Friday, December 4, 2015

කලු පාට පෙම්වතිය


''ඉතිං. ඇයි කලුපාටයි කිව්වෙ. ඔයාට දුකයිද? මම නං කැමතිම කලුපාටට. මගෙ ගාව තියෙන ගොඩක් දේවල් කලුපාටයි. ඇත්තටම මගෙ කොන්ඩෙ. කලු පාටයි. මම කැමතිම නැහැ ඒක සුදු පාට කසේ තැනින් තැන තියෙනවට. ඔයත් එහෙම නේද? තව මගේ සෙරෙප්පු/ පර්ස්/ කමිස/ කලිසං පුලුවන් හැමදේම ඒ පාටම තමයි. ඉතිං කලුපාට පෙම්වතියක් මට ඉන්න එක ගැන ඔයාට පුදුමයිද? ''

''හරි අපි සෙනසුරාදා මීට් වෙමු. කමක් නැහැ. එදාටත් මම කලුපාට ඇදන් එන්නම්. එතකෙට ඔයාට අදුනගන්න ලේසියි.
හරි හරි. මම ඉන්න තැනක් හොයා ගත්ත. ලස්සන තැනක්. මගෙ යාලුවෙක්ගෙ ගෙදරක්. වටපිටාව ටිකක් කලබලයි. කොලඹ එහෙම නැතුව බැනෙ. කලබලයම තමයි කොලඹ හැඩය. කලබල නැති කොලඹක් මොකටද? "

ඒ සෙනසුරාදා උදේ ඉදන් චුරු චුරු වැස්ස. පලවෙනි දවසමෙ පෙම්වතියක් බලන්න වැස්ස බලපෑමක් කරයිද? කෝකටත් පරිස්සමින්. කලුපාට ඩෙනිම. කලු පාට ටී ශර්ට් එක. කලුපාට සෙරෙප්පු. කලුපාට වලාකුලු. අදුරු වටපිටාවක්. නැවුම් හැගුම්. උදේම ඒ සී බස්සෙකක. කලුපාට සීට් එකක. ගුලි ගැහුන. නින්ද ගියා.

එකපාරට කෝල් එකක්.
"ඔව්.ඔව්. පොලිසියෙ. මාව සැකයිලු. අයිඩෙන්ටිය බොරු එකක් නේද අහනව. ඔව්. ඒක ඉස්කෝලෙ යනකාලෙ ගත්ත එකක්. අනේ ඔයා ඉක්මනට එන්න. මට බයයි. ඔයා ආවම යන්න දෙන්නම්ලු. ඉක්මනට එන්න."

"කොටුව බහින්න. ඉක්මනට පැනගන්නකෝ. "

කකලු පැටලිලා බිම ඉන්ද වුනා. වැසසෙම දුවල ගියා පොලිසියට. කලුපාට කෙල්ලක්. මම දැක්ක ගමන් නැගිට්ටා. මගේ පපුවෙ සද්දෙ ඔයාලට ඇහෙනව නේද? ඔය ඩිග් ඩිග් ගාන්නෙ.

"ආ මෙයාද ඔය කියන්නෙ. දෙනව බලන්න අයිඩි එක. හම්. මේ ලමයට වැඩිය අවුරුදු පහක් බාලයි. තමුසෙලට මොකද වෙලා තියෙන්නෙ. නිකං ජීවිත විනාස කරගන්නව. ඒත් ඔයා මේ අයි ඩෙන්ටිය හදාගන්න. මේ දවස්වල දෙමල කෙල්ලො ගැන අපි ඇහැ ගහගෙන ඉන්නෙ. කොයි වෙලාවෙ බෝම්බයක් තියල යයිද දන්නෙ නැහැනෙ. හම්. දැන් යනවල."

විනාඩි විස්සක විතර සදාචාර පාඩම් දෙකකට පස්සෙ යන්තං පොලෝසියෙන් එලියට ආව. එයා මට තුරුලු උනා. එයාගෙ අත් මලකදක වගේ සීතල වෙලා තිබුනෙ. කකුලෙ සුලු ඇගිල්ල ඉස්සිලා. බිම ගෑවෙන්නෙ නැහැ. ඒ කියන්නෙ සැමියට අපලයි. මුන උල්. නහය ටිකක් රවුම්. ඇස් ටිකක් නිලට හුරුයි. රන තිසරු පරදන පියයුරු. පොඩි බඩක්. උස මං විතරම. දාඩිය සුවදට මුසුවුන පිච්චමල් සුවදක්. හොදටම බයවෙලා.

කොහෙම හරි අපි යාලුවගෙ නවාතැනට ආව.  එයා ගොඩක් දේවල් කිව්ව.

" මට ඔයා බදින්න බැරි වුනත් මම ඔයාට ආදරෙයි. මම ඇත්තටම දෙමල. මේ මගේ අයිඩෙන්ටිය නෙමෙයි. මම නැවතිලා ඉන්න ගෙදර නංගිගෙ. අපි දෙන්න ටිකක් එක වගෙයි. "

අපි දවල්ට කෑව. රෑ වෙන්න කිට්ටුයි.

"මට අද මෙන්සස්. ඇගට අමාරුයි."

"මටත් ටිකක් ඒ වගෙයි. මගෙ ඔලුව රිදෙනව."

වැස්ස නැවතිලා. හද පායගෙන ආව. තාම කලබලයි කොළඹට. "කලබල නැති කොළඹක් වැඩක් නැහැ."

එයා මගෙ උකුලට ඔලුව තියල හද දිහාව බලං හිටිය.




හොද නරක

හොදේ නරකත් 

නරකයේ හොදත් තියෙනව

හත්තිලව්වේ....

මේ දෙකම දෙකටම නයයි

එහෙට මෙහෙට පැද්දෙන 

පිරිමි ලිංගය

හරිම වල්

ගැහැනු ලිගුවක

 සැගවෙනබයගුල්ලෙක්

හත්තිලව්වේ මේ 

දෙකමදෙකටම නයයි

පට්ට කලුවරට

හද ආදරෙයි

දවල්ට හද වැඩක් නැ

හත්තිලව්වේමේ දෙකම 

දෙකටම නයයි


හොද හැම වෙලාවෙම එහෙමයි
නරකට ග‍ොඩක් නයයි

Friday, November 20, 2015

ආදර එච් අයි වී

ටිකෙන් ටික
වෛරසෙන් වෛරසය
ආදර එච් අයි වී
මුසු වුනු ලේ බිංදු
ඇග පුරා විසිර ගොස්
ගිලන් කල සද

පරන හදවත
ගැහෙමින් වේගයෙන්
ආදරය මුසුවුනු
‍ලේ පොම්ප කරමින්
කම්පිත වේ නිරන්තරයෙන්

සිතද නෙක විරූ
විටෙක කැත
විකාර සිතුවිලිවලින්
හෙම්බත්ව......

