේම ඉහල මන්ඩලයකින් තීරනය වුනා. සාමාන්‍ය රාජ්‍ය සේවයන් එපරිද්දෙන්ම සිදු වුනත් ඒ හැමදේකටම මිනිස් ශ්‍රමය ඉතාම අඩුවෙන් තමයි ඕන උනේ. ටික ටික මිනිස් ශ්‍රමය නොවැදගත්ම දෙයක් බවට පත් වුනා. මොනවද ඇත්තටම අපි කරන්න ඕන. මිනිස්සු හිතන්න පටන් ගත්ත. හිතන්න හිතන්න ඒක මහ අවුලක් වුනා. මිනිස්සුන්ගෙ ඇගවල් පුංචි වෙලා ඔලු ලොකු වෙන්න පටන් ගත්ත. ඒකත් පරිනාමවාදය අනුව වෙච්ච දෙයක්. ජිරාෆ්ලගෙ බෙල්ල දික් වුනා වගේ. ස්වබාවික මොල තියෙන මිනිස්සුත් කෘතිම මොල තියෙන මිනිස්සුත් කියන වර්ග දෙක අතර ගැටීම් මතුවෙන්න වැඩි කාලයක් ගියේ නැ.
ඊට පස්සෙ මොක වුනේ. යාපනේ තව රන්ඩු වෙන මිනිස්සුන්ට ඉන්න බැරි වුනා. මේ වනකොට ඉන්දීය සහයෝගයක් තිබ්බෙ නැ. ඉංදියාව ආක්ටික් ඇන්ටාක්ටික් වගේ වුනා. අලුත් හිම යුගයක් ඒ රාජ්‍යයන් මත ග්ලැසියර වෙමින් තිබුනා. අලුතින් ඇති වුන බුමි බෙදා වෙන් කරගන්න ලෝක සම්මුතියක් ආව. අලුත් සිතියම් හදන්න ඕන උනා. ලෝකයම හරියට බිසී වුනා. ලංකාව විතරක් මේ තරගයෙන් බේරිලා පුරුදු ඡන්ද ක්‍රමයම අනුගමනය කලා. හිනා වුනා. කැව බිව.
ඊට පස්සෙ. ඊට පස්සෙ දවසක තමයි අහම්බෙන් මට ඔයාව හම්බ වුනේ. ඔයා ඇමරිකාවෙ ඉදල පරන රුසියාවට සංක්‍රමනය වෙන බෝට්ටුවක ඇවිත අනාත නිවාසයකට ඇවිත් හිටිය. මතකද? ඔයාව මම දැකපු පලමු මොහත. අකුනු සැරයක්වගේ.
සරනාගත ජීවිත දහස් ගනනක් මුහුදට බිලි වුනා. පරන යුරෝපීයයන් සරනාගත කදවුරුවල අදුරු ජීවිත ගෙවන්නට පටන් ගත්ත. නැවත ඔවුන් වහලුන් කම්කරුවන් ලෙස අලෙවි වුනා. මේ අතර ඔවුන් නව යුරෝපීය අධිරාජ්‍යවාදයට විරුද්දව සටන් කරන්න ලියන්න තර්ක කරන්න පටන් ගත්ත.  ඔයා කියපු විදියට නව යුරෝපීයන් හරිම නරකයි. මානුශික නැ.
‘‘ශිත කදුකර මීදුම අධිකයි පමා වුණෙමි සොදුරේ‘‘ කියල ගහපු සිටිබි බසය හිමින් හිමින් හිමින් හැටන් බලා ගමන් කරන්න පටන් ගත්ත.

Wednesday, October 19, 2016

හකාවතී: කියවල අඩන්නද? හිනාවෙන්නද?



