Monday, November 28, 2016

‘‘මයෙ අම්මෙ යමු යංඩ‘‘

‘‘ආදරේ කියන්නෙ දාල යන එක නෙමෙයි බං
ආයෙ එයි කියලා බලන එකටයි රත්තරන්‘‘
(මයෙ අම්මෙ යමු යංඩ-43 පිටුව)

මානව හිතවාදී කලාකෘති මතක තියාගෙන රැකගන්නයි අමුතුවෙන්  මතක් කල යුතු ඒවා නොවෙයි. යුගයෙන් යුගයට හදවත් සනහමින් ජීවිත පිලිබද ක්ශුද්‍ර අංශු ගැඹුරින් පෙන්වමින් තද් කෘති සිය සමාජමය කාර්යන් ඉටුකරනව. එබදු පොතක් කියවීමට ලැබුනු සතුට ඔබටත් අවැසි නම් විදගන්න. මේ ලියන්නෙ ඒ සතුට වදන් මත තැවරිය හැකි උපරිමයෙන්. මනෝභාවයන් හා වචනවල ඇති දුර ගව් ගනනක්. හැම වෙලාවෙම ඒක එහෙමමයි. ඒත් කවියක් ඒ දුරස්ත බව අවම කරනව. පුදුමය ඒකයි. ‘මයෙ අම්මෙ යමු යංඩ‘ එක්ක පාටකය යමු යංඩ.‘‘ඉතින් හිත සැනසෙන විදියට අපිට දොස් නොකියා හරි ආදරබරව කම්පනයකින් ඒ කවිය ලියල තිබුන. ජීවිතේ තිත්තම තිත්ත ඇත්ත එයා ලියල තිබුණ. එදා ඉදල මම මෙ මනුස්සයගෙ කවි හොයාගෙන කියවන්න පටන් ගත්ත...‘‘ (අභිසාරිකා සහෝදරියගේ පෙරවදනින්)කවියා අල්ලගන්නෙම අපි හිතන්නැති තැනකින්, පුදුමාකාර ජීවිතයෙ. ඒත් එතැන තමයි දුකම. තිත්තම. ආදරේම. හැමදේම තියෙන තැන. කුලියාපිටිය ආදාහනාගාරෙදි අම්මව බෞතිකව නික්මෙන මොහොත ගැන වැල්වටාරම් ආලවට්ටම් මොකුත් නැතුව කවියා නිරුවත් වචන පෙල ගස්සනව. හිත කීරි ගැහෙන ඒ වදන්වල ආදරය හැංගුන අදුරු අහු මුලු එලියට ගේනව.


‘‘කලු දුමක් නැගුනොතින් පෙට්ටියයි දැවෙන්නේසුදු දුමක් නැගුනොතින් අම්මවයි නිවෙන්නෙ‘‘ අදාහානාගාරයේ ඇසෙන කුසු කුසු අතර මේ වගේ වදන් වැල් නිතරම ඔහෙ පාවෙනව. ඒත් කවිය දන්නව අම්මට මරනය සැපක් බව. ජීවිතේ ගෙනියන්න නොවිදිනා දුක් විදපු ඒ අම්ම කවියට මතක් වෙනව.
‘‘කදුලු අස්සෙන් මට පෙනෙයිඈත දවසකහාමතේ හිටිය හැටිඅම්මයි මමයි දෙන්නම‘‘ජීවිතයෙ තිබුනු එකම කවි පදය කවියාගෙන් ඈත් වෙන වෙලාව. ආදරයෙ උල්පත සිදී යන මොහොතක. චාරු වචන මොකටද?
දුගී බව උරුම වුන දිවියකට තනිවට ඉන්න බිරිදත් හැරදා ගිය විට. කවියා මේ මොහොත සිතුවම් පටක් මෙන් දිග හරියි. වහලයෙන් වතුර වැටෙන වැහි දිනක ඔහු දකින ශේශයන් අනෙක් අතට ඔවුනගේ කටුක බව හෙලිකරයි. කවියාට තරහක් නොනැගෙයි. එහෙත් මතකයද වේදනාවක්. පිලිතුරක් නැති තැන් එමටයි ජීවිතයෙ.
‘‘ මකුළු දැල් ඇද ගත්ත බිරිදගේ චීත්තත්වැහි බිංදු උරා ගත් උපත් පාලන පෙතිත්හය හතර චක්කරේ බිංදුවක්වත් නොදත්පොඩි උන්ගෙ ජංගි ටික කාවන්ට පෙරහැරක්....


