Wednesday, October 10, 2012

වාසනා පත




අවාසනාවට
වාසනාව විකුණන
වමට බර

කන්න හෝදන්න
එකම අතින්
හොඳ නැතෙයි
අම්මා බනින හැටි
මතක් උනා නුඹ
දුටු මොහොතෙදිම

සුපුරුදු නුපුරුදු වම් අත
කඩිමුඩියෙ ටිකට් අමුණන
හුලඟ විත් රැගෙන යන්න පෙර
අනුන්ගෙ වාසනාව

නුඹ දුටුව

අපැහැදිලි වීදුරුව
මීදුම් කඳුලු විසිරුව
ඇඟිල්ලෙන් ඉරි ඇඳ
එතුලින් නුඹ දුටුව

වාසනාව විකුනන
අවාසනාවන්ත රටක
වාසනාව විකුනන

අත් දෙකක් ඇති අයට
තනි අතක මහිමය
කියා දෙන
දිරිය දියණී
සීතාවක සීතලම
උදෑසන සිනහා වෙන්නී

Wednesday, October 3, 2012

වචන ගැන වචනයක්


වචන ගැන වචනයක්
වන පෙරළි
පද පෙරළි
සංකේත සංවේදනා
විසංවාදීව
වචන තුළ
ගැබ් ගැනීම
ගැබ් පෙළහර නොපා
  වදන් තුළින්
හද රිදුම්
සසල කිරීම්
සංවේදනා
හාව භාව ලීලා
විලි ලෑම
ඇත්තටම එකම වචනයකටවත්
හරි හැටි තේරුමක් නැති හැටි
ඔයා අඩන දොඩන හැම වෙලාවකම
කිසි තේරුමක් නැති
වචන වල හැපෙමින්
කැලතෙමින්
මටත් හරි දුක තමයි
ඒත් ඒ දුක
දුක කියන වචනෙ නැති හැටි
හරි දුකයි ඇත්තමයි