Wednesday, November 18, 2015

සංවර්ධනය වන රටක

වෙලාව හරියටම රෑ දොලහ හමාරයි. රුපියල් විස්සෙ ගමනට හයසීයක් දෙන්න උනත් මේ වෙලාවෙ හැටියට වෙන මොනව කරන්නද කියල දොස්තර කෙනෙක් බොහොම අමාරුවෙන් හොයා ගත්ත. ඒත් යාලුවෙකුට පින්සිද්ද වෙන්න. මේ තමයි අම්මලට උදව් කරන්න කියල ගමෙන් ආපු කොල්ල. උපාදි සහතිකේ මැස්සෙ තියල අම්මට වැදල ආවට මොකද තාම ගමේ ගියෙ නෑ. ඊට පස්සෙ.....
(බොහොම අමාරුවෙන් හොයා ගත්ත දොස්තර මහත්තයත් එක්ක කතා කරන දර්ශනයක්. ගෑනු ලමයෙක් කට පියාගන්න බැරුව කොල්ල‍ගෙ අතේ එල්ලිලා. දෙන්නම හොදට බයවෙලා.)
මේ මහ රෑ කරගන්න දෙයක් නැතිව හිටපු කොල්ලගෙ ඇගට යංතං ලේ ටිකක් ඉනුව. ඒත් අරය දිහා බැලුවමට ටිකක් හිනා වෙන්න හිතුනත් සීරියස් මූනක් හදාගත්තෙ එයාට දුක හිතෙයි කියල.
තුන්වෙනි ලෝකෙ රටක වෙන්න බැරි දෙයක් නැති හින්ද දොස්තර මහත්තයත් ලෙඩේ ගැන නිදිමත විකාරෙන් වගේ විපරම් කරන්න ගත්තා.
“මොනව වෙලාද හක්ක පැන්නෙ?”
“මොනතරම් අමාරු ප්‍රශ්නයක්ද? අපි දෙන්න ඊයෙ හවස තමයි පලවෙනි වතාවට ෆේස්ටු ෆේස් හම්බ වුනේ. අපි දෙන්නම හිතුවෙ නැ මෙහෙම වෙයි කියල. ඒත් ඒක මොනතරම් සුන්දර සැන්දාවක්ද?බේරෙ වැව අයිනෙ ගහක් යට. එයත් එක්ක හැන්දාවක්.
බේරෙ වැවෙන් එන සුලග එයා කෙදිරි ගගා ආග්‍රානය කරන බව මට දැනුනා. ඒත් තවත් රෑ වෙනකොට එතන හිටිය කුඩු කාරයන්ගෙන් බේරෙන්න බැරි නිසා තමයි සල්ලි නොතිබුනත් අඩුගානට කාමරයක් හොයාගත්තෙ. මීයො, කැරපොත්තො හිටියට ඒ කාමරෙ අපි දෙන්ගෙ පලමු හමුවීම සමරන්න තරම් ප්‍රමානවත් වුනා.
වටෙන්ම පොඩි දුගදක් ආවත්, එයාගෙ සුවද ඒ හැමදේම යටපත් කරගෙන මට දැනෙන්න පටන් ගත්ත. ඒ වෙලාවෙ අපි කාන්තා අයිතිවාසිකම් ගැනවත්, පුරුශ අයිතිවාසිකම් ගැනවත් කතා කෙරුවෙ නෑ. දෙන්නටම ඕන වුනේ අපේ පලමු හමුවීම හැකි උපරිමයෙන් සමරන්න විතරයි. අපි දෙන්නගෙම සිතුවිල එකම රේකාවක දුවන්න පටන් ගත්ත. රවුම් සහ හතරැස්වෙමින්.
අපි දෙන්‍නගෙම කටවල්වලට විවේකයක් තිබ්බෙ නෑ. ඒත් එකවචනයක්වත් කතා කලෙත් නැ. හීන් කෙදිරියක් කාමරය පුරා පැතිරෙද්දි පරන ෆෑන් එකක් ඒ තාගෙටම දඩස් බඩස්, සක බකස් ගගා කැර කැවි කැවි තිබ්බ. අපේ හදවතේ තාලයටම.
මගේ ජීවිතේ හමුවුන පුදුම කෙල්ලක් එයා. ඒත් එයා කියන විදියට නම් මම එයාගෙ දහතුන් වෙනිය. ඉස්සෙල්ලම එයාට එයාගෙ ගෙදරින් බන්දල දීපු මාමගෙ පුතා එයා බ්ලූ ෆිල්ම් එකක් ගානට පත් කරපු බව ඇය කීවෙ හිතාගන්නවත් බැරි තරම් සරල විදියට. ඊට පස්සෙ පිරිමි එකලොස් දෙනෙක්ම ඇයට සිහින මාලිගා හදල ටික කාලයකින් යන්න ගිහින් තිබුන. ඒ මාලිගාවල සැප එපාවෙලා කරගන්න දෙයක් නැතිව ඉන්න කොට තමයි එයාගෙ හතුන්වෙනි මාලිගය හදන වාස්තු විද්‍යාඥය, ඒ කියන්නෙ මම එයාට හමුවෙලා තියෙන්නෙ. දහතුන ටිකක් නපුරු එකක් වුනත් මට එයා ඉස්සරහ නිකමටවත් එහෙම හිතුනෙ නැ.
අපේ රිද්මය වෙනස් වුනා මොහොතින් මොහොත. ඇත්තටම කීවොත් මම පිරිමි චරිතෙ රගපෑවෙ ඇදට ගොඩවුන මොහොතෙ විතරයි. අනික් සේරෙම යෝජනා එයාගෙ. මේ ජරමර අස්සෙ මම ඉන්න බැරුව දගලද්දි තමයි එයා මගේ මහා පුරුශයා උගුරෙ හිර කර ගත්තෙ. ඒත් එක්කම එයාට කතා කරගන්න බැරිව ගියා. එයා අතින් විස්තර කලා හක්ක පැන්න කියල. දත් යතුරු නොවැටී හක්ක පැන්න එක ගැන මම සර්වබලධාරී දෙවියන්ට ස්තුති කලා.”
“අපි රූපවාහිනියි බලද්දි එයාට නිදිමත නිසා ඈනුමක් ගියා. එතකොට තමයි මේක වුනේ.”

හක්ක තිබ්බ විදියට හදල, අපේ රෙට් ගොඩක් මිනිස්සු මේ විදියට හක්ක පන්න ගන්න නිසා මීට පස්සෙ පරිස්සමින් ඈනුම් අරින්න කියන කොටම දොස්තර මහත්යටත් ‍ලොකු ඈනුමක් ගියා.

Monday, November 9, 2015

ඔරිගමි

ඒ පැත්තට
මේ පැත්තට
උඩට යටට
නවන යවන
අවසානෙට
පෙති දිගහල 
මලක් කදිම මලක්
ජීවිතයේ නැමෙන නැමිලි
ඔරිගමි මල්
පොකුරක් නම්

Monday, October 26, 2015

කුස්සි- සිංහල

සරච්චන්ද්‍ර එදිරිවීර ලියපු පිං ඇති සරසවි වරමක් දෙන්නේ පොත කියවන්න කියවන්න ආස හිතෙන පොතක්. ඒක එතුමාගේ පුද්ගලික ජීවිතය විතරක් නෙමෙයි. නිදහස ලබාගන්න ආසන්න හා ලබාගෙන ආසන්න කාල පරාසය තුල ලාංකික ජනවිඥානය සොයා යාමටත් උදව් කරනව.


ඒ කාලෙ සිංහල භාශාවට හිමිවෙලා තිබුනු තැන ගැන සරච්චන්ද්‍රගේ අදහස්වල අධිරාජ්‍යවිරෝදී ආකල්ප ගෑවි නොගෑවී තියෙනව. සරච්චන්ද්‍ර‍ගේ ශිශ්‍ය අවදිය ගැන කතා කරන තැන සාන්ත තෝමස් විද්‍යාලයේ සිංහල ගුරුවරුන්ට හිමිව තිබු තැන තමයි මේ.

"මේ හැම පාසැලක ම සිංහල විෂයක් විය. එහෙත් මට මතක ඇති කාලයේ සිට- විශේශයෙන් සාන්ත තෝමස් හා ඇලොවීසියස් පාසැල් දෙකේ-සිංහල පැය ළමයින් විසින් සලකනු ලැබූවේ විනෝද පැයක් ලෙසය. සිංහල උගන්වන ගුරුවරයාට නොයෙක් අයුරේ විහිලු තහලු හා කෙණෙහිලි කරමින් ළමයි මහත් ප්‍රීතියක් ලබති. සිංහල ගුරුවරයා පැමිණි වේලේ සිට පංතිකාමරය තුළ මහා ගාල ගෝට්ටියක් පවතී. ළමයි කෑ කෝ ගසති. ඔබ මොබ සක්මන් කරති. උනුන් හා සන්ඩු සරුවල් කර ගනිති. සිවුරුම් බාති. සින්දු කියති. ඇතැම්විට රතිඤ්ඤා වෙඩි ආදියත් පත්තු කරති. ඒ හැම ඝෝෂාවකටම ඉහළින් ගුරුවරයාගේ කටහඩ ඇසේ.