ඩෝසන් ප්‍රීතිගෙ ‘හකාවති‘ කියවල ඉවර වුනා. වෙනම කල්පිත ලෝකයක් කියල එයා මුලින්ම කියල තමයි කතා පටන් ගන්නෙ. ඒත් මේ කතාව සිංහලෙන් ලියල තියෙන්නෙ. බහුතරයක් සිංහල පාටකයො කියවන්නෙ. ඒ අයට මේ කියවන්නෙ අපි ඉන්න ලංකාව කියන අද්භුත රට ගැන හිතන එක නවත්තන්න ප්‍රීතිට බැහැ. එයා එහෙම කියන එක මුලු පොතටම අදාල නිර්වචනයක් ලෙස ගත්තොත් අපි ලංකාවෙ වෙන සිදුවීම් ගැන දැන් හිතන හැටි එහෙම තමයි. තමන්ට වෙනකම්ම ඕනම බරපතල කාරනයක් නොදැක්ක ගානට, වෙන ලෝකෙක වෙන දෙයක් ගානට හිතන්න අපි පුරුදුවෙලා ගොඩක් කල්. අපි හැමෝම ‘ඔබ නැතුව ඔබ එක්ක“. මම නැතුව මම එක්ක.
ප්‍රීතිගෙ කතාවල වාක්‍ය හරිම දිගයි. හරියට ජාතක කතාවල වගේ. එක්කොත් එක ඡේදයක් එක වාක්‍යයක්. නැත්තං වාක්‍ය දෙකක්. එහෙම නැතුව ලියල තියෙන කතාවක් නම් ඒ අවස්තානුකූල වර්නනයක්. පස්වෙනි කතාව ‘මාරාව‘ ඒ වගේ කෙටි වාක්‍ය තියෙන කතාවක්. බුත්සරනෙ නාලාගිරි දමනය වගේ.
ඔහු සාමාන්‍ය සිදුවීමක් කවදාවත් නොවෙච්ච දෙයක් වගේ අපි ලව්ව කියවනව.
“මම සරම කඩල දමල චීත්තෙත් එකපාරින් කඩල දැම්මා. ඉර එලිය යම්තමට වලාකුලු අස්සෙන් ගන සැරේට විහිද විහිද තිබ්බ මොහොතකට විතර. චීත්තෙ තිබ්බ මල් පොහොට්ටු හතර වටේ පදුරුවල පිබිදුනා වගේ මම දැක්කෙ අහසෙ විදුලි කෙටුමකුත් එක්කලම. යටිකය නිරුවස්තරේ එයා බිමට වකුටු වුනාම පිටිපැත්තෙ කොදු නාරටිය තට්ටමෙ දෙබෙදුමට පැතිරිච්ච හරිය ඉර බහින මූකලානෙ කදු පන්තිය වගේ දිස්නෙ දුන්න ආලෝකෙට...“
ඉතිං මේව ජාතක කතා නොවෙන්නෙ ඇයි? මේ කතාවල ඉන්න අයත් කවදහරි බුදුවෙන බුදු පැල නෙමෙයිද? මිනිස්සුම නං බුදු වෙන්නෙ...... ලෝ වාසී සියලු බුදු වරුන්ට මාගේ නමස්කාරය වේවා. අයිසිස්/අමෙරිකන්/නාසියන්/ලාමාවරුන්/ හීනයානිකයන්/ මහායානිකයන් හැමෝම බුද්ධාංකුර. කිසිම කෙනෙක් සුවිශේෂිවත් නොවැදගත්වත් නොවන බව ප්‍රීති නොකියා කියනව.
ප්‍රීතිගෙ ප්‍රීති වාක්‍ය හරිම දුක්බරයි. මිරැන්ඩාගෙන් පටන් ගමු. මිරැන්ඩා වගේ ගැහැනියක් ලංකාවෙ පිරිමියෙක් ඇත්තටම බාර ගන්නෙ කොහොමද? පක්ශෙ වැඩ කරන, රෑ දොලහට ගෙදර එන ගෑනියක්. ස්වාධීන චරිතයක්. කේතලයක්, රෙදිසෝදන යන්ත්‍රයක්, ලමයි හදන කිරිදෙන මැශිමක්, සැමිය කියන දේ අහගෙන පවුල රැකගෙන ඉන්න දෙනෝදාහක් ගෑනු මැද්දාවෙ මිරැන්ඩව අපි බාර ගන්න ලෑස්තිද?
ප්‍රීති දුකෙන් අහන ප්‍රශ්නය අපිට තේරුම් ගන්නම වෙනව අකමැත්තෙන් වුනත්. සදලතා නිශ්ශංක හා වන සම්බන්දය අතිශය මානුශික වුනත් මිරැන්ඩා වේසියෙක් නොකර නිශ්ශංකට හිතන්න බැරි වුනා. සදලතා එක්ක සම්බන්දය සාදාරන වෙන්න නම් මිරැන්ඩ වේසියෙක් කියල හිතවගන්නම වෙනව නිශ්ශංකට. අපි හැමෝම අනියම් සම්බන්දතා නියම් කර ගන්න මානසික වේසයො සහ වේසාවියෝ නිර්මානය කර ගන්නව. නිශ්ශංකට වෙන්නෙ ඒක. ඒක අපේ සංස්කෘතිය අපිට දායාද කරන දෙයක්. ඒ සංස්කෘතිය තවදුරටත් පවත්වාගෙන යාම මිරැන්ඩල එක්ක ඉන්න මිනිස්සුන්ට කරන්න බැහැ. හොදම දේ සදලතා කෙනෙක් හොයා ගන්න එක. ඒක කරන්නත් සංස්කෘතිය ඉඩ දෙන්නෙ නැහැ. කතා හදනව. සදලතයි දරුවයි බාත්රෑම් එකේම කුනු වෙන්නෙ ඒකයි. ඒකයි ප්‍රීතිගෙ දිග වාක්‍ය හරිම ශෝක බරිත. ඒවායෙ තෙත් ගතියට සුහදයෙක්ව ඇදුම දක්වා ගෙන යන්න පුලුවන්.

