Wednesday, December 18, 2019

ඩෙනිමි

එයා පාර දිගේ ලස්සනට යනව. හැබැයි ඒක කැට් වොල්ක් එකකුත් නොමෙයි. ඊට වඩා ඉක්මන් ලස්සන එකක්.

එයා ඇඳල ඉන්නෙ ඩෙනිමක්. ඒකට එයාගෙ ලස්සන තවත් ලස්සනට  පෙනෙනව. සිහින් ඉඟක්. ලස්සන ජෙනිපර් ලඟින් යන පස්සක්.

එයා නීරෝගී කියලත් හිතෙන ලකුනු තිබ්බ. කලව එල්ලිලා වැටුනෙ නැහැ. ඒ අතර ත්‍රිිකෝණාකාර ඉඩක් තිබ්බ. ගමන ලස්සනට පේන්න ඒ ඉඩත් ලොකු රුකුලක් වුනා.

ලංකා මාතාවගේ නිසි හැඩය ගන්න ඩෙනිමක් අන්දවල බලන්න ඇත්නම්. මල්පෙත්තක වහල හිටිය කුරුමිනිය කල්පනා කලා. ඒත් පාං පිටි ගිලල ගිලල නිසා ලස්සන වෙන එකක් නැහැ. ඌ හිතුව.

අමාත්‍යංශවලට නං හොඳ ගවුම්. කැත වහගන්න පුලුවන්නෙ. ජරාව කාල කාල නෙරපු බඩවලුයි එක්ක ..

ඉතිං... ආං ... අර ලස්සන කෙල්ල ඩෙනිමි. ලස්සන විනිවිද පෙනෙන සුදු හැට්ටයක්. සුදු පාට ඇතුළින්එ යාගෙ ලා කහපාට බ්‍රෙසියරය  පෙනුනෙ ලා රන් පැහැයකින්. හදවතත් මේ වගේ නම්. කුරුමිනිය කාගිල්ස් එක දිහාව බැලුව.

නෝන බඩු මල්ලකුත් අරං එනව. හරියටම යක්බෙරයක් වගේ. විඩාවෙන් බර වුනු මූනක්. කැට්වොක් එකෙන් එන්නෙ කෝමද.... කුරුමිනියට ඇස් පොඩි කරගෙන ආදරනේ බලං හිටිය. නෝන හම්බ වුනොත් මේ කතාව එයාට කියන්න එපා. මම කැමතිම යක් බෙර හැඩයට. කුරුමිනිය නෝන ලඟට ගිහින් බඩු ටික වාහනේ ට පැටෙව්ව.

මාතෘකාවක් නැති කතාවක්


ලොක්ක හතර වසරෙ. මිනිහ ඉගෙන ගන්න දස්සය. ඒත් නිතර ලෙඩවෙනව.

දෙවනිය අම්ම වගෙමයි. හිතුවක්කාරයි. නපුරුයි. ඒත් මම පස්සෙම තමා.

මේ තුන්වෙනිය. තාම පෙරපාසල්.

ඉතිං.. මට දුකයි මුංව මෙහෙම දාල යන්න. ඒත් මම ඉත්මනට මුංව මගෙ ලඟට ගන්නව. ඉක්මනට.

තාත්තගෙ ඇස් හිනි වෙලා. නවත්තල හිරවෙලා තිබුනු වේදනාව ඇස් අගින් බේරෙන්න පටන් අරන්....

එයා ගියා. ඒකයි මේ ඔක්කොම. මට තේරෙන්නැ මහත්තයො. මං එ්කිට ආදරෙයිත් එක්ක. ඒත් අර වත්තට බොන්න එන මෝටර් සයිකලෙත් එක්ක කුටු කුටු ගානව කියල මිනිස්සු මට කීවත් එක්ක.

දැං දෙන්න කොහෙ හරි වහං වෙලා ඇති.
මං වෙන මොනව කරන්නද මහත්තයො.