මේ තත්වය විදුහල්පතිවරු ද නොදන්නාහු නොවෙති. එහෙත් ඔවුන්ද එයින් විනෝද වන්නා සේය. සිංහල ගුරුවරයා සලකනු ලැබූවෙ ඉංග්‍රිසි කතා කළ සෙසු ගුරුවරුන්ට වඩා පහත් පංතියක කෙනෙක් සේය. සිංහල ගුරුවරයා හදුන්වනු ලැබුවෙ 'සිංහලීස් පන්ඩිට්' කයා ය. 'පන්ඩිට්' යන ඉංග්‍රීසි වචනය 'පණ්ඩිත' යන්නෙන් බිදුනක් වුවද එහි අවමානාත්මක ව්‍යංගාර්ථයක්  තිබේ. 'පන්ඩිට්' යනුවෙන් හදුන්වන්නේ යල් පැනපු ඥාන විෂයන්ගෙන්ද නිෂ්ප්‍රයෝජන දෙයින්ද හිස පුරවාගත් කෙනෙකු ය.

සිංහල ගුරුවරයා ශිෂ්‍යයන්ගේ හාස්‍යයට ලක් වූයේ ඔහුගේ ඉංග්‍රීසි උච්චාරණයේ දක්නට තිබුණු වෙනස නිසාය. කොළඹ මහනුවර ගාල්ල වැනි පළාත්වල ඉහළ පෙළේ මිෂනාරි පාසැල්වල ශිශ්‍යයින්ට පුහුණු කරන ලද ඉංග්‍රීසි උච්චාරණය ගම්බද ළමයින‍්ගේ උච්චාරණයට වඩා වෙනස් විය. පළමු කී විදියට ඉංග්‍රීසි කතා කරන අය 'ගොඩයා' ලෙස හංවඩු ගසනු ලැබූහ. ඔවුන්ගේ උච්චාරණය 'කොළඹ ඉංග්‍රීසි' කතා කරන අයගේ පරිහාසයට භාජනය විය". *(එදිරිවීර සරච්චන්ද්‍ර- පිං ඇති සරසවි වරමක් දෙන්නේ-31)

මිනිසුන් මිනිසුන් හා වෙන්ව සිටීමට හෝ අදිපතිවාදි දෘශ්ටි සමාජගත කිරීමට ඉතාම සුක්ශ්ම වෙයි. ඒවා විටෙක අවිඥානක ස්වභාවයක් වෙයි. භාශාව ද මේ බෙදුම් රේකාව සදහා භාවිත වීම මේ සාදක මත පෙන්වා දිය හැකියි. සිංහල භාශාව ‍කුස්සියේ භාශාව ලෙස  ඉහළ මැදපන්තියෙ අය එවක සිතු බව එතුමාම කියන්නෙ මෙහෙමයි.
"..... සිංහල පාඩම ඉගෙන නොගෙන පංතියට ආ ළමයෙකුට මම වරක් තරවටු කළෙමි. ඔහුට මෙම දඩුවම් දී පාඩම ඉගෙන නොගත්තෙ මන්දැයි ඇසීමි. ඔහු පිළිතුරු වසයෙන් කීවේ 'සර් ඊයෙ අපේ වැඩකාර කොලුව අසනීපෙන් හිටිය හන්ද පාඩම අහගන්න කෙනෙක් හිටියෙ නැ." කියාය.

යටත් විජිත සමයෙහි මෙන් නැවතත් සිංහල කුස්සියේ භාෂාව බවට පත් වීගෙන එන කාලයේ මෙවැනි අත්දැකීම් සැමරීම වැදගත් යයි සිතමි." (එදිරිවීර සරච්චන්ද්‍ර- පිං ඇති සරසවි වරමක් දෙන්නේ-100)

අදටත් මෙබදු භාශාත්මක බෙදීම් සමාජයේ කොතෙකුත් අපට දැකිය හැකියි. සිංහල මිනිසුන් දෙමල භාශාවට හදාගෙන තියෙන උපහාසාත්මක වාගාලාපත් ඒවගේ. දෙමලු වගේ දොඩෝනව. දෙමල්ලු පඩි ගත්ත වගේ. නිදසුන් කිහිපයක්. ඇත්තටම සිංහල දන්නෙ නැති කෙනෙකුට අපේ කතාත් කංකරච්චලයක් ිවෙන්න පුලුවන්. ගුත්තිල කාව්‍යයේ මේක හොදට කියල තියෙනව.

"බසෙකින් නොදන්නා
කියන පුවතට පෙන්නා
නොසතුටුව ඉන්නා
දනන් මෙන් උන් බලා උන්නා."

සාන්ත තෝමස් විද්‍යාලයේ මේ සංස්කෘතිය 'තුප්පහි' සංස්කෘතියක් බව (101) සරච්චන්ද්‍ර ඍජුව පවසයි. 

තම තමන්ගේ කතා විලාසයෙන් කෙනෙක් පහත් කිරීමට ලක් කිරීමේ සිට ජාති වශයෙන් වෙන්කිරීමටත් අරගල ඇති වීමටත් එක්සත් රටවල් බෙදුනු රටවල් වීමටත් තරම් ඉහලට මේ භාශාමය ආකල්ප බලපෑම් කරයි. සිංහල රාජ්‍ය භාශාව වීම වටා ගෙතී ඇත්තේ‍ෙ එබදු ප්‍රවාදයක්. තවත් මෙවැනි අදහසකින් හමුවෙමු.

Thursday, October 1, 2015

‘දෙමලාගේ ප්‍රශ්නය’ හා සී ටී බී ජංගිය


හරියටම හතරයි කාලයි. කොලඹ ඇඹිලිපිටිය සී ටී බී බස් එක. දන්නවද? ඔෆීස් ඇරෙන වෙලාවට යන බස්සෙකක සීට් එකක් හම්බෙනවා කියන්නෙ මාර වැඩක්. මාර සතුටක්. දවසක් වාඩිවෙලා හිටියත් බස්සෙකේ යන කොට ගන්න නැප් එක තරම් වටින යමක් හොයාගන්න අමාරුයි. වෙලාවට පස්‍සෙ දොරේ අයිනෙම සීට් එකේ එක්කෙනයි හිටියෙ. මම සුරුස් ගාල එතනින් වාඩි වුනා.එයා කලු පාටයි. උඩ රැවුල වවල. මම හිනා වුනා. එයත් හිනා වුනා. කියපු විදියට එයා විදුහල්පති කෙනෙක්. දෙමල ඉස්‍කෝලෙ. වැඩිය කතා ඕන නැනෙ. මගේ කෙටි නින්ද කතා අතරෙම ස්ටාට් උනා. හය්යෙන් ගහපු බ්රේක් පාරට මූන ගිහින් ඉස්සරහ සීට් එක ඉම්බ. ටිකක් වේදනාව වුනත් ලැජ්ජාවට ආයෙම නිදා ගත්ත වගේ හිටිය.


බෑග් එකේ තිබ්බ අලුතින්ම ගත්ත පොත. නිර්මාල්ගෙ ‘දෙමලාගේ ප්‍රශ්නය’. කියවන්න ගත්ත. ශහ්. මරු.


“දෙමලාට දෙමල වීම නිසා තිබෙන ප්‍රශ්නය අනෙකක් නොව දෙමළ වීමයි. නමුත් නලින්ද සිල්වා, චම්පික රණවක වැන්නන් බලාපොරොත්තු වන්නේ එවැනි පිළිතුරක් නොවේ..... (33 පිටුව.)