ප්‍රීතිගේ මන:කල්පිත ලෝකය තුල ආයෙම කතා කරන්නෙ වත්මන් ලංකාවෙම අතරමං වුනු මිනිස්සුම නෙමෙයිද? ලංකාව කල්පිත ලෝකයක ඇතුලට දැම්මම ප්‍රශ්නෙ කැත නැතුව කතා කරන්න පුලුවන්. ලැජ්ජ වෙන්න ඕනිත් නෑ. ‘සුජාත පුත්‍රයන්ගේ වික්‍රමය‘ දෙවෙනි කතාව. මේක මාරාව කතාවෙ අනිත් පිටුව වගේ. කවි පැටියෙක් හදා ගන්න පියෙකු දරන වෑයමක් මෙහි විස්තර වෙනව. එක අතකට ඒක කුනු බක්කියක හැදෙන ලමයෙකුගේ කතාවක්. ඒක දූශනයක්. කවි පැටියගෙ තාත්ත දුශනය වුනු ගැනි ගාව (කවි පැටියගෙ අම්ම ගාව) එයාගෙ පහරකින් මැරිල වැටෙනව. මේ කතාවම රූපකයක් ලෙස ගත්තොත් ලංකාවෙ රාජ්‍යයට එරෙහිවන ඕනෑම කෙනෙක් ආන්ඩුව අතින් මැරෙන්න තියෙන සම්භාවිතාව ගැන කියවෙන්නෙ. කවියෙක් වුනත් විප්ලව කාරයෙක් වුනත් වෙනසක් නෑ. ලසන්තම, ලලිත් කූගන් වෙන්නම ඕන නැ. ඒ නිසා පරිස්සම් වෙන්න කියල දෙන වෝනින් එකක් ලෙසත් මෙය ගන්න පුලුවන්. ඒ හැබෑ ලංකාවෙ අයට දෙන පනිවිඩය.
සරච්චන්ද්‍රගෙ කල්පනා ලෝකයත් මේ එක්කම කියවන්න හිතුන. ඒත් මේ කතා යථාර්තවාදී රීතිය ඔබ්බවා ගිය සංකීර්න කතා. ඒව නැවත නැවත වෙනස් විදියට කියවන්න කියල කතුවරය ආරාධනා කරනව. නිදසුනක් ලෙස කතාවක් ඉවර වුනාම ගැහැනු නම්වලට පිරිමි නම් දීල ආයෙම කියවන්න වගේ. ඇත්තටම මුලු ලෝකයම ඒ විදියට කියවන්න පුරුදු වෙන්න ඕන. මේ හැමදෙයකම තියෙන උත්ප්‍රාසාත්මක වේදනාවක් ඒ හරහා මතුකරගන්න පුලුවන්. ජීවිතය මොනතරම් හිරගෙයක්ද?
ගූ ගොඩක ඉන්න පනුවො වගේ අපි ලංකාවෙ ඉන්නෙ. නැද්ද? නැත්තං සජිත්ල ඔය තරම් දේවල් කියයිද අපිට? යහපාලනය ගෙනාවෙ එස් බී වගේ කාලකන්නි පෙන්නල. යහපාලනය ආපු ගමන් ඒ හාදයව භාන්ඩාගාරික වුනා. ඒත් අපිට කරගන්න දෙයක් තිබුනෙ නෑ. අපි බලල්ලු ගලේ රුන්න. වහන්න බෑ. ඔන්ලයින් පාංශුකූල මේ ගැන කරන විකාර කතාවක්. මහචාර්යවරයෙක් සකස් කරපු වාර්තාවක්. ඒක මාර කතාවක්. අද්‍යාපන ක්‍රමය ගැන විස්තරයක්. පොත් නොකියවා පොත් ගැන කරන විචාර. ඒවට දෙන සම්මාන. මේ අප්‍රසන්න නරාවල ගැන ලංකාව ගැන කරනවිස්තරයක්. පොත් නොකියවා පොත් ගැන කතා කිරීමේ පාඨමාලාව, සියදිසි නසා ගැනීමේ පහසු ක්‍රම ආදී අද අප විදින දුක හිතෙන ජීවිත කතා ගැන කරන කතා නැවත නැවත අපි ගැන අවධානය යොමු කරවනව.
ඊවා ලුනා සහ අනුර ඉතා පරිස්සමින් කියවන්න ඕන කතාවක්. කතාවකින් එලියට පනින චරිතයක් ඇත්ත ලෝකයට එනව. සදකඩපහන මේ පොත ගැන එයා කරන විවරනයක් කියල මට හිතෙන්නෙ මොකද මන්ද? කිසිවක් පිලිබද පුර්ව මතයන් සම්මතයන් කොතෙක් තිබුනද ඒ පිලිබද තවත් කතාවක් ගොතන්නට එය බාදාවක් කර ගන්නෙ මොකටද? අලුත් විදියට ජීවිතය කියවිය යුතු නොවෙයිද? ප්‍රීති. ඔයා නං මාර බඩ්ඩක්. අපිව නිතරම අතරමං කරවනව.