Tuesday, December 3, 2019

බේබද්දා


රෑ හඳ පානය. කහ එලිය ගස්පුරාද, කඳු පුරාද... දෙනි පුරාද වැතිරීගෙනය. උලමෙකුගේ නාදයක් ගම පුරා හීනියට පැතිරෙයි... එය ශෝකී රාවයක් නොව අලංකාර උච්ච ස්වරයක්ද.... නොදනී. එය තියුනුය. බිහිසුනු බවක්ද වෙයි.
අම්මා ලෙඩ ඇඳේම ඉතාම සංසුන්ව වැතිරී අවසන් ගමං ගියේ උලමාගේ හඬ නෑසිගිය දෙගොඩ හරි ජාමකය.
පසුදින මුලුගමම අපේ ගෙදරය. චන්දරේ නොගියේ මොන උලව්වටද.. ගම්මුන්ගේ ලෙඩටද දුක⁣ටද ගිය චන්දරේ බිව්වෙලාවට ගමේ හැමෝම මග අරින්නේය. කතාවට ගියොත් ඉවරය.හොඳ කතා අහගත හැකිය. ඒකට තරාතිරමක් නැත.
සුදු කොඩිද කොඩිවැල්ද දමමිං චන්දරයා වැඩය. වෙනදා කනමදයෙකු මෙන් බි ගම පුරා දොස්දෙවොල් තියන චන්දරයා කතාවත් නැත. නිහඬය. දැං චන්දරයා තනියෙමය. කවුරුත් නැත. ඔහුට රෑ වෙහෙස වැඩි කමට නින්දි ගියේ හිටි පුටුව උඩමය.
හාමුදුරුව්ට ආරාදනා කලේ චන්ද⁣රේමය. දැහැත් පිරිකර ලෑස්ති කලේය. සෙ⁣ාහොනට යන පාර කැපුවේද චන්දරේය. උදව්වට ආ වුන්ට කිරීමට ඒ හැටි දෙයක් ඉතුරු නොවීය.
අද අම්මා යනු ඇත. ඇය නැතිව ඉන්න හැටි, කරන වැඩ හිතාගන්නබැරිය. අදින් ⁣අම්මා ගෙදර එන්නේ නැත. බැන බැන බලා ඉන්නට කෙනෙක් නැත. සංසාරයේ හැටිය.
රා පෙලෙ ලඟ සෙනඟ නැත්ටත් ඇයි. කෝකටත් මඤ්ඤොක්කා එක්ක රා කදිමයි. බෝතලයක්ද දෙකක්ද ඉවරය. මතකයන් බොඳවෙමිං නොපෙනී යන අතරම මග දිගේ පැමිනියෙමි. මතක එපමනය.
පාසංකුලය වෙලාවට චන්දරේ නොවීය. සෙව්වද සොයාගත නොහැකි විය. සවසද නොවීය. කෑගල්ලේ අක්කලාද ... නුවර මාමලාද පිටත්ව ගොසිනි. චන්දරේ නැත.
සඳ එලිය ලාවට වැටෙමිං ඇත. ලස්සනය. පැල්කොටයක තමා නිදන්නේ ඇයි. ඔහුට සිතා ගත නොහැක. අම්මා තමා එනතුරු බලා ඉන්නවා ඇත. බොඳවු මතකයන් අතරින් අම්මා බාවා තිබු පෙට්ටිය එලියට ආවේය. චන්දරේ නැවත වාඩියේම ගුලිගැසුනි.
ගෙදර යන්න බැ. මෙහෙම හොඳා. ඔහු නිදාගත්තේය. අර උලමිගේ රාවය සඳදියේ ගලාගෙන ආවේය. උලලේනි හඬ දෙගොඩහරි ජාමය මැද ඇසි නෑසී ගියේය.
චන්දරේ බේබද්දාය. ගෙදර චන්දරේද අම්මාද නැතිව කැලේට ගියාය.

Wednesday, November 27, 2019

ආදරය

මහ වැස්ස. හැම තැනම අඳුරු කරල. වලා කුලු මැදිං රීදී රේඛා ඇදිල ගියා.
මූනත් එල්ලගෙන එයා බලාගෙන හිටිය. තාම නෑ. වෙනද මේ වෙලාවට මෙතන.

