අපි හමු
වෙමු ද
එයා ඇහුව
බැහැ කියන්න
පුලුවන්ද
හරියටම පෝය
දවසෙ
හඳවල් දෙකක්
පායන්නයි යන්නෙ
හදවත වෑ ඉවුරක් වගේ වුනා. ඇත සඳ එලියෙ
රැලි නඟන වැව් දිය. මෑත සඳ එලියෙ ලා අඳුරු කහ පැහැති ඉස්මත්ත.
හදවත වෑ ඉවුරක් වගේ වුණා
ඈත සඳ එලියෙ
රැලි නඟන වැව් දය
මෑත සඳ එලිය
නාන ලා කහපැහැති අඳුරු වැව් ඉස්මත්ත
අපි කොහෙද
හමු වෙන්නේ
ඒක තමය
ගැටලුව පෙම්වතුන්ට හමුවෙන්න පුලුවන්ද මෙහෙ
අවසාන තීරණය
සංසාරාරණ්යෙය්
දඩයක්කාරයා බලන්න
රෑ ඉන්නෙ
යාලුවෙකුගෙ ගෙදර
හඳ එළිය
වැටෙන උඩතට්ටුවක
ඒක පට්ට
කතාවක්
අපි එක එක
විදියෙ දඩයම් කරනව
එකක් පස්සෙ
එකක්
බැරි වුන දඩයමේ
තමා හැම වෙලාවෙම රසම දේවල් තිබ්බෙ
අපි
හෝන්තුවාවෙන් වගේ එලියට ආව
හතරවටිං
අඳුර වැටුන
එයාට ඔලුව
රිදෙනව කීව
ඉක්මනිං එයාට
කලාන්තෙ ආව
වීල් එකෙන්
කොළඹට
කොළඹින්
මුල්ලේරියාවට
එයා එහෙන්
දිව්‍යලෝකයට ගිහිං තිබ්බ
ආයෙ
බලන්නවත් හම්බුනේ නැහැ
කොරෝන
රෝගයෙන් මියගිය පළමු කෙනා ලංකාවෙ
එයා මගේ
පෙම්වතිය
(විරාම ලක්ෂණ
හොයන්න එපා එයා තාමත් මගේ පෙම්වතිය නැවතීම් තිත් නැත්තෙ ඒකයි)