මම තාම කියවනවා‍. බස්සෙකත් මාර වංගු ගන්නෙ. තව පොඩ්ඩෙන් ත්‍රීවීල් කාරය බස්සෙක ඇතුලින් ගිහින් පිටිපස්සෙන් එනව. මම ආයෙම කියවනවා.
“මෙහිදී මා මතුකරන මූලික ප්‍රශ්නය වන්නේ මෙයයි. මෙම ප්‍රශ්නය තේරුම් ගත යුත්තේ දෙමලා සම්බන්ධ සිංහලයාගේ මනස් සෘශ්ටිය අනුව යමින්ද එසේත් නැතහොත් දෙමල ජනයා‍ගේ දේශපාලන හැසිරීම් පිලිබද ‘යථාවාදී’ තක්සේරුවකින්ද?”පොත තියන්නම හිතෙන්නෙ නැ හෆ්ෆා. ඇත්තටම දෙමල අය හිතන්න ඕන මේක සිංහලයන්ගෙ රට. මේක සිංහල සංස්කෘතිය. අපි ඒව පිලි ගන්න ඖන. ඒ අය වෙන්කරන තැනක සීමිත අවකාශයක ඔවුන්ගෙ දේවල්වල නොගැවී අපි ඉන්න ඕන. එහෙමද?මේ අතර නන්දාමාලනීගෙ සින්දුවක් හීනියට ලාවට වැක්කෙරෙනව.


“යදමින් බැද විලංගු ලා -මගේ පුතා රැගෙන යන්න

ඉදි කටු ඇන ඇගිලි තලා- දෙතිස් වදය පමුනු වන්න

අලුත් ලොවක් ගැන සිතීම- දඩුවම් දෙන වරද නම්

කුමට එරට අදිකරනය- නීතිය හා විනිසුරන්”

හ‍ෆ්ෆා. ඉතිං. දෙමල ගායිකාවක් දෙමලෙන් මේ ගීය කීවනම්... මොනතරං එපා වෙයිද සිංහල අපිට? අයෙම නිර්මාල්ගෙ පොතට හිත.චේදෙන් චේදෙ නිර්මාල් රසවත් කරනව. දැනුවත් කරනව. පරදෙමල්ලුද? පරසිංහලයොද?


“නමුත් මා ‘ඓතිහාසික නිජබිම්’ පිලිබද දෙමල ජාතිකවාදි කියා පෑම දකින්නේ සිය දේශපාලන අබිලාස සුජාත කරනය කිරීම සදහා ගොඩ නංවා ඇති මිත්‍යා ප්‍රබන්දමය ගොඩනැංවීමක් ලෙසයි. මා මේ ප්‍රකාශය කළ වහාම සිංහල ජාතිකවාදී කදවුරේ ප්‍රතිචාරකයින් ‘ඕක තමයි අපිත් කියන්නේ ‘ යයි කියනු ඇත. එසේ කීමට කලබල වීම අවශ්‍ය නැත. මා ප්‍රකාශ කරන්නේ ‘ඓතිහාසික දෙමල නිජබිම්’ පිලිබද ප්‍රවාදය මෙන්ම ඊට විරුද්දව සිංහල-බෞද්ද ජාතිකවාදි පාර්ශ්වයෙන් ඉදිරිපත් වී ඇති ‘උතුරු නැගෙන හිර සිංහල-බෞද්ද උරුමය’ පිලිබද ප්‍රවාදයද මිත්‍යා ප්‍රබන්දමය ගොඩ නැංවීමක් බවයි.”

කියවන්න උනේ එච්චරයි. බ්රාාාාාාං ගාල බස්සෙක ලොකු වංගුවක් ගත්ත. පොත බිම. ඒ එක්කම මාර වැඩක් වුනා. නන්දාමාලනීගේ සිංදු වක්කරපු බෆල්ලෙක අස්සෙ ගහල තිබ්බ කුනු ජංගියක් අපි දෙන්න වාඩිවෙලා හිටපු සීට්ටෙක ඉස්සරහට වැටුන. ඒක දැන් එල්ලි එල්ලි තියෙනව. පුදුම කුනු ගදක්. මම ගනං කලා. හරියටම ලොකු හිල් පහකුයි පොඩි හිල් පහකුයි තිබ්බ ඒකෙ.


එහා පැත්තෙ හිටපු දෙමල විදුහල්පතිගෙයි මාගෙයි මුනෙ කිසිම වෙනසක් තිබ්බෙ නැ. නහය ඇකිලිලා. නලලෙ රැලි වැටිල. ඕං චුට්ටක් වෙලා යන‍කොට හීනියට වගේ වෙරලු මල් සුවදකුත් එනව.


මට සේයාව මතක් වුනා. ආයෙම ඉංදියාවෙ දොස්තුර සිසුවිය මතුවුනා.
නැත්තං මේ වයසක කොන්දගෙ ප්‍රෙමනීය සලකුනක් වෙන්න බැරිද.කොහොම හරි මම බහින තැනට එන්න ඉස්සෙල්ල ජංගියත් ඇගේ වද්දගෙනම දෙමල මහත්තය බැස්ස. කලුවරගහ වංගුව පහුකරනවත් එක්ක තියෙන හුඹහ ගාවින් මමත් බැහ ගත්ත.

Monday, September 21, 2015

කත්‍යානගේ නිලි වැස්සයි මඩවලගෙ ලොවිනයි ගැන දාපු කොමෙන්ටුව. ගෙම්බාගෙ කතාව

ඒත් කත්‍යානාගෙ පොත පලවෙනි උත්සහය හැටියට අගය කරන්න පුලුවන්. එපමනයි. 

ඔන්න ගෙඹි අම්මෙක් හිටිය. ඊට පස්සෙ ගෙඹි පුතෙක් හිටිය. ඉතිං ගෙඹි අම්ම දවසක් උදේම කෑම හොය‍ොගන ගියා. ඒත් එදා එයා ගිය තැන ගොඩක් වෙනස්. මොකද දන්නවද

අහම්බෙන් වගේ එයා ගිහින් තිබුනෙ රජ මාලිගයට. එයාට හැං‍ගෙන්න තැනක් තිබුනෙ නැ. ඉතිං එයා ගිහින් පැන්නෙ රජ තුමාගෙ මගුල් පොකුනට. ඒත් එයාට හරි දුකයි. තමන්ගෙ ගෙඹි පුතා තමන් එනකං බලාගෙන ඇති කියල. එයා පුරා දින හතක් එක දිගට කෑ ගැහුව. මේ කරච්චලය නිසා උඩරට රජ්ජුරුවන්ට නින්ද ගියෙ නැ. ඉිතිං රජ තුමා රට පුරා අන බෙර යැව්ව මේ ගෙම්බ මරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනං කියන්න කියල. 

ඉතිං එක ගමක ගම මහගේ කෙනෙක් කිව්ව ඒක කරන්න පුලුවන් කෙනෙක් ඉන්නව කියල. එයා ඒ ක කිව්වෙ තමන්ගෙ කම්මැලි පුතාගෙන් බේරෙන්න. ඒත් වුනේ වෙන දෙයක්.

අන්දරේ මාලිගාවට ගිහින් හොදට සප්පායම් වෙලා දුනු ඊ තල ගෙන්ව ගත්ත. ඒ පාර සද්දෙ ඇහැන පැත්ත බොරුවට කන තියල අහගෙන ඉදල මියෙම්වා රැකෙම්ව කියල ඊ තලයක් පිට කලා. 

මගුල් පොකුනෙ හිරවෙලා හිටපු අර පුතා නැති සොවින් තැවෙන ගෙඹි අම්ම එයාගෙ පෙර කුරුමයකට ඒ ඊතලේම අැමිනුනා. එයාට පුතා බලන්න යන්න බැරි වුනා. අන්දරේට සද්ද විද්ද කියන නම්බු නාමෙ එක්ක රජ මාලිගේ කවටයා හැටියට පදවියක් හම්බ වුනා. 

මේ අතර අර ගෙඹි පුතා අම්ම මැරුනු සොවින් මිය ගිහින් තිබුන.

ඉතිං මඩවලය මේක ලිව්වනං මේ ගෙඹි පුතා එකපාරටම ඇහැලෙ පොල දක්වා විතැන් වෙනව. මාලිගයට ගිහින් දේවියත් එක්ක නිරුවතින් හැසිරෙනව. පුලුමෙ කියන්නෙ දේවියගෙන් එන කිරිවලින් මේ ගෙඹි පුතා දවස් හතක් එක දිගට නානනව. දේවියත් මේ වෙනස්වෙන ගෙම්බට පුදුම විදියට ආදරය කලා. ඒත් රජතුමාට මේ වෙනසතේරුනෙ නැ. අන්තිමට දේවියට ගෙම්බට දාව රූ බර කුමාරියක් ඉපදේනව. හෆ්ෆා.... ඇති මේ ඉතිහාස කතාව. ඉතිං.... කත්‍යානා මොකද කරල තියෙන්නෙ?