බඩත් රිදෙනව. ගෙදර යන්නත් ඕන. ටිකෙන් ටික වැස්ස තුරුල් වූනා. එයා පස්සෙ එයි කියල ගෙදර යන්න වුනා. ඒත් එයා අවෙ නෑ. ඒත් හිතට හරි අමුතුයි. වෙනද වගෙ නැ.

ටික දුරයි ගියේ. වංගුවක පාර අයිනෙ මිනිස්සු පිරිල. වාහනයක කවුද හැප්පිලා. කන්ද පහල දිහාව මිනිස්සු බලං හිටිය.

එයා තමයි. මගෙ පපුව නැවතුනා. එක පිම්මට එතෙන්ට ගියා .  ඇස්දෙක ඇරිල. හැම තැනම ලේ. කඳුලු ඇස්දෙකෙන් ගලාගෙන ගිහිං. මට මොනව වුනාද මම දන්නෙ නැහැ.

මිනිස්සු දුකෙන් බලං හිටිය.“ ගැබ්බර එළ දෙනක්. දුක ඇති එයාට. ඉන්න අරින්න.ඞ

තඹපෙති මල

ඈ ඉතා සිහින්ය. කැරලි ගැසූ කොන්ඩය තඹ පැහැ කර ඇත. එය ඇගේ දුඹුරු පැහැ සුදු ගතියට දසමයකින්වත් වෙනසක් නැති ගැලපුමකි. ලයිට් එලියට ඇයගේ මුහුන මලක් මෙන් දිස්වෙය්.
වයස පනස්ගනනක මැදිවියෙ අයෙකු ඇයගෙන් යමක් විමසය්. ඇය යමක් පැවසුවිට ඔහු නික්ම ගියේ පුලුටු මුහුනෙනි.
ඊ ලඟට ආවේ නවීනතම කාරයකි. ඇය එයට නැගී නොපෙනී ගියාය.
තාත්තා තවම සුපර්මාර්කටුවේ බැවින් මම හුදකලාව බලා සිටියෙමි. චන්ද ජයග්‍රහනයෙන් පිච්චු රතිඤ්ඤා ගඳ තවම බැහැර ගොස් නැත.
ආං... ආයෙමත් අර කාරය නැවැත්තුවා. ඇය බැස්සා. තඹපාට පෙති තියෙන මල.
ඩෙනිමෙ පිටිපස්සට අත්දෙක දාගෙන එයා ඇවිදින්න පටන්ගත්තා. වෙලාව 11.30
තඹ කොන්ඩ තියෙන මලක් වගේ මුහුන ඉස්සල්ල තරම් ප්‍රානවත් නැ. එයා වීල් එහෙක ගියා.
තාත්තා ආව. අම්ම මැසේජ් එකක් දාල තිබ්බ හෙටත් කෝකටත් ගෙදර ඉන්න කියල.

ඉස්කිරීම



හරිම අලස, ලාලසාත්මක භාෂාවක්... කාව්‍යමය ගතියක් නවකතාවක් පුරාවට එතිල තියෙන, ඒක දමිත්ම කියන විදියට හිමකිරමක් වගේ අන්තර්ගතයයි ආකෘතියයි එක්ක වෙන්කරන්න බැරිතරම් බද්ද වුනු නවකතාවක්, කෙටිනවකතාවක්, කෙටිකතාවක අවසානයක් තියෙන නවකතාවක් කියවන්න කැමති නම් ඔයාල තෝර ගන්න ඕන දමිත් උදයංග දහනායකගෙ ‘‘ඉස්කිරීම‘‘ නවකතාව.

