සීතලම සීතලට
සීතලම සීතලට
දෙපා බිම තබනු බැරි
ගුලිවෙන්න තැනක් නැති
තෙතම තෙත
තෙමනට
පුංචි පැටවුන් එක්ක
සැගවෙන්න තැනක් නැති
යටවෙන්නෙ
නැති තැනක
නවතින්න පිනක් නැති
බැස යන්න වැහි වතුර
කම් කටොලු නිමක් නැති
අහිංසක උන්ය අපි
හෙටක් ගැන දන්නෙ නැති