.... කිරිල්ලක් උනා නම් හොටට හොට පටලවනකටු සරම ඍතුවක් වසන්තය සේ හැගෙන.... (07 පිටුව) විටෙක කවියා කියන දේවල් අමු අමුවෙ අපව හිරි වට්ටවනව. හිටි තැනම ඉන්දනව. එතැනින් එහාට මොකවත් හිතන්න බැරි වෙන තැන් ගොඩයි කවි පොත පුරාවට. ‘නිවන් පුර යන්න බස් එකක් නැති වෙලාවක... ‘ කවිය ඒ වගේ එකක්. අම්ම තමන්ගෙ ඇගම රැකියාව කරන් පුතු රකින අම්මලාගෙ හදවත විනිවිදින්න මේ අමු වචන කොහොම පෙල ගස්සනවද මන්ද? මේ අව්‍යාජ කවිය කියවන්න. කදුලු හංගගන්න. මේ තමයි තිත්ත ඇත්ත.‘‘වැහැරි තන් තාත්තා නොවන අය ඉඹිනකොටඅතුනු බන් රිදුම් දී බඩගින්නෙ වෙලෙනකෙටවේසියෙක්නෙ යකෝ මුලු ගමම කියනකොටචන්දරේ අපිට තව මරනයක් මොකකටද අපේ තාත්තත්
ආදරේ කලා හැම ගෑනිටමඅපේ අම්මට හැර‘‘ ජීවිතය කියන්නෙ අවසානයට මතක ගොඩක්. අත්හරින එක හැම මොහොතකම අකමැති වුනත් වෙන දෙයක්. බූරුවෙක් වගේ වෙන දේවල් බලං ඉන්න තියෙන මොහොතවල් කොපමනද? කවියට සිය සහෝදරයන්ට කියන්නට ඇත්තේ එපමනයි.‘‘බොහෝ දේ ලග තියා ගන්නනම් සොහෝ යුරකුමක් හෝ අත්හැරිය යුතුයි හැම මොහොතකම‘‘ සාමාන්‍ය පාටකයන්ට කියා දෙන මේ දර්ශනය ජිවිතයට කොතරම් අදාලද? උස් පහත් මිටි බවක් කොයින්ද මේ ඇත්තට. කොට්ටෙක මෙට්ටෙක පැදුරක කානුවක ගෙව්වත් ජීවිතය හැර යා යුතු එකක්. යුද්දය ගැන ඕන තරම් පත්තර වාර්තා කියෙව්වත් චිත්‍රපටි බැලුවත් ඒ එකකින්වත් මට මේ කවිය තරම් හිතට දැනුන එකක් මතක නෑ. ‘තංගම්මා මුරපොලේ සෙබලාට කී කවිය‘ කොහොම ලියවුනා වෙන්න ඇත්ද? ඇත්තටම කවියෙක්ගෙ හිතත් මහ පුදුම තැනක්. ඒකෙ නොපැලවෙන දෙයක් නැහැ. නොතැවරෙන දුකක් නැහැ. තංගම්මා පරික්ශා කරන වෙලාවට ඇගේ කදුලු ගැන හරියටම මීට වැඩිය වචනයකින් කියන්නෙ කොහොමද?


‘‘කිරි එරේ නම්
නුඹේ ගිනි බට අතරපොවමි මේ දෙමල ලේ බිද වුවදඋන්ඩයක් ගියත් මේ මැහැලියගෙ හදවතටමමත් නුඹ අතර තව අම්මෙක්ය‘‘


ඒ විතරක්ද නෑ. යුද්දයක මල මිනී යටින් දිවෙන ශෝකීම රේකාව කවියා අප හමුවේ තබමින් අසන ප්‍රශ්න තවත් යුද්දයකට පෙල ගැහෙන අදමිටුවන්ට අනින උල් පිහි වගෙයි. ඒත් ඒ පිහි තෙතම තෙත සීතලම වචන. හදවත තුවාල කරනව ඒව.


