Wednesday, February 27, 2013

ගුරුතුමාට ආදරයෙනි,

ගුරුතුමාට ආදරයෙනි,

දුරයි බොහොම
හැම දේම
ලගවගේ දැනුනාට
ඔයත් ඒ වගේ
හිත් ආකහේ
ආඩම්බරයෙන් තාම
හුලගට ඇදුන
සරුංගලයක් .
නූල විතරක් අතේ
ගුලිකරන් තදේටම
කේඩෑරි පොලව මත
මම මෙතැන.
තමාගෙ කර උඩට
ගෝලයන් අරගෙන
ලෝකෙ පෙන්නන
අර ගුරුතුමා එනකං.
එයා කිව්ව කවියක් තාම
හද පිනනවා හොදට

'පිළිවදනටවත් අවසර නොමගෙන
මගේ වදන් ඇසු සැවිය නුඹයි
හෙට දින තනනා මගේ කැදැල්ලේ
දරුවන් දිනනා සොදුර නුඹයි"

ඉතිං අයෙත්මෙහෙම
කුරුටු ගානකං විද්‍යුත් තැපැලෙන්
නවතිනව මං
බහිනව හුඹහ ගාවින්
කිව්වාම ඩ්‍රයිවර්
කොන්දාට කිව්වලු
බලාපං ඒ බැස්සෙ
නයෙක්ද කියල‍
කියන්න තරං කෘතිම දේවල්
නැති දුප්පත් ගමක
හැටි එහෙම නේද
මැද ගම වගේමත් අපෙ ගමෙත්
එහෙමමයි....
ඉතිං සතුටු නැද්ද
බහිනකොට
හුඹස් නැති
මෙල්බර්න් හරි සිඩ්නි හරි
ගුවන් තොටකට

ඒත් අපෙ වැඩේ
ඇගිලි ගනින එක‍
ආයෙම බහින්නට
ඉක්මනට හුඹහ ගාව
ගමේ ගෙදරට
අම්ම අප්ප
සීයල ආච්චිල වුණු

අදට මේ ඇති නේද
වෙහෙසයි ඇස්වලට
දැන් ඇති කියනව
ඒ හින්ද
බුදු සරණයි

Tuesday, February 19, 2013

මගේ බුදු සමින්දේ

සත් වෙත් මහත් අදර
කුලුනු මෙත්  යුත් නිතොර
සව් ලෙව් සතන් සසර
දුක්බිය නිවාලු‍
මගේ බුදු සමින්දේ
සිරිපා පියුම් වන්දේ

ඇදිවතක් අහරක් කිසිත්
නොලැබු අඩු කුල නිසා
පුතු සුනීතගෙ සෝක
සැනෙකින් නිවාලූ
මගේ බුදු සමින්දේ
සිරිපා පියුම් වන්දේ

පාලු සොහොනක අතැර
කාත් කවුරුත් අතැර
ගියදාක සෝපාක
ළදරු සිත බිය නිවාලු
දයා සෙත් සදාලූ
මගේ බුදු සමින්දේ
සිරිපා පියුම් වන්දේ



Thursday, February 14, 2013

ජීවිතය විඳින්න... හනි හනිකට එන්න....

රාස්සිගෙ අව්ව වැටුනු
ඉර ගල වැටුන විටදි
සිරි සිරි වැස්ස මැදින්
පායන දේ දුන්නක
පාට ගනින්න
හනි හනිකට එන්න

රෝස පාට දම් පාටට
නෙක නෙක රටා මවන
අලින් ඇතුන් අසුන් මසුන්
මාළිගා විමන්
රන්වන් වලාකුලක
ඇඳෙනවා බලන්න
හනි හනිකට එන්න

පසුකර නෙක බාදා
කෙත්වතු මැදින් ගලන
කිරිසිදු පැහැය රැඳුන
සිලිලාරක සුවය විඳින්න
කිමිදි කිමිදි පාවී යන්න
ජීවිතය විඳින්න
හනි හනිකට එන්න...


Friday, February 8, 2013

පුංචි කාලෙ මං නැටුවෙ එහෙම මං

කිරි කිරි බෝලේ
රැලි රැලි මාලේ
මේ ළමයා කොයින්දෝ
රෝස කැලෙන් ගෙනාවෝ
පුංචි කාලෙ මං
නැටුවෙ එහෙම මං
දඩිං බිඩිං ඩොං
වැටුනෙ එහෙම මං

අතුරු මිතුරු දඹදිවතුරු
රාජකපුරු හෙට්ටියෝ
අලුත ගෙනා මනමාලිට හාල්පතක් ගරාලා
උඩහ ගෙටත් බෙදාලා
පහළ ගෙටත් බෙදාලා
පුංචි කාලේ මං
නැටුවෙ එහෙම මං


උච්චි උච්චි 
ටෝල් ටෝල්
පිල් බෙදුනේ මං
එහෙම තමයි මං

හැංගි මුත්ත හැංගියෝ
නොපෙන තැනක හැංගියෝ
පුංචි කාලෙ මං
හැංගෙනවා මං
පුංචි පුතුට මං
කියල දෙනව දැං