කත්‍යානගේ නිලි වැස්සයි මඩවලගෙ ලොවිනයි ගැන දාපු කොමෙන්ටුව. ගෙම්බාගෙ කතාව
ඒත් කත්‍යානාගෙ පොත පලවෙනි උත්සහය හැටියට අගය කරන්න පුලුවන්. එපමනයි.
ඔන්න ගෙඹි අම්මෙක් හිටිය. ඊට පස්සෙ ගෙඹි පුතෙක් හිටිය. ඉතිං ගෙඹි අම්ම දවසක් උදේම කෑම හොයොගන ගියා. ඒත් එදා එයා ගිය තැන ගොඩක් වෙනස්. මොකද දන්නවද
අහම්බෙන් වගේ එයා ගිහින් තිබුනෙ රජ මාලිගයට. එයාට හැංගෙන්න තැනක් තිබුනෙ නැ. ඉතිං එයා ගිහින් පැන්නෙ රජ තුමාගෙ මගුල් පොකුනට. ඒත් එයාට හරි දුකයි. තමන්ගෙ ගෙඹි පුතා තමන් එනකං බලාගෙන ඇති කියල. එයා පුරා දින හතක් එක දිගට කෑ ගැහුව. මේ කරච්චලය නිසා උඩරට රජ්ජුරුවන්ට නින්ද ගියෙ නැ. ඉිතිං රජ තුමා රට පුරා අන බෙර යැව්ව මේ ගෙම්බ මරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනං කියන්න කියල.
ඉතිං එක ගමක ගම මහගේ කෙනෙක් කිව්ව ඒක කරන්න පුලුවන් කෙනෙක් ඉන්නව කියල. එයා ඒ ක කිව්වෙ තමන්ගෙ කම්මැලි පුතාගෙන් බේරෙන්න. ඒත් වුනේ වෙන දෙයක්.
අන්දරේ මාලිගාවට ගිහින් හොදට සප්පායම් වෙලා දුනු ඊ තල ගෙන්ව ගත්ත. ඒ පාර සද්දෙ ඇහැන පැත්ත බොරුවට කන තියල අහගෙන ඉදල මියෙම්වා රැකෙම්ව කියල ඊ තලයක් පිට කලා.
මගුල් පොකුනෙ හිරවෙලා හිටපු අර පුතා නැති සොවින් තැවෙන ගෙඹි අම්ම එයාගෙ පෙර කුරුමයකට ඒ ඊතලේම අැමිනුනා. එයාට පුතා බලන්න යන්න බැරි වුනා. අන්දරේට සද්ද විද්ද කියන නම්බු නාමෙ එක්ක රජ මාලිගේ කවටයා හැටියට පදවියක් හම්බ වුනා.
මේ අතර අර ගෙඹි පුතා අම්ම මැරුනු සොවින් මිය ගිහින් තිබුන.
ඉතිං මඩවලය මේක ලිව්වනං මේ ගෙඹි පුතා එකපාරටම ඇහැලෙ පොල දක්වා විතැන් වෙනව. මාලිගයට ගිහින් දේවියත් එක්ක නිරුවතින් හැසිරෙනව. පුලුමෙ කියන්නෙ දේවියගෙන් එන කිරිවලින් මේ ගෙඹි පුතා දවස් හතක් එක දිගට නානනව. දේවියත් මේ වෙනස්වෙන ගෙම්බට පුදුම විදියට ආදරය කලා. ඒත් රජතුමාට මේ වෙනසතේරුනෙ නැ. අන්තිමට දේවියට ගෙම්බට දාව රූ බර කුමාරියක් ඉපදේනව. හෆ්ෆා.... ඇති මේ ඉතිහාස කතාව. ඉතිං.... කත්‍යානා මොකද කරල තියෙන්නෙ?
No comments:
Post a Comment