‘‘හාමතේ හිටියත් වික්කෙ නැති පොන්මනීගෙ තැල්ල කෝහත්දෙනෙක් බඩ පුරවා ගත් වඩිවේලුගෙ එලු පට්ටි කෝපත්තිනිට පමනක් දෙවැනි වූ මල මිනි හෙලුවෙන් මොකෝවැසියනේ අපි සතුරු කොට වලදැමෙනුයේ රජ සිටු බැකෝ“


මේ වේදනාවේ අකුරු ගැලපුව වදන්. පසුගිය යුද සමයේ රසවින්ද රෑ අටේ යුද වාර්තා ගැන ආයෙමත් හිතන්න හඩන්න කරන ආයාචනා. පර දමෙල්ලු අප්‍රානික නාම පද ද?
‘බුදු මල්ලියේ ඕක නවත්තපන්‘ කුඩු ගහන දාමරික සොහොයුරාට ලියපු මේ කවිය කවියාගෙ සුවිසල් තෙත් හද එලියට ගේනව. සමාජය වෙනස් කරන්න ඕන. ඒකට උදව් කරන්න ඕන. දාඩියය්, චන්ඩියය්, රොඩියය්, පද්දයි, කුඩු කාරයය් කිය කිය වෙන් කරල වහන් කරන එක නෙමේ වැඩය. කවි අස්සට ගිය විප්ලවවාදී සහෘද බව.‘‘වරෙන් මං එක්ක මං කුලී වැඩ කරනවා උඹව මට වැඩි නෑමං බලාගන්නම් ජිවිතේ නුඹෙකටුයහන උඩ ඉදන් මං මල් ආසනේ හදනවාඔව් හිගන්නෙක් තමයි මං ඒත් උඹ රජ කෙනෙක් කරනවාඔටුනු පලදන දිනේ උඹ මං මාවතේ හිනාවේගෙන ඉන්නවා....‘‘


‘බුකියකදී‘ පැදි පෙල ගෙනනෙ අශ්ව ඔට්ටු අල්ලන අසරන ජීවිත ගැනද කවියා ප්‍රකම්පනය වන වචන දිග හරියි. සානුකම්පිතව ජීවිත මුන ගැහෙන දොඩමලු වන විටදි අත්හැරිය හැකිද කවුරුවත්. කිවියා ගෙනෙන රූපක උපමා අතිශය සංවේදියි. මානව දයාව උතුරයි.


‘බුදුන් දැක නිවන් දැකපන් අස්සයිනිඋඹලාට කන්ථකගෙ සරනයි‘කන්ථක අපි දන්නව බෝදිසත්වයින් එතෙර කලා. පින්වන්තයි. එතකොට උඹලා. උඹලත් වේලක් නොකා වේලක් කන බුදුවෙන්න උනත් පුලුවන් අපි ව ගොඩ නොගෙන යන්නෙ මන්ද?


‘මහ මගට බට විටදි විටකදිකුජිතව ගිය ජොකියෝ හමුවෙති‘කවියා වෙන කිසිවක් නොකියය්. යහපත හෝ අයහපත නොපෙන්වයි. ජීවිතය ඛේදවාචකයක්. එය මේ පේන ලෝකය නෙවෙයි. මේ පේන මිනිසුන් හරිම මායාකාරියි.
මිනිසුන්ගෙ ආදරේ මිනිසුන්ටවත් නැති කාලෙක මුලු ලෝකෙටම සෙනහස බෙදන්න ආරාදනා කරනව මේ කවියෙන්. ගහකොලට සතා සීපාවට පවා ආදරය ඒතරම්ම   වැදගත්. වියදමක් යන්නෙ නැති පපු කැවුත්තෙ පටන් ගන්න ආදරය.
‘‘කිරි වරපු අම්මෙක් කිරි එරුන උඹ වගේ අම්මෙක්සතෙක් සීපවෙක් වුනත් මගෙ හිතට නෑ වෙනසක්යටි බඩට නිය තියා සූරලා බලාපන්