Wednesday, September 16, 2015

ගෑනියෙක් නම් හාන්සි වෙන්න ඕන. පිරිමියෙක් නං මහන්සි වෙන්න ඕන.

ලංකාව ඉස්සර ඉදන්ම මුතු ඇටයක් නොව අමුතු ඇටයක්. ලංකාවෙ වෙන්නෙ ‍හරි පුදුම දේවල්. අද මේ ලිපිය ලියන්නෙ ලංකාවෙ සම්මුඛ පරීක්ශන ගැන.


මේ ලගදිම තිබ්බ කැලනියෙ සිංහල අංශයෙ. එ්කට කතිකාචාර්යවරු ගන්න ඇප්ලිකේශන් දානකොටම කෙල්ලෙක් ගන්න ඉන්නව කියල ප්‍රචාරයක් ගියා. ඒත් හැමෝම දැම්ම. 30 ක් විතර සම්මුක පරීක්ශනයට ඇවිත් හිටිය. පැය තුනෙන් ඔක්කොම ඉවර කලා. ඒත් අර ගන්න හිටපු ගැනු දරුවට අඩුවෙන්ම තමයි ලකුනු තිබිල තියෙන්නෙ. අවසාන තිරනයට අංශාධිපතිතුමා විරුද්ධ වෙලා තිබුන. එයා අනුමත නොකල නිසා සම්මුක පරීක්ශනය අවංලංගු වුනා. අර ලමයට සුදුසුකම් හැදුනම ආයෙම කැදවාවි. ඒකටත් ගිහින් ඒ ගැනු දරුවට උදව් කරන්න කියල හිත හදා ගත්ත. 

 ගැනු අය ගැන කියනවට වඩා ගැනු අය අසරන කරන, පිරිමි මේ වගේ තැන්වල කොතෙකුත් ඉන්නව. රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙ හිටපු දිසාපති කෙනෙක් මේ වගේ වැඩ කලා. එක් වරක් ඔඩිට් කේස් එකක් ඇවිත් නිලදාරිනියකට ගැටලුවක් ආව. දිසාපති ඒක බේරුව. හැබැයි දවස් තුන හතරක් අර නිලදාරි අම්මට එයත් එක්ක යහන් ගතවෙන්න වුනා. හැබැයි එයා එක දිගට කවුරුවත් තියා ගත්තෙ නැහැලු. ඊට පස්සෙ ආයෙ අලුත් කෙනෙක්. කොහ‍ොම හරි අරයගෙ රැකියාව බේරුනා. මම හිතුවෙ පිරිමි කෙනෙක් වුනා නං මොකද කරන්නෙ කියල? එහෙනම් රස්සාව එතැනින් ඉවරයි.
හැබැයි මීට හාත්පසින්ම වෙනම් දෙයක් රත්නපුර‍රේ ප්‍රාලේ එහෙක වෙනවලු. එතැනට රියැදුරු කවුරු වුනත් ඒකෙ ප්‍රදාන නිලදාරිනියක් එක්ක යහන් ගත වෙන්න බෝනස් එකක් ලැබෙනවලු. එහෙම බැයි නං එයාට ඉක්මන් මාරුවක් හදාගන්න එක මහලොකු දෙයක් නෙවෙයි.
ඉතිං කැම්පස්වලට ගෑනුලමයකේ සුදුසු නං ගැනීම කොච්චර හොද වුනත් ලංකාවෙ වෙන්නෙ ලිංගික අල්ලසක් ලෙස මෙවැනි අකටයුතු කං සිද්ද වීම. ඒත් ආයතනික මට්ටමින් මේ වගේ දේවල් වෙන එක පිරිමි ලෝකයටවත් ගැනු ලෝකයටවත් හොද දේවල් නෙමෙයි. පිරිමිත් ගැනුත් මහන්සිවෙලා යමක් ලබා ගන්න රටක් වෙන කං අපි බලා ඉමු.

Tuesday, September 8, 2015

රාජ්‍ය සේවය

ටොස් ටොස්
ටොටස් ටොස්

බෝනික්කියක්
සුවද විලවුන් සුවද ඉසිමින් හාත්පස
සිනා සලමින් බිමට

ටොකස් ටොස් ටොකස්‍
ටොක ටොක ටොකස්
සාරියක් ඔතපු බැරල් එකක්
රත්රන් රාමු උපැස් යුවලක්

ඩස් ඩස් ඩඩස්
ඩඩඩස් ඩස් ඩඩස්
බඩක් විතරක්
ලබ්බක් උඩට හයි කරපු
මහඇමතිලු
ඔලුව නමන් කුද ගැහිල
පොලිසියත් අන් හැමමත්

මුලු දවසමෙ
බලන් ඉදල
ගිය වැඩේ කරගන්න බැරුව
මල්ලත් අරන් බැස්සා
පලාත් සබාවෙන් එලියට....

Wednesday, June 10, 2015

නංගිගෙ අම්මා

චූටි පුතා කියන්නේම 
ලොකු අයියට දුක හිතෙයිලු
ලොකු අයියට පෙන්නන්නලු
ලොකු අයියා බිම වැටුනලු...
චුටි පුතා ලොකු අයියලු...

සුදු පුතාගෙ සුදු අම්මට
දැන් කියන්නෙ ලොකු අයියා
නංගිගෙ අම්මා කියල
අත්තම්මලු මගෙ අම්මා....


*********
ඒ ඇලයෙන් මේ ඇලයට
මේ ඇලයෙන් ඒ ඇලයට
අමාරුවෙන් හෙමි හෙමිහිට

ඒ අස්සේ පුංචි පුතා
ඇග උඩ විත් දගලනකොට
නංගි බබා අඩයි කියා
රවට්ටමින් බිමින් තියා

'බලන්නාකෝ දගලන හැටි
දැන් ඉදන්ම විසේ තරම"
මගේ අතත් බඩින් තියයි
පයින් ගහන හැටි බලන්න

හීන් හිනාවක් ඇදෙනව
හීන් කෙදිරියත් එක්කම

අම්ම කෙනෙක් ලගින් ඉදන්
රුකුලක් වෙන්නට පුලුවන්
ඒත් අම්ම කෙනෙක් වෙන්නෙ
අම්මෙක්මයි නුඹ වගේම...