කතාව..
ඇත්තටම කියන්න තරම් කතාවක් ඒකෙ තියෙනවද?  ඔන්න එකෝමත් එක රටක අනූ කියල කෙල්ලෙක් හිටිය. මම වැඩ කලේ ඒ අනු වැඩකරන ඔපීස්සෙකේ. අනූගෙ යාලුව මට වැඩිය වැඩිමල්. ඒත් එයා ගැන ඒකපාර්ශ්වික ආදරයක් මගේ ගාව ඇතිවුනා. එයා හැමදාම හවස මාරගහ ගාවදි මට හම්බවෙනව. අපි එකපාරක් ට්‍රේන් එකේ ගෙදර ගියා. ටික ටික අපේ හිතවත්කම් වැඩිවුනාම මට එයාට ආදරය ප්‍රකාශ කරන්න හිතුනා.
ඒත් එක්කම මගේ කවිඑයා කියවන්න ගත්ත. ඒව විචාරය කලා. අපි ලයිබ්‍රි ගියා. හවස ඇවිදින්න ගියා. මම හැමවෙලාවෙම ඒ ආදරයෙන් මුසපත් වුනා. ඒත් එයාට ඒක ගානක් නැ. පස්සෙ මම ඈත පලාතකට මාරුවෙලා ගියා. ඒත් මගේ ආදරය එයින් නැවතුනේ නැහැ. මගේ යාලුව විදුරට මගේ හැම දුකක්ම රසවත් හැඟීමක්ම කියන්න පුරුදු වුනා අතිශය රහස් මමම දැනගන්න ඕන ඒව ඇරෙන්න. පස්සෙ ආදරනීය මතකයන් එක්කම මම තනි වුනා. එයා ආදර මතකයක් වුනත් ඒක හරි ලස්සනයි. ඒ මතක ඇමතුම් තුරුලු කරං නවකතාව ඉවර වෙනව.
මේක තමයි කතාව. මේ කතාව අතරතුර වන සිදුවීම් හරහා දමිත් ආදරයේ අහුමුලු ගැන කරන ඇවිස්සීම්, ප්‍රශ්න කිරීම් ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ ආහ්ලාදජනක බවත්, එහි භෞතික ස්වරූපයත් පිළිබඳ නොනවතින සොයා ගැනීම් කරනව. ඒකට යොදා ගන්න ශෛලිය හරිම සියුම්. වෙනත් විදියට මේ කතාව කිව්ව නම් මේ තියෙන පාලු තනිකම මුසු සෞන්දර්යාත්මක විකාර ගතිය නැතිවෙන්න තිබ්බා.
ඒ වගේම පුදුමය මේ කතාවේ එන ප්‍රධාන චරිත දෙකටම නම් නැහැ. අනිත් අයට යාලුවන්ට හැමෝටම නම් තිබ්බත් මේ දෙන්න ඈ හා මම විතරයි. නිර්නාමික වුනත් අපි කැමති නමකින් ඒ දෙන්නව නම් කරගන්න අපට පුලුවන්. ඕන විදියකට. ඕන නම් මේ මම කියන කෙනා කෙල්ලක් වෙන්නත් පුලුවන්. මොකද කෘතිය පුරාවටම මම කියන කෙනා අඬනව. වැලපෙනවා. පොඩි වෙනස්කම් කිහිපයක් ඇරෙන්න මම ඇය කෙනෙක් කරගන්න හොඳටම ඉඩ තිබ්බ.