මං දන්න එකම දේ මගෙ වගේමයි ලේ රතුයි උඹගෙත්‘‘‘

දකිනකොට තාලයක් නැති රඩු ගොරහැඩි වගේ පෙනුනත් කවිපොත කියෙව්වම හදවත බරවනව. කවියක් කවියක් ගානෙ ඇස් කෙවෙනි බොද වෙනව. සාදාරනයි වගෙ පේන මුඩුම මේ සමාජය මොනතරම් නරකද කියල හැම මොහොතකම හිතෙනව. එහෙම හිතන්න කවිවල සුසුම් හද පසාරු කරන් යනව. තවත් මේ ගැන ලියල කියවන්න කියන්නම හිතෙනව. මානව භක්තියෙන් පිරිපුන් කවිපොතක්.
   



Friday, November 25, 2016

නමක් මොකටද කවියකට සුසුමක් සමග එක්වනු මිස

මේ අතර මග තවම
පරන වුනු ඒ දවස්
ඉන්න දෙන්නැති නිසා
ෆොටෝශොප් එකෙන් මම
පරන පුස් පොටෝ එක
අරයට හොරෙන් රෑ
දැන් එක හමාරයි
හදන ගමන් මේ

ඉතිං හිතුවක්කාර කෙල්ල
ඔබේ සොහොන ලග
තාම මං නවතිනව

නමක් මොකටද කවියකට හදවතේ ඇලෙනු මිස

තව ඇබින්දක්
වෙලා ඉන්නැතුව
කම්මුල මුලට
උනුසුම දෙන්නැතුව

වොෂ් එකක් දාගන්න
ඔච්චර වෙලා යනවද?

Thursday, November 24, 2016

නමක් මොකටද කවියකට කදුලක් අලවනු මිස හොරෙන්

අල්මාරියේ සැගවුනු
සැවැන්දරා සුවද
තැවරුනු ඔපිස් කමිස කලිසම්
තරහ ගෙදරින් ගෙන ආ
දිය කර හරී ටික ටික
සුදු දුවත් දග කොලුත්
අමතක කරවයි මාව මට
ඒ සියලු දේ මැදින්
මැවෙන දුක් මුසු මුහුන
නෝක්කාඩු නොකියන්
කූඩුවක හිරවෙන්න
පුරුදුරවෙන කුරුල්ලෙක් මං 
සැනසෙම් නුඹ තිදෙන
ගෙන තුරුලට නිතින්

නමක් මොකටද කවියකට ආදරයෙ පැහැය මිස


උදෑසන ඔබ යන්න...
හදන විට හනි හනික
ඊයෙ රෑ මතක මත
තවම රමනයක මම
අඩවන්ව ඔබ දෙසම
බලා නොබලන ලෙසට
ඉතිං ආයෙත් එන්න
හුලගක සැහැල්ලුවෙන්....
වෙලාලන්න මා

දසමයක ශේශයක් නොකොට

Tuesday, November 22, 2016

දැනගනිල්ල. උඹල මේ කියවන්නෙ සරයලිස්ට් නවකතාවක්: අසන්ධිමිත්තා



“පත්තර තමයි ලෝකෙ අංක එකේ සරයලිස්ට් සාහිත්‍ය නිර්මාණය කරන්නෙ. ... පත්තරවල ඉන්ද්‍රජාලට ගහන්න රුෂ්ඩිටවත් බැහැ. අර සල්මන් රුෂ්ඩි සැටනික් වර්සස්වල කියනව වගේ කෙල්ලන්ගෙ කටවල් ඇතුළට සමනළයො රිංගන්නෙ පත්තරවල. ... මුහුණු නැති ළමයි උපදින්නෙ පත්තරවල.... අත දරුවො පෙර ආත්ම කියවන්නෙ පත්තරවල. ... දැන් අලුත්ම ඉන්ද්‍රජාලය තමයි අල්ලලා බදාගන්න බැරි තරම් මහත මිනීමරු ගැහැනිය. ... හැබැයි ඒකෙ ඉන්ද්‍රජාලික බව අර ඔක්කොමටත් වඩා වැඩී. ... මොකද මිනී මැරුමක් නොවන මිනීමැරුමක් කරන ගැහැනියක්නෙ එතන ඉන්නෙ... හා හා...“ (151 පිට)

