Thursday, October 1, 2015

‘දෙමලාගේ ප්‍රශ්නය’ හා සී ටී බී ජංගිය


හරියටම හතරයි කාලයි. කොලඹ ඇඹිලිපිටිය සී ටී බී බස් එක. දන්නවද? ඔෆීස් ඇරෙන වෙලාවට යන බස්සෙකක සීට් එකක් හම්බෙනවා කියන්නෙ මාර වැඩක්. මාර සතුටක්. දවසක් වාඩිවෙලා හිටියත් බස්සෙකේ යන කොට ගන්න නැප් එක තරම් වටින යමක් හොයාගන්න අමාරුයි. වෙලාවට පස්‍සෙ දොරේ අයිනෙම සීට් එකේ එක්කෙනයි හිටියෙ. මම සුරුස් ගාල එතනින් වාඩි වුනා.එයා කලු පාටයි. උඩ රැවුල වවල. මම හිනා වුනා. එයත් හිනා වුනා. කියපු විදියට එයා විදුහල්පති කෙනෙක්. දෙමල ඉස්‍කෝලෙ. වැඩිය කතා ඕන නැනෙ. මගේ කෙටි නින්ද කතා අතරෙම ස්ටාට් උනා. හය්යෙන් ගහපු බ්රේක් පාරට මූන ගිහින් ඉස්සරහ සීට් එක ඉම්බ. ටිකක් වේදනාව වුනත් ලැජ්ජාවට ආයෙම නිදා ගත්ත වගේ හිටිය.


බෑග් එකේ තිබ්බ අලුතින්ම ගත්ත පොත. නිර්මාල්ගෙ ‘දෙමලාගේ ප්‍රශ්නය’. කියවන්න ගත්ත. ශහ්. මරු.


“දෙමලාට දෙමල වීම නිසා තිබෙන ප්‍රශ්නය අනෙකක් නොව දෙමළ වීමයි. නමුත් නලින්ද සිල්වා, චම්පික රණවක වැන්නන් බලාපොරොත්තු වන්නේ එවැනි පිළිතුරක් නොවේ..... (33 පිටුව.)

මම තාම කියවනවා‍. බස්සෙකත් මාර වංගු ගන්නෙ. තව පොඩ්ඩෙන් ත්‍රීවීල් කාරය බස්සෙක ඇතුලින් ගිහින් පිටිපස්සෙන් එනව. මම ආයෙම කියවනවා.
“මෙහිදී මා මතුකරන මූලික ප්‍රශ්නය වන්නේ මෙයයි. මෙම ප්‍රශ්නය තේරුම් ගත යුත්තේ දෙමලා සම්බන්ධ සිංහලයාගේ මනස් සෘශ්ටිය අනුව යමින්ද එසේත් නැතහොත් දෙමල ජනයා‍ගේ දේශපාලන හැසිරීම් පිලිබද ‘යථාවාදී’ තක්සේරුවකින්ද?”පොත තියන්නම හිතෙන්නෙ නැ හෆ්ෆා. ඇත්තටම දෙමල අය හිතන්න ඕන මේක සිංහලයන්ගෙ රට. මේක සිංහල සංස්කෘතිය. අපි ඒව පිලි ගන්න ඖන. ඒ අය වෙන්කරන තැනක සීමිත අවකාශයක ඔවුන්ගෙ දේවල්වල නොගැවී අපි ඉන්න ඕන. එහෙමද?මේ අතර නන්දාමාලනීගෙ සින්දුවක් හීනියට ලාවට වැක්කෙරෙනව.


“යදමින් බැද විලංගු ලා -මගේ පුතා රැගෙන යන්න

ඉදි කටු ඇන ඇගිලි තලා- දෙතිස් වදය පමුනු වන්න

අලුත් ලොවක් ගැන සිතීම- දඩුවම් දෙන වරද නම්

කුමට එරට අදිකරනය- නීතිය හා විනිසුරන්”

හ‍ෆ්ෆා. ඉතිං. දෙමල ගායිකාවක් දෙමලෙන් මේ ගීය කීවනම්... මොනතරං එපා වෙයිද සිංහල අපිට? අයෙම නිර්මාල්ගෙ පොතට හිත.චේදෙන් චේදෙ නිර්මාල් රසවත් කරනව. දැනුවත් කරනව. පරදෙමල්ලුද? පරසිංහලයොද?