Tuesday, June 9, 2015

කවන්ධ

ljJO

we`Èß kS;sh uÈjg pqre pqre jeiai' yudmq yq<`.g .yf.k wd Èrmq fld< mkai, ñÿ, mqrd ta fï w; úisß,d' ld,lKaKs rgl bkak .iaje,a mjd wlue;s fj,d lsh, f,dl= yduqÿrejkag ys;=Kd' jeye, jeye, mkai,a ñÿ, fyd`ogu f;; nß .eys,' zzfldfydu yß lÀk msxlu lrkak ´kfka' ta;a fmdä yduqÿrejkag uu tkak lshmq tl jerÈo ukao" fï l,n, wiafia' ta;a Wkakdkafif. leue;a;fka' fldfydu yß fïj lrkak;a tmehs'ZZ
 fufyu ysf;k tl fï ojiaj, yefudaf.u yeá' ys;=jg ljqrej;a t,smsg fïj lshkak .;af; kE' WmÈkafk ke;sj ñh hk ore .eí jf.a ys;=ú,s t,shg kEú;au ur, odk tl yeu ys;lgu ord.kak wudre WK;a" tfyu lrkak WKd'
fjko jf.a fkdjqK;a wdmq yefudaf.u uqyqKqj, ldgj;a lshjkak wudre" kjl;d odylskaj;a lshkak ners ye`.Sï tl;=fj,d ysrfj,d ;snqfK' leïmia tflka yh yudrg wdmq fmdä yduqÿrefjd ;ju;a ke;af;a fudlo lsh,d ta yefudau l,amkd lrkak WKd' ta wjqwiafia nK lshkak mgka .;a;d' jeä fj,djla .sfha kE' we`. ysßjÜgf.k wdmq yuqod g%la tl .ymq fn%la mdrg nK uvqfj yefudau nhfj,d ;=IaKsïN+; fj,d' wef`.a uhs,a fl,sx ysg.;a;d' ta y`v wdmq yeu ojilu .fï ;reKfhla w;=reoyka jqfKa wdfha ljodj;a olskak fkd,efnk úêhg'
tl mdrg wdmq yS;,lska yduqÿrefjd ysßjeá, .sh;a" fï ld,.=fKag ;uhs yefudau fodia lsõfj' nK wyk tl me;a;lska ;sh, f,dl= yduqÿrefjd m%jD;a;s weyejqfj B <`. ksfïYh .ek ldgj;a n,dfmdfrd;a;=jla ke;s ksid'
zzfj,dj rd;%S 8hs' fï ''''''''''''' údlYkhhs'
? wfÜ isg fyg myka jk ;=re we`Èß kS;sh'''''''''''''
n,Oßhd úiska lmd yßk ,§' ''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''ZZ
fï fjkfldg nyq;rhla ñksiaiqkaf. wOHd;auh jf.au fN!;slh;a n,Odßhdf.a taldêm;s w{dj hgf;a lmd oud ;snqfK' mK k, .eg.y.kak ;sfhk wdidj ksid ljqre;a n,Odßhdg úreoaOj l;d lrkak .sfha kE' ñksiaiqkag tl me;a;laj;a ke;sfjÉp ld,hl n,Odßhdg úreoaOj ysgmq wh;a lrkafk n,Odßhd lrmq foau nj yefudagu bfjka jf.a oefkñka ;snqK'
lK fllsKshf. fYdalSrdjh yeu ;eku me;sß, .shd' mkaif,aa fld< ye¨K fnda .fya bm,a wyig ;ukaf. ÿl lsh lshd ksrej;a we`. fmkakñka ysáfh'
wïu, ldmq fõ,aj,g jvd mq;d, .ek ys; ys;d l`ÿ¿ ìî ysáhd' ;ukaf.a Ôúf;a óg jvd wirK jqKq fj,dj,a óg jeäh ;snqK ke;s ú;a;sh wïu, oekx ysáh' fï ojiaj, foúfhd;a idudkH ñksiaiq;a tlal  fyd`ogu wukdm fj,d ysáh ú;a;sh .ïuq oek .;af; lmq uy;a;h foajdf, kej; okajk ;=re jymq yskaou fkfuhs'
ta fldfydu jqK;a uq¿ ,xldju rlskak ndr oSmq foj;dj" zúIaKqZ foúhkag myk m;a;= lrkak f,dl= yduqÿrefjd wu;l lf<a keye' ;ukaf. orej" fmdä yduqÿrejkag lrorhla kï fjkak tmd lsh, fohshkag lSmdrla lshkak we;ao@ me;a;l ;snqKq mrK ;s%Y+f, m`vqrl=;a .eg .y, mkai,g wdfj fyg Wfoau ;sfhk jev lrkak ys;df.k'
fï f,dafl lsisu lsis wuq;a;la jqfKa kE jdf.a mdkaor br fl<ska fjkak wrf.k ;snqfK' wks;a yefudau fmdä yduqÿrefjd kej; fkdmeñKs ksid wdmyq leïmia hkak we;s lsh, ys;df.k ysáfh' ta;a lg fydaokak t<shg wdmq f,dl= yduqÿrejkaf. uQfK wuq;= m%fndaOhla we;s jqfKa fmdä yduqÿrefjd weú;a lsh, oelmq ksihs' zz;dmafmka tyd me;af; weia fol;a f,dl= lrka bkafk wms nhjoaokakoZZ lsh, wy, zwe;=<g tkakZ lsh, f,dl= yduqÿrefjd lshjf.k .sfha ysf;a y;=gg' 
ta;a we;=<g fkd tk ksid f,dl= yduqÿrefjd fmdä yduqÿrejkaf. T¿j w;.d, wdofrka yskd jqKd'  ;d;a; flfkla jf.a ÿflka" ta ye`.Sfuka'  ta;a fohshfka T¿j tl mdrgu ìug jegqK' w;g wyq jqfK ;s%Y+f, W,la' ;uka Bfh ? m`vqre .eg .ymq ;%sY+f, fmakak ke;s nj f;arefka ta fj,dfj'
isys ke;sj jeá, ysáh f,dl= yduqÿrefjd .fï lsysm fofklaf. Woõfjka wdrduhg j;a;ka jqKd'
isßhdj;S foys .y hg odäh odf.k ySkhl wre;a fydhñka ysáfh' fldfydu yß ;ukaf. ysf;a ysßu,a wdorh yx. .;a;= fmdãg lrorhla fjkak tmd lsh, foys f.ähl .dmq m`vqr nv;=f¾ i`.j .;a;d' ta;a ta kmqre ySkh" l`o ú;rla wdj;a ;uka fmdä idÿj w`ÿr .;a;= yeá" zfohshfka ''''''''' ta jf.a kmqre ySkhla'''''Z 

Saturday, May 23, 2015

කවියකින් පටන් ගත්තු කතාවක්

කවියකින් පටන් ගත්තු කතාවක්

පරන සී ටී බී බසය
සැර දමා ඉදිරියට
ගැස්සි ගැස්සී ඇදෙයි
පැද්දි පැද්දී වැනෙයි

කච්චේරියේ ඉදල
තකහනියෙම ටවුන් එකට
ගෙදර යන්න හදිස්සි වුන
හැට ‍නොපැනපු නව යොවුනන්
පුරවාගෙන සැර දාගෙන

“මේ බලපං නංගී
අලුත ආපු මහ එකීව”
“ඒ කිවිවේ  අර ගෑනි ද?”
“වෙන කවුරුද ඒකි තමයි
දිරවන්නැ මට කොහොමත්”

නවත්තන්න ඔය බස්සෙක
මොකාද මේ නාකි මොටා
මට පිටිපස්සෙන් ඉදගෙන
මිරිකනවා මගෙ තට්ටම

ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි
මහත්මයෙක් බිමට බසී
සැර දාගෙන බස් එක යයි

මේ අස්සේ හිටගෙන මට
විනාඩියට නින්ද ගියා
ගැහුව බ්රේක් පාරට දොහ්
ගාල බිමින් ඉන්ද වුනා

ලිංගික ආශාවකින් තොරව ගැහැනුන්  දෙස බැලී‍මේ ඔහුගේ උවමනාව එන්න එන්නම වැඩෙන්නට විය. සිය කාර්යාලයේදීත් මග තොටේදීත් නිරන්තරයෙන් හමුවන අඩන දොඩන සිනහ වෙන යුවතියන් වෙත ඉතා කාරුණික වූ ඔහු ඔවුන්ගේ දෙනෙත් කාන්තියෙන් සිය දෙනෙත් ඉවතට ඇද ගැනීමට මහත් ආයාසයක් ගත්තේය. කාන්තා අයිතිවාසිකම් පිළිබද නිරන්තරයෙන් හැකි සෑම විටම කතා කළ ඔහු සිය සිතේ නිරුවත් වන ගැහැනු සිරුරු දෙස බැලුවේත් හොරෙනි. එහෙත් ගැහැනු සිරුරක ඇති ලාලිත්‍ය මුසු රාගිකත්වය විශ්වීය ගීතයක් මෙන් අමන්දානන්දයක් ඔහු ගත සිත වෙලා ගන්නට සමත් විය. ඔහු කවක් ලියන්නට වුනි
දෙවියන් වහන්සේ
ලෝකය අලංකාර කිරීමේ වගකීම
ඇයට පවරා ඇති සේය
ඇය‍ගේ පාවහන් අලංකාරය
සාරියේ මල් මල්ය
කුඩයද නෙක රටා පිරී ඉතිරි හැලෙයි
ගමන බිමනද
එසේය... රසවත්ය... ලාලිත්‍ය මුසුය
සිත්තරකුගේ රේකා මුසු නග්න දේහයය