ඉන්ද්‍රජාලික බව වැඩිම කෘතියක්.
මේ සරයලිස්ට් නවකතාවෙ කියන විදියටම පාටකයට අසන්දිමිත්ත කියවන්න ගත්තම දැනෙන අපුල, ඔක්කාරමය ගතිය ඉන්ද්‍රජාලික බව වැඩිවීමම තමයි.
තඩි මහත ගැහැනියක් වටා ගෙතෙන මේ කතාවෙ සාමාන්‍ය සිදුවීම නම් එම ගැහැනිය තම යාලුවෙකුට කියනව තමන්ගෙ කතාව ලියන්න කියල. යාලුව කතාව ලියනව. එයා කියන විදියට මිනිමැරුම්වලට එයා සම්බන්දයි. අන්තිමට එයාව පොලිසියට අරන් යනව. ඒත් මිනිමැරමක් ගැන වාර්තා වෙන්නෙ නැ. පස්සෙ බලන කොට එයා පොත් කියවල ඒවයෙ තියෙන විදියට තමයි මේක ලියන කෙනාට කියල තියෙන්නෙ. පොලිසියෙදි එයා විකාර කියවන්න ගන්නව.

සාමාන්‍ය ලෝකයත් එක්ක සම්බන්ද වෙන ගමන් වෙනත් තල හා සිදුවීම් මුසු කරන්න කතුවරය තමන්ගෙ කෘතිය තුල දරන ආයාසය දරන්න අපහසු තරම්. තමන්ගෙ පුංචි පිට්ටනියෙ දන්න සේරම සරඹ පෙන්නන්න උත්සහ කරල තියෙනව. වැඩිපුම මැඩිගො රවුමෙ එක්ක යනව කියවන කෙනාට කලාන්තෙ හැදෙන තරමටම. ඇත්තටම කතාවක් මේ තරම් පටලවල කියන්න ඖනද?
නිදසුනක් විදියට ගෙම්බෙක් ගමු. (ගෙම්බ තමයි මරුම නිදසුන. පරිනාමවාදය උගන්නන ජීවියා.) ගෙම්බි වතුරට බිත්තර දානව. ගෙම්බ පිටේ තියාගෙන. බිත්තරවලින් එන ඉස්ගෙඩියො මාලු වගේ වතුරෙ හැදෙනව. කකුල් ආවම හිමිහිට ගොඩට එනව. පස්සෙ වතුරෙ ඉන්න බැරිව යනව.
ඒවගේම එක එක කතාවල ගෙම්බ රාජකුමාරයෙක්ගෙ හාදුවකින් ලස්සන කුමාරියක් වෙනව. ශ්‍රෙක් කතාවෙ රජතුමා රෑට ගෙම්බෙක්. මේ කතා ඉවරයක් නැතිව ගොඩනගන්න පුලුවන් ඒව. දවල්ට ගෙම්බෙක් වෙන කුමාරය ඇත්ත ගෙම්බියක් එක්ක ඉන්නව. රෑට කුමාරිත් එක්ක ඉන්නව. මුලු රාජ මාලිගාවම ගෙම්බන්ට වෙන් කරන්න වෙනව. මේ වගේ. අසන්දිමිත්ත කතාව දිග්ගස්සන්න මේ වගේ උපක්‍රම සෑහෙන්න ඔබල තියෙනව.
1 කතාව පටන් ගන්නෙ ඉතාම සාමාන්‍ය දුරකතන සංවාදයකින්. අසන්දිමිත්තා තමන්ගෙ පන්තියේ සගයෙකුට තමන්ගෙ ජීවිත කතාව ලියන්න කියනව. පත්තරේකට. නවකතාවක් වගේ. රාත්තල් තුන්සියක් බර අසන්දි මිත්ත ගැන හැඩරුව, ඇත්තනම, නවකතාව ඇතුලෙ ඉන්න කතුවරය ගැන විස්තර මේ කෑල්ලෙදි ගේනව.
