මැලේරියාව
ගම්පෙරළිය
පොතේ ජිනදාස වෙලඳාමට සිංහලේ ගියා. ඊට පස්සෙ මැලේරියාව හැදිල එයා මැරුන කියල ආව
ආරංචියට පස්සෙ තමයි නන්ද පියල් හා විවාහ වෙන්නෙ. ඉතිං ඔය කියන කාලයේ ලංකාව පුරා ඒ
දරුනු වසංගතයෙන් සෑහෙන පිරිසක් මිය ගිහින් තියෙනව.
ස්ථානය
ඈත පිටිසර
ගම්මානයක් වුනු බලංගොඩ කල්තොට පුංචි පාසලක්.
විවිධ
වයස්කාන්ඩවලට අයත් ලමයින් රාසියක් සෙල්ලම් කරමින් එහෙ මෙහ අත දුව යයි. ගුරුතුමියක්
එක් පන්තියක ද තවත් පන්තිය ක පිරිමි ගුරු වරියක් ද උගන්වයි.
මේ අතර ගමේ
මිනිසෙක් තඩි පොළඟෙක් ඔසවා ගෙන පාසලට පැමිණ ලෙකු ඉස්කෝලෙ මහත්තයා හමු වෙයි.
‘‘ලොකු
මහත්තයෝ. මෙන්න මේක, අපේ හේන ඉහත්තාවෙ ඉඳල අල්ල ගත්තෙ. ලමයින්ට පෙන්නන් හොද දෙයක්
හන්ද මං උස්සන් ආව.“
ආ ඒක හොඳයි.
ලමයිනේ, ඔය
ඔක්කොම වැඩ නවත්තල එන්න. මේන්න බලන්න අප්පුහාමිගෙ හේන ඉහත්තාවෙ හිටපු පොලඟ. අද අපි
මෙයා ගැන විස්තර කතා කරමු.
ඒ කතා කල
විස්තර සේරම ලොග් සටහන් පොතේ ලියල ඉවර වෙනකොට හවස පහට විතර ඇති.
වැඩ ඉවර වෙලා
පහල දොලට ගිහින් නාගෙන ආව ලොකු මහත්තයට ඇඟට ලොකු තෙහෙට්ටුවක් දැනුන. පෑවුම බොහොම
තදේට තිබුන. ගස් වියලිලා ගියා. උදේට එන දරුනු හීතල ගම්මානෙ පුරා මිනිසුන්ව ලෙඩ
කලා.
අලුත් සතියක
ආරම්භය
උදේම ඉස්කෝලෙ
පටන් ගත්තා. එද විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වෙන දවසක්. උදේ රැස්වීමෙදි ලොකු
මහත්තය ලමයි හැමෝටම ඒ බව දැන්නුව.
දෙමාපියො
ගම්මු කිහිප දෙනෙකුත් සහබාගි වුනා දවල් වෙනකොට. ළමයි මහන්සියෙන් වගා කරපු මඤ්ඤොක්ක
වගාව ගැලෙව්වෙ හැමෝගෙම හිනා මැද්දෙ. ඒව
ගලෝල හෝදල තම්බල දවල් ආහාරයට ගන්න සකස් කලා. මුලු ඉස්කෝලෙම ලමයි හිනා වෙවි තමන්ගෙ
මහන්සිය ගැන පුරසාරම් දොඩවන්න තවත් කෙනෙක් හොරෙන් කැලේට ගිහින් අලයක් දෙකක්
පුච්චන් කන්න.... මේ හැම දෙයකින්ම පාසල ජීවයෙන් පිරිල ගියෙ. ලොකු මහත්තයටග හදවත්
සතුටින් ගැහෙන්න පටන් ගත්ත.
දුශ්කර පලාතකට
පැමින තම බිරිදත් සමග ගෙවන අනාරක්ෂිත ජීවිතය මේ තරම් කුල්මත් එකක් වේවි කියල එතුමට
කවදාවත් හිතුනෙ නැ. ඒත් තමනුත් බිරිදත් ගම්මුන් හා බැදුනු බැම්ම ඒ ගමෙන් පිටවෙන්න
ඉඩ තිබ්බෙ නැ. ඒක කල්තොට ගමේ ලමයින්ගෙත් වාසනාවට වුනු දෙයක්.
ඊට පස්සෙ
සතියෙ සඳුද. පාඩම කරන්න ආරම්භ කලත් දිගටම කරගෙන යන්න අමාරු වුනා. පාතින් ගිය ගුවන්
යානයක් නිසා පන්ති වැඩ අතරමග නතර වුනා. පස්සෙ නූතන ගමනාගමනය ගැන පන්ති දෙක තුනේම
ලමයි දැනුවත් කරන විශේෂ පාඩමක් කලා. එදින ලොග් සටහන සම්පූර්ණ කරන්න වුනා.
.......
ඊට පහුවෙනිද.
යන්තම් හීනියට වැහි පොදක් වැටෙන්න ගත්ත. ඉස්කොලෙ පටන් අරන් වැඩි වෙලාවක් ගියේ නැ.