සිය කාර්යාලය වෙත උදෑසනම පියමං කරන ප්‍රියන්ත සුපුරුදු පරිදි හාත්පස සුවද විදින්නට පටන් ගනී.
“ආ රංජනි නංගි. ගුඩ් මෝනින්. “
එහෙත් ඔහුට ඇය කෙරෙන් වෙනසක් දැනෙයි. ඔහු වහා තීරණය කරන්නේඇය සිය සුවද විලවුන් මාරු කර ඇති බවයි. එසේම ඇය අද සාරිය වෙනදාටත් වඩා නැබ පහලින් ඇද ඇති බව පෙනෙයි. සියුම් කෙසේ රොදක ඉහලින් ඇති නැබෙහි ආවාටය අවකාශයෙහි ඇති කලු කුහරයක් ඊට සියලුම වස්තු ඇද ගන්නා සේ තම නෙත් ඇද ගන්නේ කෙසේ දැයි සිතන්නට විය. සිය සිතමැඩීමට වෙනත් මගක් තිබිය යුතුය. එසේ නොමැති නම් මෙවැනි කාමුක සිතුවිලි තම සිතට පමණක් නැගෙන පහත් ඒවාද? විසදුමක්නොමැති සිතුවිලි වැලකි.
“කෝ ප්‍රියන්ත. එන්න. “
“මැඩම්...”
“අද ලස්සන වෙලා. ඒ සාරිය ‍හොදට ගැලපෙනව. “ඇයගේ වත්සුනු සුවද උදෑසන ඇයගේ කාමරය ‍රෝසමල් සුවදින් පුරවාලීය. ඒ සුවද ඔහුට මතකය. එය වෙනත් විලවුන් වර්ගයක නොව ඔහුකවදත් කැමති එන්චාන්ටර් විලවුන් සුවදය. ඔහු පෙනහලු තුලට ගත් හුස්ම පිට කලේ මහත් ලෝබයෙනි.
“මේ ලියුම හදල තියන්න. මම මිනිට් එක දාල තියෙන්නෙ”
ඔහු වඩාත් ප්‍රිය කලේ බසයේ පිටුපස ආසනයේ කොනක යන්නටය. එවිට ඉතා පහසුය. කවුරුවත් කකුල පාගන්නේවත් ඇගට තෙරපෙන්නෙවත් නැත. එහෙත් සිය කාර්යාලයේ ම යුවතියන් උදේ පටන් සවස් වන තුරු වැඩකර සවස යන විට උදෑසන ඔහුට දැනුනු සුවද වෙනස් වී ඇති තරම් ඔහු දනී. විටෙක වත්සුනු සුවදද තවත් විටෙක දහඩිය සුවදද මුසුව එන සුවද තම සිත තුළ ඇති කරන්නේ පිලිකුලක් ද ආසාවක්ද යන්න තව දුරටත් අධ්‍යයනය කිරීමට ඔහු තීරණය කලේය. එහෙත් එය කරන්නෙ කෙසේදැයි සිතීමට කාලයක් නොවිය. තමා ලගින්ම වාඩි වුන චන්ද්‍රා හා ඔහු දොඩන්නට විය. “ඇය සිය මුහුනේ රැවුල සම්පූර්ණයෙන්ම ඉවත් කොට ලා රෝස පැහැති සායම් තොල් ‍පටේ ආලේප කර සිටියි. මුහුනේ එක් පසක කලු ලපයකි. එය ඇගේ මුහුනට ගෙනත් දී ඇත්තේ තවත් අලංකාරයකි. ඇය මගේ නංගිගේ දුවගේ වයසේය. මම ඇගේ අයියාය. එහෙත් ඇය මගේ නංගිගෙ දුවගෙ යාලුවෙකි. එබැවින් මගෙද යාලුවෙකි. ඇයටද එසේ වන්නට ඇත.”
එදින ඔහු වෙනුවෙන් සූදානම් කළ උත්සවයක් සුළුවෙන් කච්චේරියේ ලෑස්ති කොට තිබුණි. අදුරු මුහුන සගවාලීමට තැත් කළ උත්සහය අසාර්ථක එකක් බව ඔහුටම තේරෙන්නට විය. යහලු යෙහෙලියන්ගේ සුබපැතුම් හා තෑගි පාර්සල් ගොඩකි. අදින් පසු ගෙවන තනිකඩ ජීවිතයට මුහුන දෙන ආකාරය ඔහුගේ මනස අවුල් කරන්නට පටන් ගෙන තිබුනි.


Tuesday, May 5, 2015

මතක ද ඒ සොදුරු රැය?

මතකයි ද ඔයාට
ඒ සොදුරු රැය....
ඔයයි මායි
ගග අයිනෙ කාමරයෙ
හද එලිය යාන්තමට වැටුන ඒ රෑ....
බලාගෙන හිමින් ගී කියන
ගග දිහාව
ගලවමින් එකිනෙක හෙමහිට
ඔයාගෙ ඔලුවෙ මල් ගහපු
කොන්ඩ කටු...
හැට්ට කටු...
අපි දෙන්නම ගොඩක් මහන්සිවෙලා හිටියෙ
මුලු දවසෙම රග පාල
එන එන කෙනාට හිනාවෙලා...
ඒත් ඒ සොදුරු රෑ...
මතකයි ද ඔයාට
අපි දෙන්න
අපි දෙන්නෙක් නොවන තරමට
හිමින් සිඹිමින් දෙකම්මුල්
සපමින් දෙතොල් පෙති
උරා බොමින් මුව මල් කෙමි
සමාධිගත වුන සුයාමය
ඒ සොදුරු රැය
සද එලිය මදින් මද මෝදු වුන....
වේදනා බර වුනත් නොයිදුල් ඒ මොහොත
ඒ සතුටු කදුලු නේද
නුඹ දෙනෙත් නෙලුම් පෙති මත රැදුන...
මතකයිද ඒ රැය... අපි අපෙ සුවද විදි....
අද රෑත් හෙට රෑත්
හොයනවා ඒ රෑ...
ඇයි ආයෙ එන්න බැරි
එදා රෑ ආයෙමත්...