“නමුත් මා ‘ඓතිහාසික නිජබිම්’ පිලිබද දෙමල ජාතිකවාදි කියා පෑම දකින්නේ සිය දේශපාලන අබිලාස සුජාත කරනය කිරීම සදහා ගොඩ නංවා ඇති මිත්‍යා ප්‍රබන්දමය ගොඩනැංවීමක් ලෙසයි. මා මේ ප්‍රකාශය කළ වහාම සිංහල ජාතිකවාදී කදවුරේ ප්‍රතිචාරකයින් ‘ඕක තමයි අපිත් කියන්නේ ‘ යයි කියනු ඇත. එසේ කීමට කලබල වීම අවශ්‍ය නැත. මා ප්‍රකාශ කරන්නේ ‘ඓතිහාසික දෙමල නිජබිම්’ පිලිබද ප්‍රවාදය මෙන්ම ඊට විරුද්දව සිංහල-බෞද්ද ජාතිකවාදි පාර්ශ්වයෙන් ඉදිරිපත් වී ඇති ‘උතුරු නැගෙන හිර සිංහල-බෞද්ද උරුමය’ පිලිබද ප්‍රවාදයද මිත්‍යා ප්‍රබන්දමය ගොඩ නැංවීමක් බවයි.”

කියවන්න උනේ එච්චරයි. බ්රාාාාාාං ගාල බස්සෙක ලොකු වංගුවක් ගත්ත. පොත බිම. ඒ එක්කම මාර වැඩක් වුනා. නන්දාමාලනීගේ සිංදු වක්කරපු බෆල්ලෙක අස්සෙ ගහල තිබ්බ කුනු ජංගියක් අපි දෙන්න වාඩිවෙලා හිටපු සීට්ටෙක ඉස්සරහට වැටුන. ඒක දැන් එල්ලි එල්ලි තියෙනව. පුදුම කුනු ගදක්. මම ගනං කලා. හරියටම ලොකු හිල් පහකුයි පොඩි හිල් පහකුයි තිබ්බ ඒකෙ.


එහා පැත්තෙ හිටපු දෙමල විදුහල්පතිගෙයි මාගෙයි මුනෙ කිසිම වෙනසක් තිබ්බෙ නැ. නහය ඇකිලිලා. නලලෙ රැලි වැටිල. ඕං චුට්ටක් වෙලා යන‍කොට හීනියට වගේ වෙරලු මල් සුවදකුත් එනව.


මට සේයාව මතක් වුනා. ආයෙම ඉංදියාවෙ දොස්තුර සිසුවිය මතුවුනා.
නැත්තං මේ වයසක කොන්දගෙ ප්‍රෙමනීය සලකුනක් වෙන්න බැරිද.කොහොම හරි මම බහින තැනට එන්න ඉස්සෙල්ල ජංගියත් ඇගේ වද්දගෙනම දෙමල මහත්තය බැස්ස. කලුවරගහ වංගුව පහුකරනවත් එක්ක තියෙන හුඹහ ගාවින් මමත් බැහ ගත්ත.

2 comments:

MPP Gunasinghe said...

නිර්මාල්ගෙ පොත තවම මට කියවන්න ලැබුණෙ නෑ සමන් එහෙත් ඔබ ලැබූ වින්දනය යානතමින් මටත් ඇහෙනව. අපේ රටේ පර දෙමළු පර සිංහලයො පර තම්බියො මිසක් මිනිස්සු නැද්ද කියල හිතෙන කීප දෙනා අතර දි මටත් හිතුන වාර ගණන අනන්තයි.

පාට පාට හීන (සමන් පෙරමුණ) said...

ඒක චූටි පොතක් ලියල තියෙන්නෙ නලින්ද සිල්වාගේ ප්‍රවාවලට විරුද්දව ඒ්ත් ඒකෙ තියෙන සංවාද අපිට හරි ප්‍රයෝජනවත් මේ පටු චින්තන විදියෙන් රටක් ගොඩ නොගෙියොත් අනාගතය අදුරු වෙනව එක් එක්කෙනා හරි ඇහැරෙන්න ඕන ස්ර් ඒකයි මේ පෝස්ටුව දැම්මො