ආදර භාශාව
මුලින්ම කියා ඇති ආකාරයට ඔහු සිංහල භාශාවෙ නනලල භේදය මේ කෘතියෙන් ඉවත් කරනව. ආදරය ගැන කියන්න නනලල මොකටද? ඒත් මැද එක තැනක පමනක් ළ යන්නක් හමු වුනා. ඒක ඒ නිසාම විශේශයි. මෙකෙ ඉන්න අනුගෙ යාලුවා වගේ. ආදරේ හම්බෙන්නෙ නැති වුනත් ඔනි එයාමයි. පුරුදු කෙනොමයි. පුරුදු අයින් කරන්න අමාරුයි.
ඒ වගේම කටවහරේ එන ඇත්තම සන්ධිපදත්, අලුත් වචනත් මේ කෘතියේ අන්තර්ගත කරුනු අවධාරනය කරන්න අතිශයින් වැදගත් භූමිකාවක් සපයනව.
‘‘ඉක්-ඉක්මන් ගමන හින්ද, නිහඬතාවය+ හැන්දෑ හිරු එලිය+ලා වියලි හුලඟ සහිත ඒ මොහොත මනඑම් බවයි මට දැනුනෙ, ඒක ඉස්තිරයි, හොල්ට්ටෙකට , හිතුන්නෑ , බස්සෙක වගේ වචන, වාක්‍යංශ අපව පිස්සු වට්ටනව. ඒවායෙ තියෙන ඒ අවස්තාව කියන්න තියෙන හැකියාව... අවස්තාවට බද්ද වෙන අපුරුව මාරයි.
,,වෙනදට වඩා වේලාසන නිසායි ඈයි අනුයි ගියේ නුපුරුදු ගෑටිල්ලකින් පැද්දි පැද්දි. ‘‘ මේ වගේ තැන්. ඒ වගේම ඇගේ ඉරියව් ගැන කතකයා කියන මේ වගේ වාක්‍ය “හුලඟේ නලියන කොන්ඩගස් එක්කාසු කරමින් ඈ ඒව කන පිටුපස රැඳවූව පුරුදුකාරියක් වගේ.“ ආදරයක කියන්න බැරි හැඩතල ගැන ඉඟි විතරයි.
“ඈ කිව්වෙ තොල්වලින්+ඇස්දෙකෙන්+නලලින්=මුලුමනින්ම“ ගනන් පාඩමක වගේ. ඇස් තොල් නලල තව ගොඩාක් දේවල් ප්‍රකාශනයක ශක්‍යතාව වැඩිවෙන්න බලපානව. ඒකයි සමාන කරල මුලුමනින්ම කියල දාන්න පුලුවන්.
තවත් කතුවරයාගේ භාශා භාවිතයේ වැදගත්ම තැනක් තමයි මිශ්‍රක්‍රියා භාවිත කොට තිබීම. යමින් , කමින්, බොමින් කියල වාක්‍ය අවසන් කරනව. ඒව අලුත් අත්හදා බැලීම්. රසවත් අවස්තා නිරූපනයන්.

ඉස්කිරීම ඇතුලත දර්ශනයක්
ඉස්කිරීම ඇතුලෙ එහෙ මෙහෙ තාවරවන ආදරය, අසාද්‍ය කුලුඳුල් ප්‍රේමයක ප්‍රේමනීය විඳවීම කොතෙක් දැයි පසක් කරනව. ඒක දන්නෙ ඇත්තටම ඒ අත්දැකීම තියෙන කෙනෙක්ට. එහෙම නැත්තං මේක විකාරයක් වෙන්න පුලුවන්. කථකයා යනව කෙටි පනිවුඩ, ලියුම්, සිතුම් පැතුම්, හැසිරීම් ආදරයෙන් වැහිල ගිය කෙනෙක්ගෙ හැටි තමයි කියන්නෙ.
ඒ වගේම කථකයා ආදරය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන යම් යම් නිර්දේශයන් ඇත්තටම අපව හිරිවට්ටන තරම්. ලගා නොකරගත් අරමුනු අපට කරදරයක් වෙන්නෙ නැහැ. අපේ හිත ඇතුලෙ ඕන තරම් ඒවට ඉඩ තියෙනව. ඒත් ආදරයෙන් ලබා ගත් ආදරය වුනත් විවාහය වගේ දේවලින් ඔද්දල් වෙන්න පටන් ගන්නව. අපව ශාරීරිකව මෙන්ම මානසිකවත් අබල දුබල කරන්න පටන් ගන්නව. ඇත්තටම ආදරය කරන කෙනෙක් ලගා කරගන්නවට වඩා කරන්න ඕන ඈතින් තියන එක. මේකට හැමෝම එකඟ වෙන්න ඕන නැහැ. දමිත් කථකයා ලවා අපට කියන්නේ එයද?