Tuesday, March 24, 2015

මැලේරියාව

මැලේරියාව
ගම්පෙරළිය පොතේ ජිනදාස වෙලඳාමට සිංහලේ ගියා. ඊට පස්සෙ මැලේරියාව හැදිල එයා මැරුන කියල ආව ආරංචියට පස්සෙ තමයි නන්ද පියල් හා විවාහ වෙන්නෙ. ඉතිං ඔය කියන කාලයේ ලංකාව පුරා ඒ දරුනු වසංගතයෙන් සෑහෙන පිරිසක් මිය ගිහින් තියෙනව.
ස්ථානය
ඈත පිටිසර ගම්මානයක් වුනු බලංගොඩ කල්තොට පුංචි පාසලක්.
විවිධ වයස්කාන්ඩවලට අයත් ලමයින් රාසියක් සෙල්ලම් කරමින් එහෙ මෙහ අත දුව යයි. ගුරුතුමියක් එක් පන්තියක ද තවත් පන්තිය ක පිරිමි ගුරු වරියක් ද උගන්වයි.
මේ අතර ගමේ මිනිසෙක් තඩි පොළඟෙක් ඔසවා ගෙන පාසලට පැමිණ ලෙකු ඉස්කෝලෙ මහත්තයා හමු වෙයි.
‘‘ලොකු මහත්තයෝ. මෙන්න මේක, අපේ හේන ඉහත්තාවෙ ඉඳල අල්ල ගත්තෙ. ලමයින්ට පෙන්නන් හොද දෙයක් හන්ද මං උස්සන් ආව.“
ආ ඒක හොඳයි.
ලමයිනේ, ඔය ඔක්කොම වැඩ නවත්තල එන්න. මේන්න බලන්න අප්පුහාමිගෙ හේන ඉහත්තාවෙ හිටපු පොලඟ. අද අපි මෙයා ගැන විස්තර කතා කරමු.
ඒ කතා කල විස්තර සේරම ලොග් සටහන් පොතේ ලියල ඉවර වෙනකොට හවස පහට විතර ඇති.
වැඩ ඉවර වෙලා පහල දොලට ගිහින් නාගෙන ආව ලොකු මහත්තයට ඇඟට ලොකු තෙහෙට්ටුවක් දැනුන. පෑවුම බොහොම තදේට තිබුන. ගස් වියලිලා ගියා. උදේට එන දරුනු හීතල ගම්මානෙ පුරා මිනිසුන්ව ලෙඩ කලා.
අලුත් සතියක ආරම්භය
උදේම ඉස්කෝලෙ පටන් ගත්තා. එද විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වෙන දවසක්. උදේ රැස්වීමෙදි ලොකු මහත්තය ලමයි හැමෝටම ඒ බව දැන්නුව.
දෙමාපියො ගම්මු කිහිප දෙනෙකුත් සහබාගි වුනා දවල් වෙනකොට. ළමයි මහන්සියෙන් වගා කරපු මඤ්ඤොක්ක වගාව ගැලෙව්වෙ හැමෝගෙම හිනා මැද්දෙ.  ඒව ගලෝල හෝදල තම්බල දවල් ආහාරයට ගන්න සකස් කලා. මුලු ඉස්කෝලෙම ලමයි හිනා වෙවි තමන්ගෙ මහන්සිය ගැන පුරසාරම් දොඩවන්න තවත් කෙනෙක් හොරෙන් කැලේට ගිහින් අලයක් දෙකක් පුච්චන් කන්න.... මේ හැම දෙයකින්ම පාසල ජීවයෙන් පිරිල ගියෙ. ලොකු මහත්තයටග හදවත් සතුටින් ගැහෙන්න පටන් ගත්ත.
දුශ්කර පලාතකට පැමින තම බිරිදත් සමග ගෙවන අනාරක්ෂිත ජීවිතය මේ තරම් කුල්මත් එකක් වේවි කියල එතුමට කවදාවත් හිතුනෙ නැ. ඒත් තමනුත් බිරිදත් ගම්මුන් හා බැදුනු බැම්ම ඒ ගමෙන් පිටවෙන්න ඉඩ තිබ්බෙ නැ. ඒක කල්තොට ගමේ ලමයින්ගෙත් වාසනාවට වුනු දෙයක්.
ඊට පස්සෙ සතියෙ සඳුද. පාඩම කරන්න ආරම්භ කලත් දිගටම කරගෙන යන්න අමාරු වුනා. පාතින් ගිය ගුවන් යානයක් නිසා පන්ති වැඩ අතරමග නතර වුනා. පස්සෙ නූතන ගමනාගමනය ගැන පන්ති දෙක තුනේම ලමයි දැනුවත් කරන විශේෂ පාඩමක් කලා. එදින ලොග් සටහන සම්පූර්ණ කරන්න වුනා.
.......
ඊට පහුවෙනිද. යන්තම් හීනියට වැහි පොදක් වැටෙන්න ගත්ත. ඉස්කොලෙ පටන් අරන් වැඩි වෙලාවක් ගියේ නැ. ඉවසන්න බැරි හීතලකුත් එක්ක ලොකු මහත්තයගෙ ඇඟ ගැහෙන්න පටන් ගත්ත. නෝන මහත්තය ඇවිත් විස්තර අහල බෙහෙත් ගන්න යමු කිව්ව. බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට යන්න පයින් බැරි නිසා කරත්තයක් හොයා ගන්න වුනා. අමාරුවෙන් ලොග් සටහන් පොතේ මෙහෙම ලිව්වෙ නෝන ලව්ව.
ඉස්කෝලෙ 9ට වහන්න වුනා. මට උණ හැදෙන්න වගේ. ඇඟ සීතලට වෙව්ලනව. ‘‘
සතියක් ගෙවුන. ලමයි දෙමාපියො මාරුවෙන් මාරුවට ලොකු මහත්තය බලන්න ගියා. උන අඩු වුනාට පස්සෙ ලොකු මහත්තය ආයෙම උගන්නන් පටන් ගත්තා. ඒත් ඇඟපතට හරිහමන් සුවයක් දැනුනෙ නැ. එක දිගට වැඩ කරගෙන යන්න උනේ නෑ.
ලොකු මහත්තය ආයෙම ලෙඩ වුනා. එදා 11ට ඉස්කෝලෙ වහපු ලොකු මහත්තය ආයෙම ඉස්පිරිතාලෙ බෙහෙත් ගන්න ගියා. ඊට පස්සෙ කවදාවත් ලොකු මහත්තයට ලොග් සටහනක් ලියන්නවත් දරුවන්ගෙ ජීවයෙන් පිරුනු ජීවිත දිහා බලල සතුටු වෙන්නවත් ඉඩ ලැබුනෙ නැ.
******************
ගම්මුන්ට තිබුන එකම ඉස්කොලෙ වැහිල මාසයක් වුනා. ලමයි උදේ වැඩට යන ගමන් ඉස්කෝලෙ දිහාව බලාගෙන ගියා. ලොකු මහත්තය මතක් වුන හැම වාරයකම එන කඳුලු පිහදාන්න කවුරුවත් උත්සහ කලේ නැ. ඒව මුන දිගේ රූටලා ගිහින් ලොකු මහත්තය මිහිදන් කල භූමිය සිපගත්ත.
තමන්ගෙ සැමියව මේ තරම් ඉක්මට තමන්ව දාල යයි කියල හීනෙකින්වත් හිතල තිබුනෙ නැති ඉස්කොලෙ හාමිනේගෙ තනියට ගමෙ ගෑනු කෙනෙක් හැමදාම ආව. මේ අතර ගම්මුන්ගෙන් බේරෙන්න බැරි කමට ආපහු ඉස්කෝලෙ පටන් ගන්න ගුරුවරයෙක් එනකං වැඩ කරන්න ගුරුවරියක් නොවුනත් නෝන කැමති වුනා. ලොකුමහත්තය නැති කාංසිය පිට කරන්න වෙන ක්‍රමයක් එයාට හිතාගන්න බැරි වුනා. මහත්තය නැති ලෝකෙක ආයෙ නෑදෑයො ලගට යන්න එයාට හිත හදා ගන්නත් බැරි වුනා.
ආයෙම සඳුදාවකම ලොකු මහත්තය නැති ඉස්කෝලෙ පටන් ගත්ත. එදා හවස ලොග් සටහන ලිව්වෙ මෙහෙම.
අද ආයෙම ඉස්කෝලෙ  පටන් ගත්ත. හිටපු විදුහල්පති මගේ මහත්තය මැලේරියාවෙන් මිය ගියා. මම ගුරුවරියක් නෙමෙයි. ඒත් ගම්මුන්ගෙ ඉල්ලීම අහක දමන්න බැරි නිසා ලමයින්ගෙ අනාගතය ගැන සිතා නැවත රජයේ ගුරුවරයෙක් එනකං වැඩ කරගෙන යන්න තීරනය කලා.
ඒත් ටික දිනකින් නෝන මහත්තයටත් ලොකු මහත්තයගෙ අසනීප තත්වයම පටන් ගත්ත. ලොග් පොතේ ‘මටත් උන. අද 12ට ඉස්කෝලෙ වහනව.‘ කිය ල ගිය නෝන ආයෙ ඉස්කොලෙට ආවෙ නැ.
**************
ඊට මාසෙකට පස්සෙ අලුත් ඉස්කෝලෙ මහත්තයෙක් ආව කල්තොට ඉස්කෝලෙට. එයා වැඩ බාර ගත්ත. මේ එදා හවස එයාගෙ ලොග් සටහන.
‘‘මම අද වැඩ බාර ගත්ත. මීට කලින් වැඩ කරපු විදුහල්පතිතුමා මැලේරියාවෙන් මිය ගිහින්. ඊට පස්සෙ ගුරුවරියක් නොවුනත් එතුමාගෙ බිරිඳ මෙම පාසලේ උගන්වන කටයුතු කරගෙන ගියත් අවසානාවන්ත විදියට ඇයටත් මැලේරියා වසන්ගතය නිසා ඇයට මෙලොව හැර යන්න සිදුවී තිබුනා.“