ඇය ශෝකී නම් වු ඇස්ටරොයිඩයයි. මේ කතාව මේ පොතේම සාරාංශය. දේවල් සිදුවෙනකං බලං ඉන්නවා ඇරෙන්න මිනිසුන්ගේ දුබල ආත්මයන්ට කල හැක්කේ කුමක්ද? ලෝක විනාශයක් වෙන බවට දක්වන අනතුරු ඇගවීම් හමුවෙ මිනිසුන් කෙසේ ක්‍රියා කරනු ඇතිද? ඒත් අද දින තමන් තෘප්තිමක් කල හැකි යමක් සොයා යාම ඇරෙන්න ඔවුන් කල යුත්තෙ කුමක්ද? බඹයක් තරම් ශරීරය ලෝකය නම් අපි ලෝකය විනාශවන මොහොත ගැන අනාවැකි කුමට. ? අවසන ඇස්ටරොයිඩය කඩා වැටෙයි. ලෝකය අලුවෙයි.
“තව අරක්කු බෝතලයක් මිළදී ගන්නට සල්ලි සොයා බැංකුවක් කඩමින් හුන් ජිනදාසගේ ගෝනියේ වූ සල්ලි කොල ඔහුට පෙර අළු විය“.
අප සාදා ගත් ලෝකයන් හලු වන්නේද මෙපරිද්දෙන්. ඕනෑම මොහොතක එය විය හැකියි. සූදානමින් සිටින්න. මේ ශෝකී ඇස්ටරොයිඩ අප වටා කැරකෙමින් තිබෙයි. ඇති තරම් සව්දිය පුරන්න. විඩා නිවන්න. නටන්න. ගයන්න. ඔබ අලුවීමට ආසන්නයි.



Thursday, October 13, 2016

ලීල පුංචියි මායි- චිත්‍රපටයේ තේමා ගීතය


එකෝමත් එක කාලෙක.....
පල ගැටියෙක්.....
ගිනි දලුවක්
සිනි ගොඩක් ලග
ඇඹලයියෙක්.... 

ආසයි මං කිමි දෙන්නට ගිනි දුලු අතරින්
සීනි කන්දක් මැදින්.....
ගිනි දලුවක්.... පලගැටියෙක්....
සීනි ගොඩක්.... ඇඹලයියෙක්....

ඉතිං මැරුනම මොකද වෙන්නේ...
කවුද දන්නේ
මොකද වෙන්නේ...
කොහෙන්ද ආවේ...
නෑනෙ දන්නෙ....

දුකයි ද අපි ගැන...
ලිදත් මගේ... මමත් ලිදේ...

දුකයි ද අපි ගැන...

