Friday, June 29, 2012


“ගzzසල්” ආදර කව
හද නිවන
සිත නිවන
සංගීත සුයාමය
වෙඩි හඩින් නිමාවුන
තවත් එක් කතාවක
කදුලු තිත් කඩ ඉරකි.
දෙවියන්ම දුන් දූ පුතුන් අතින්
දෙවියන්ගෙ දේපොල
සුනු විසුනු වී යයි
දෙවියන්ගෙ නාමයෙන්.
තර්ක සතරේ එක් තර්කයක්
මතකයට නැගෙයි නිතින්, ඉතිං
“සියලු මිනිසුන් මැරෙන සුලුය
ප්ලේටෝද මිනිසෙකි
එබැවින් ප්ලෙටෝද මියෙයි”
සාධනය කල පසුව
“ගzzසාල්”ද දෙවියන් විසින් මවන ලද්දි
එබැවින් දෙවියන් සතුය
තුවක්කුව අතැතියාද එසේමය.
එබැවින් ඔහු මරන ලද්දේ
“ගzzසාල්” නොව, දෙවියන් ය.

කදුලු දෙකොපුල් සිප                ගනී
දෙවොල ගිනි කරුවල               වුනී
‘වෙඩිල්ලක හදවත                   ඇනී
දෙවියො පාමුල වියො               වුනී’

දෙවියන් ගැන බැතිය හද අඩු වුනා                     වද
දෙවි ලෙස සිටිය යකුහට බිලි වුනා                     වද
රූ මන නදට කට වහ දොස් වුනා                       වද
අහිතක් නොවුන හිතකට මක් වුනා                    වද

ඉර පායා ඉර මුදුනට එන්න                                           එපා
තරු පායා ගන කලුවර මකනු                                        එපා
මිය ගිය ‍රටේ සත්සර නද දෙන්න                                  එපා
නුඹ නැති ලොවක පොප් ගීයක් ඇසෙනු                        එපා

පිය පිය සෙනෙහසින් ලග සිටි                    දයාවෙනී
පිය සිය බිරිය ලෙස කල් ‍ගෙවු              සෙනෙහසිනී
පිය සිය හඩින් ලොව පිනවූ                         සත්සරනී
පිය පිය හඩ ගොලුයි වෙවුලයි වෙඩි                 හඩිනී

‘වෙඩිල්ලක හදවත                   ඇනී
දෙවියො පාමුල වියො               වුනී’

Tuesday, June 19, 2012


UNDERTAKER

It was a cool night.

i was alone with my wife

My lovely lively bird

“a birdy in the hand

Worth than two in the nest of zoo”

Suddenly

The moon come shining

to the sky

sky.. not just a sky

was a “blue” sky

no clouds

no sounds



then the birdy

said i want to leave

in that cool night

i was the undertaker

digging my heart

to bury

my memory


Friday, June 15, 2012

“නිරුවත් දෙවිවරු”

“නිරුවත් දෙවිවරු”
“NAKED GODS”

දන්නෙවත් නැති
අහලවත් නැති
එකෝමත් එක රටක එක දවසක්

දන්නෙවත් නැති
අහලවත් නැති
එක්තරා කෙල්ලක්

දන්නෙවත් නැති
අහලවත් නැති
එක්තරා කොල්ලෙක්


දන්නෙවත් නැති
අහලවත් නැති
රස කතා මල්ලක්
සිහින මල් රොත්තක්
දෙපා මුල තියලා

දැකලවත් නැති
හීනෙකින්වත්
පිරිමි කමෙ ඇඟ
හිමින් පිරිමදිමින්
නෑඹුල්ම නෑඹුල්
කෙල්ලගෙ දෙපා මුල ඇදුනා
අන්ධකාරය නිලංකාරව
සෑම තැන ඇඳුනා

එකෝමත් එක මේ රටේ දවසක්
එකෝමත් එක කෙල්ලක්
එකෝමත් එක කොල්ලෙක්
වහ බීල මැරුණා
දෙමාපියවරු අකමැතිම හන්දා

එකෝමත් එක
අඳුරු එක දවසක්
ඔලුව නැති සිරුරක්
කුනු කානුවක තිබුනා
නාඳුනන හංවඩුව වැදුනා

ඒ එකෝමත් රටේ කලු දවසක්
එකෝමත් එක තානායමක දවසක්
සුදුම සුදු සුදු කෙල්ලක්
පුරුෂ ඇඟ ඔබලා
දෙස් පාලුවෙක් කියලා
මරා දා තිබුනා
දුකම දුක හිතුනා

එකෝමත් එක මේ රටේ
ඇමති කඳ බඩ ආර‍තේ
තීරණයි ගත් හිතු මතේ
නීතියත් උන්ගෙම අතේ
දේශ ආලය කට මැතේ

නීතියේ කන්‍යාවී
තවදුරටත් එහෙමම නොවේ
“සියලු දේශපාලකයෝ
ඇයව දූෂණය කළහ”

එකෝමත් එක මේ රටේ
එකෝමත් එක මිනිසුනේ
පෙර මෙහෙම නෑ කියමිනේ
මියෙමු සග සැප පතමිනේ