 ‘‘ සත්තකින්ම අප අතර ප්‍රේමය පිවිතුරුව රඳා පැවතියේ ආදරය කටින් කියාගන්නටත් පෙර කාලසීමාව තුලයි. අප අතර ආදරය නිලවශයෙන් ආරම්භ වූ දාම එය වියැකී යාමද ආරම්බ වුනා....‘‘
ඒ වගේම කථකයා කියන කවි ඔහුගේ පෙම්වතිය හරහා විචාරය කරන්න දරා ඇති උත්සහය ඉතා වැදගත්. ඒව ඒ තරම්ම රමනීය නිර්වචන. හොඳම කවියක් ගැන විචාර කරන්න පුලුවන් කාටද? එයම රසවිඳිනවා හැර. සිය පෙම්වතිය ලවා ඔහුගේ කවි විචාරය කරවා ගන්නා කතුවරයා කවිය ගැන කරන නිර්වචනය අමුතුමු එකක්. ඒක පට්ට.
‘‘ඔබේ කවි පවසන දෙය ගැන මට කීමට දෙයක් නැත. එහෙත් ඒවායින් මා ලබන තෘත්පතිය ගැන නොකියා ද බැරිය.
ඔබේ කවි සතුටත් සොවත් අතර ගොම්මන් යාමයක ලියවුනැයි කිව හැකිය.
හැඟුම් කන්දක් ගැන කියන්නට ඔබට ඇත්තේ වදනකි. දෙකකි. ඉතින් ඒවා ඔබ වැනි කියමි. නිශ්චිත ආරම්භයක් නැති, අවසානයක් ද නැති, අරුතක් ඇත්තේද නැති, නැත්තේ ද නැති, සතුටද සොවද යයි නිශ්චිත නැති හැඟුම් පොදියකි එය. එනිසා ප්‍රේමය වැනි යැයි සිතමි.‘‘

ඒ වගේම කතුවරයා වරින් වර ගෙනෙන තිගැස්සෙන සුලු අවස්තා නිරූපන හා රූපක වගේම උපමා අපව ගොලු කරනව.

‘‘මං හිටියෙ ඇඳේ. හාන්සි වෙලා. කලුවර පොරවගෙන.
126 අගිස්සට තිබුන නම්බරය
ටවුමෙ දෙමහල් බිල්ඩිමක හෙවනැල්ලක් යට ඈ හිටියා මං එනතුරා මග බල බලා.“
මේ ඒ වගේ තැන් කිහිපයක්. තවත් ඕන තරම් උදාහරන මේ පුංචි කතා පොත පුරාම. පෝලිමට.

කතාව ඉවර වෙනකම්ම ඈ කවුදැයි නමක්වත් නැති වුනත් ඈ ගැන අපි හොඳින් දැනගන්නව. ඇගේ දැක්මෙන් ඔහුගේ හිත  කෙතෙරම් නැවුම් වෙනවද කියල කියන්න ඔහු ගන්නෙ වටපිටාවමයි.
“පේමන්ට් එක අයිනටම ගිහින් කුඩේ පිප්පුවා අර කුටු කුටුවෙන්ම.
හීන් හිරිපොදේ වැස්සක් වෙමින් තිබුනා. වායුගෝලයේ තිබුනෙ දිශාවක් නැති කැලඹීමක්.....“

ලංකාවෙ අපිට පොතක් කියවන්න ගියාම තියෙන ලොකුම අවුලක් තමයි මේ රට ඉතාම පුංචි වීම. ඒ පොතත් කතුවරයාත් අපට එකම තැන හමුවෙනව. ඒ නිසා පොත කියවන්න ගියාම කතුවරයා නිතැතින්ම අපේ ඔලුවට එනව. කොපමන හොඳ ලියවිල්ලක වුනත් කතුවරයා ගැන ගොබ්බ හැඟීමක් නම් අපට තියෙන්නෙ ඒ ක අවුල් වෙන්න පටන් ගන්නව. මම ම අත්විඳින අත්විඳපු දෙයක් ඒක. කතුවරය මරන්න අපට අමාරුයි එහෙම කල යුතු වුනත්. නිර්ධන පන්තිය, පන්ති පීඩනය, සමාජ අසාධාරනය ගැන කතා කරන පොත ලියල තියෙන්නෙ එහෙම දේවල්වලට උල්පන්දම් දෙන හාල්පාරුවෙක් නම් ...
ඉස්කිරීම අපෙන් ඒ අවුල මුදා හරිනව. මොකද ඔහු ප්‍රසිද්ද හැමවෙලාවෙම හමුවන කෙනෙක් නොවන නිසා. ඒ නිසා ඉස්කිරීම ආදර වැස්සක්. ඒ වැස්සෙ තෙමි තෙමිම මම ඉන්න ආසයි. විරාගය නවකතාවෙ ඉදිරි පියවරක්ද මෙය... තවත් කතා කරන්න ආසයි මේ පොත ගැන. ඒත් අදට ඇති.