සිංහල සාහිත්‍ය විචාර
කලාව පිළිබද විවිධ මති මතාන්තර හා කෝන්තර හෙමින් හෙමින් පැතිර යන යුගයක සිංහල වීම
පිළිබඳ හිරිකිත බවක් නොතිබූ අදීන සිංහලයෙක් මෙනහි කිරීමට ගන්න පොඩි උත්සහයක්.
ඒ විතරක් නෙවෙයි, ගමේ
කමට, ගමේ බාසාවට තැනක් දීපු උදවිය අඩු නිසා ඔහු තවත් වැදගත්. ඒ වගේම සිංහල අපටම
කියල විචාර කලාවක් නැත කිය කියා තැටමීම වෙනුවට අපේ කම සොයා යන එක වැදගත් කියල
හිතුව.
කුමාරතුංග විචාරකයා, නිර්මාණකරුවා
කළ කී දෑ විමසීම පරණ දේ ඇගයීම පමණක් නොව අනාගතය සකසා ගැනීමට ආලෝකයක් ලබාගැනීමක්. පාට
පාට හීන බ්ලොගයේ මේ පිටුව සිංහල විචාර කලාව වෙනුවෙන්.
කුමාරතුංග සාහිත්‍ය වචාර න්‍යාය ගැන විමසන විට පළමුව ඇස යොමු කළ යුතු ප්‍රබන්ධයක් ලෙස ප්‍රබන්ධෝපදේශය ඉතා වැදගත්. එහිදී ඔහු යම් ප්‍රබන්ධයක
සාධනීයතාව විමසීමට කරුණු තුනක් අවැසි බව පෙන්වා දෙනවා. එයින් නිසි පරිදි ප්‍රබන්ධයක්
හඳුනා ගත හැකියි.
1 කිමෙක් බඳනා
ලැබේද?
2 කෙසේ බඳනා
ලැබේද?
3 කෙසේ උසස්
කරනු ලැබේද? (ප්‍රබන්ධෝපදේශය- 09 පිටුව)
මේ ප්‍රශ්න
තුනම නැවත අපට වෙනත් ආකාරයකින් අහන්න පුළුවන්.
1 කිමක් බැඳ
ඇත්තේද?
2 කෙසේ බැඳ
ඇත්ද?
3 කෙසේ උසස්
කර ඇත්තේද?
මේ
ඕනෑම ප්‍රබන්ධයක්
පිළිබඳ විචාරයක යෙදෙන්නෙකුට මේ න්‍යායාත්මක ප්‍රවේශය ඉතා වැදගත්. හුදෙක්
කෘතියක ගුණාගුණ නොකියා න්‍යායාත්මක ප්‍රෙව්ශයකින් එලියක් ලබා ගැනීමටයි
මෙය වැදගත්. කතුවරයා ගැන හිතමින් වර්ණනා හෝ ඇනුම් බැනුම් පමනක් නොකොට
ප්‍රබන්ධයකට එයට හිමි තැන හා කතුවරයෙකුට තමා සිටින තැන හඳුනා ගන්නට වගේම
එයින් ඔබ්බට දකින්නට එබඳු විචාරයක් නවාලෝක කදම්භයක් පතුරුවනවා.
ප්‍රබන්ධයක්
වස්තු, සන්දර්භ හා උත්කර්ෂණ නමින් අවස්ථා තුනක් යටතේ ඉගෙන ගත යුතු බව
ඔහුගේ මතයයි. එහිදී වස්තු යන්නට ඔහු දෙන නිර්වචනය විචාරකයෙකුට සිය සිතුම්
පරාසය පුළුල් කර ගැනීමට කරන්නේ ලොකු උපකාරයක්. මේ තමයි ඒ පැහැදිලි කිරීම.
‘‘
වස්තුව ප්‍රබන්ධයෙහි සාරයයි. එය බුද්ධි විෂය වෙයි. බුද්ධිය නම් වටහා
ගැනීමේ ශක්තියයි..... ප්‍රබන්ධය අසන්නේ හෝ කියවන්නේ හෝ එහි වස්තුව තමාගේ
බුද්ධියෙන් උරා එහි මුල මේ යැ. මැද මේ යැ. අග මේ යැ. සම්බන්ධය මේ යැ.රසය මේ
යැ. යනාදී විසින් විභාග කෙරෙයි....“ (ප්‍රබන්ධෝපදේශය- 11-12 පිටුව)
කාව්‍ය විචාරය කෙරෙහි කුමාරතුංග අවධානය සිංහල කවියේ වර්ධනයට විශාල ලෙස බල පෑ එකක්. එයින් ඔහු ගෙන ආ ආලෝකය අද කවියේ වර්ධනය හා පෝෂණයෙහි හැරවුම් ලක්ෂයක්. සම්භාව්‍ය සංස්කෘත ඇදුරන්ගේ කියමන් එසේම නොගෙන දැඩි විමසුම්ව සංස්කරණ හා අදහස් හි දිගු සැපයීම ඔහුගෙන් සිදු වූවක්. මේ රස හැඳින්වීමට ඔහු දරන ලද බුද්ධිමය මෙහෙයවීමේ හැටි පෙන්වීමට නිදසුනක්.
“ රස ඇවිස්සීම පහසු නොවේ. එ හෙයින් බොහෝ දෙනා ගේ ප්‍රබන්ධවලැ ඇත්තේ ප්‍රබන්ධ මාත්‍ර යෙකි. ... කෙසේ වුවද ප්‍රබන්ධය උසස් කිරීමට නම් මේ තරම් අවශ්‍ය වූ අනෙකක් නැත. කවීහු වනාහි ‘රසය නැති තන්හි කාව්‍යෙයකු දු නැතැ‘යි කියත්.“ (ප්‍රබන්ධෝපදේශය- 83 පිටුව)
රස මෙන්ම අලංකාර පිළිබඳවද කුමාරතුංග මතය අතිශය වැදගත්. ඔහු පවසන්නේ හුදු අලංකරණ ප්රයෝග භාවිතයෙන් යමක් විකෘති වීමට ඇති සම්භාවිතාව වැඩිවීම අනිවාර්ය බව. මෙය සංස්කෘත විචාරකයන්ගේ මාර්ගයෙහි ඇති වැදගත් දේ ගැන සිංහල කවියන්ට අවධාරණය කිරීමක් ලෙසත් පෙන්වා දෙන්න පුලුවන්. මේ ඒ ගැන ලුහුඬු සටහනක් ඔහු විසින් දක්වන ලද.

‘‘අලංකරණය
සිතා බලා කළ යුත්තෙක් නොවේ. එ සේ කළ හොත් අලංකාර යැ යි සිතූ දෑ ඇතැම් විටැ දූෂණය
වියැ හැකි යැ. සැලැකියැ යුත්තේ වස්තුව යි. වස්තුව අඛණ්ඩ වැ අවිකලැ වැ අසම්බාධ වැ
අනධික වැ ගැලියැ යුත්තේ යැ. ගඟට එන ඇළ හෝ කඳුරු ආදිය මෙන් ස්වභාවික වැ එන අලංකාර
වේ නම් අවුත් බැඳේ වා. එ බඳු අලංකාරය සැබැවින් ම අංලකාරයෙකි.

No comments:
Post a Comment