Friday, October 7, 2016

හොදම විදිය- (කෙටිම කෙටි කතා)



ඉතිං ඇයි ඔක්කොම විස්තර නොකියන්නෙ?
කෝ කියන්න දෙන්නෙ නෑනෙ.  
එයා දාල අවෙ ඇයි.?
ම්ම්ම්ම්..... එයත් එක්ක ඉන්න ඕන ඇයි කියල මම ගොඩාක් කල්පනා කලා. ඒත් මට ඒකට හේතු හොයා ගන්න බැරි වුනා. එයා කියන විදියට මට ඉන්නත් බැරි වුනා.
කොහොමද එයා ඉන්න කිව්වෙ?
එයා කියන විදියට මම වැරදි ගොඩාක් කලා.
කියන්නකෝ....
වැඩ ඇරිල වේලාසන එන්න බැරි වුනා.
සමහරක් වෙලාවට යාලුවන්ගෙ ගෙවල්වල අවුරුද්දකට දෙපාරක් විතරවත් නොගිහින් රැයක් ඉන්න විදියක් තිබුනෙ නැ. ඒත් මම නොගිහින්ම බැරි වෙලාවට ගියා.
තවත් දවස්වල මම ආසම කරන තැන්වල කොහොමහරි රවුමක් දාල ගගක බැහැල පොඩි අඩියක් දාගන්න වෙලාවල් තිබුන. ඒත් ගෙදර ඇවිත් ඒ වරදට සතියක් විතර විදවන්න වෙනව.

අම්ම හම්බවෙන්න ගියත් ඒ තරම් කැමැත්තක් නැ. එයාට ඕන හැමවෙලාවෙම මම ගෙදර ඉන්න. ගෙදර. ගෙදර. ගෙදර. ඇත්තටම ගෙදර තියා ගෙදර කියන වචනයටවත් මම කැමති වුනේ නැ.
දැනුත් වමනයට එන්න වගේ. කෝ ඔයා මේ පැත්තට හැරෙන්න. මට ටිකක් ඔයාගෙ පපුවට තුරුල් වෙන්න ඕන.
අනේ රිදෙනව. හපන්නෙපා.
ඔයා දන්නෙ නැ. අපේ නැන්දම්ම කීව කතාවක්. එයා කියන විදියට කොල්ලන්නට පොඩි කාලෙ ඉදලම තනේ පේන්න බෑලු. හැටියක්ලු ඒක. ඒක හින්ද ඔයා ඒ ගැන වැඩිය හිතන්න එපා.
මම හැමදාම අහනව එයා කැමතිම විදිය කියන්න කියල. ඒත් එයා උඩ බලාගෙන හිනාවෙලා ඇස් පියා ගන්නව. සිහින් කෙදිරියක්. එපමනයි. අඩුම මදි කියලවත් කියන්නෙ නැ. ආසියාවෙ හැටිද? ඉතිං මම කැමතිම විදිය ගැන එයාට කියන්න වෙලාවක් මට හම්බුනේම නෑ.
පස්සෙ.. කාලයක් ගිහින් අපි යාලුවො වෙන්න තීරනය කලා. එදා ඉදල අපේ ප්‍රශ්න ගොඩාක් අඩු වුනා. ඇත්තටම ආදරය කරන්න නම් එක ගෙදරක ඉන්නැතුව මාසෙකට සැරයක් හම්බ වෙන ක්‍රමයක් හොයාගන්න වෙනව.
ඒකද ඔයා මාව මාසෙකට සැරයක් හම්බ වෙන්නෙ.
කෝ ඔය ජනේලය අරින්න. මී ගමුව වෙරලෙ හුලගට ඔයාගෙ තනපුඩු සිඹින්න. ඒ ලුනු රස මට උරන්න පුලුවන් එතකොට.
ඔව්. පැය දෙක තුනක් ඉන්න එක ඔයාටත් නැවුම්. මටත් නැවුම්. ඒ නැවුම් පුසුඹයේ මතක එක්ක තවත් දවස විසිගානක් ඉන්න එකත් නැවුම්.
ඉතිං. මාව හපන්න. පොඩික රන්න. පිරිමියෙක් වගේ හැසිරෙන එක මට එපා වෙලා තියෙන්නෙ. මේ තියෙන්නෙ ඔයාගෙ සුයාමය. ඔයාගෙ හෝරාව. මාව ගිලින්න ඔයාට බැරිද? ගුඩුස් ගාල. කෝ දෙන්න ඔය බියර් බෝතලය. කෝප්පයක් එපා. ඔයා බොන ඒවායින් ටිකක් මටත් දෙන්න. මුව මී බොන්න ඕන එහෙම.
ඒත් මට වෙලාවකට වරදකාරී හැගීමක් එනව. එයා මට ඇත්තටම ආදරය කරන්න ඇති. මමත් එහෙමයි. ඒත් එකම රටාවකට ඉන්න පුලුවන්ද?

මම වැඩියම කැමති ඔයාගෙ තට්ටමේ මේ ඇදල තියෙන මේ මලට. හපන්නද එතන?