ඉවසන්න බැරි හීතලකුත් එක්ක ලොකු මහත්තයගෙ ඇඟ ගැහෙන්න පටන් ගත්ත. නෝන මහත්තය ඇවිත්
විස්තර අහල බෙහෙත් ගන්න යමු කිව්ව. බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට යන්න පයින් බැරි නිසා
කරත්තයක් හොයා ගන්න වුනා. අමාරුවෙන් ලොග් සටහන් පොතේ මෙහෙම ලිව්වෙ නෝන ලව්ව.
ඉස්කෝලෙ 9ට
වහන්න වුනා. මට උණ හැදෙන්න වගේ. ඇඟ සීතලට වෙව්ලනව. ‘‘
සතියක් ගෙවුන.
ලමයි දෙමාපියො මාරුවෙන් මාරුවට ලොකු මහත්තය බලන්න ගියා. උන අඩු වුනාට පස්සෙ ලොකු
මහත්තය ආයෙම උගන්නන් පටන් ගත්තා. ඒත් ඇඟපතට හරිහමන් සුවයක් දැනුනෙ නැ. එක දිගට වැඩ
කරගෙන යන්න උනේ නෑ.
ලොකු මහත්තය ආයෙම
ලෙඩ වුනා. එදා 11ට ඉස්කෝලෙ වහපු ලොකු මහත්තය ආයෙම ඉස්පිරිතාලෙ බෙහෙත් ගන්න ගියා.
ඊට පස්සෙ කවදාවත් ලොකු මහත්තයට ලොග් සටහනක් ලියන්නවත් දරුවන්ගෙ ජීවයෙන් පිරුනු
ජීවිත දිහා බලල සතුටු වෙන්නවත් ඉඩ ලැබුනෙ නැ.
******************
ගම්මුන්ට
තිබුන එකම ඉස්කොලෙ වැහිල මාසයක් වුනා. ලමයි උදේ වැඩට යන ගමන් ඉස්කෝලෙ දිහාව බලාගෙන
ගියා. ලොකු මහත්තය මතක් වුන හැම වාරයකම එන කඳුලු පිහදාන්න කවුරුවත් උත්සහ කලේ නැ. ඒව
මුන දිගේ රූටලා ගිහින් ලොකු මහත්තය මිහිදන් කල භූමිය සිපගත්ත.
තමන්ගෙ සැමියව
මේ තරම් ඉක්මට තමන්ව දාල යයි කියල හීනෙකින්වත් හිතල තිබුනෙ නැති ඉස්කොලෙ හාමිනේගෙ
තනියට ගමෙ ගෑනු කෙනෙක් හැමදාම ආව. මේ අතර ගම්මුන්ගෙන් බේරෙන්න බැරි කමට ආපහු
ඉස්කෝලෙ පටන් ගන්න ගුරුවරයෙක් එනකං වැඩ කරන්න ගුරුවරියක් නොවුනත් නෝන කැමති වුනා.
ලොකුමහත්තය නැති කාංසිය පිට කරන්න වෙන ක්‍රමයක් එයාට හිතාගන්න බැරි වුනා. මහත්තය
නැති ලෝකෙක ආයෙ නෑදෑයො ලගට යන්න එයාට හිත හදා ගන්නත් බැරි වුනා.
ආයෙම සඳුදාවකම
ලොකු මහත්තය නැති ඉස්කෝලෙ පටන් ගත්ත. එදා හවස ලොග් සටහන ලිව්වෙ මෙහෙම.
අද ආයෙම
ඉස්කෝලෙ පටන් ගත්ත. හිටපු විදුහල්පති මගේ මහත්තය මැලේරියාවෙන් මිය ගියා. මම ගුරුවරියක් නෙමෙයි.
ඒත් ගම්මුන්ගෙ ඉල්ලීම අහක දමන්න බැරි නිසා ලමයින්ගෙ අනාගතය ගැන සිතා නැවත රජයේ
ගුරුවරයෙක් එනකං වැඩ කරගෙන යන්න තීරනය කලා.
ඒත් ටික
දිනකින් නෝන මහත්තයටත් ලොකු මහත්තයගෙ අසනීප තත්වයම පටන් ගත්ත. ලොග් පොතේ ‘මටත් උන.
අද 12ට ඉස්කෝලෙ වහනව.‘ කිය ල ගිය නෝන ආයෙ ඉස්කොලෙට ආවෙ නැ.
**************
ඊට මාසෙකට පස්සෙ
අලුත් ඉස්කෝලෙ මහත්තයෙක් ආව කල්තොට ඉස්කෝලෙට. එයා වැඩ බාර ගත්ත. මේ එදා හවස එයාගෙ
ලොග් සටහන.
‘‘මම අද වැඩ
බාර ගත්ත. මීට කලින් වැඩ කරපු විදුහල්පතිතුමා මැලේරියාවෙන් මිය ගිහින්. ඊට පස්සෙ
ගුරුවරියක් නොවුනත් එතුමාගෙ බිරිඳ මෙම පාසලේ උගන්වන කටයුතු කරගෙන ගියත් අවසානාවන්ත
විදියට ඇයටත් මැලේරියා වසන්ගතය නිසා ඇයට මෙලොව හැර යන්න සිදුවී තිබුනා.“