02 දැන් අසන්දිමිත්ත කියන විදියට නවකතාව ඇතුලෙ ඉන්න කතුවරය ලියන කතාව පටන් ගන්නව. අපි දැනට මෙයාට කියමු කාල්පනික කතුවරය කියල.
අසන්දිමිත්ත බසයක යනව. එයා ගාව වාඩිවෙනව කොල්ලෙක්. මහත්තයෙක් වගේ ඇද ගත්තු. මේ වෙලාවෙ අසන්දිගෙ ඔලුවට එන අදහස් කාල්පනික කතුවරය ලවා අපිට කියන්න ඇත්ත කතුවරයගෙ ඔලුවෙ මවාගෙන ඉන්න ලංකාව ගැන අදහස්.
“දැන් ඔබ කියයි මගේ පිරිමි ඇසුරයි ශරීරයයි කියන කාරණා දෙක අතර හිදැසක් පරස්පරයක් තියෙනව බව. පිරිමි කැමති හීන් හැබැයි පළල් උකුළක් සහ දිග කකුල් තියෙන ගෑනුන්ට. මං කියන්නෙ මෙච්චරයි. ලංකාවෙ පිරිමි ගෑනුන්ගෙ ශරීර සොබා ගැන ගැන පුරාජේරු කියන කොට හීනි, උස ගැන කතා කළාට ඔවුන්ගෙ මනුකය ඇවිස්සෙන්න නම් මාංශ කළ්‍යාණිය තරව පිහිටා තියෙන්න ඕන.....
බලාගෙන ගියාම කෙනෙකුගෙ ශරීරය කියන්නෙ හිර කූඩුවක් තමයි. .... ප්‍රේමය කියන්නෙත් හිර ගෙයක්. පුදුමයෙන් වගේ මා දිහා බලන්න එපා අනේ. ඔය අදහස් මගේ නෙමෙයි. මගේ කතාව ලියන ලේඛක මහත්තයගෙ.“
දැන් දෙවන පරිච්ඡේදයේදී අපි දැනගන්න ඕන මේ කොටස කාල්පනික කතුවරයගෙ අදහසුත් තියෙන අසන්දි කියන කතාවත් තියෙන මිශ්‍රනයක් බව. පුදුමයෙන් බලන්න එපා. මමත් ලියන්නෙ පොතේ තියෙන ඒවම තමයි.
ඊ ලග කොටසෙදි බසයෙදි හම්බවෙන අහඹු මහත්තය අසන්දිගෙ ගෙදර යනව. රැ එහෙ ඉන්නව. ඒත් රෑ ඇත්තටම උනේ අර මහත්තය බොරු කොන්ඩයක් දාගත්තු බොරු දත් දාපු කෙනෙක් බව දැන ගන්න එක. ඒත් මිනිහ අසන්දි බියට පත්කරනව. එහෙම නවතිනව. අසන්දිගෙ දරුවන් දෙදෙනාටත් සලකනව. මිනිහ විකී. නම සිරිනාථ වුනත්.මේ සිදුවීමෙදි අසන්දිගෙ ඇත්ත නම ප්‍රේම ලතා බව පාටකය දැන ගන්නව.
ඒ කොටස අවසානයෙ අසන්දි හා විකී අතර යන දෙබස් ඉවර වුනාම කාල්පනික කතුවරය මැද්දට පන්නනව. ඒතනදි පාටකය දැනගන්න ඕන කාල්පනික කතුවරයයි, අසන්දියි කියන කතාව ඇත්ත කතුවරය ආයෙ ලියන බව. නැත්තං වැඩේ පැටලෙනව. අසන්දි කාල්පනික කතුවරය ලියපු කතාව කියවමින් ඉන්නෙ. එයා ඒව විවේචනය කරනව.  ඒකයි ආයෙම මෙහෙම සදහන් වෙන්නෙ.
“අපගේ ලේඛක මහතා නම් කියන්නෙ මේ දෙබස් දේශපාලනිකයිලු. අතිශය යථාර්ථවාදීලු. අනේ මම දන්නෙ නැහැ මේ ලේඛකයො කියන අය අපේ ජීවිත ගැන කොහොම හිතනවද කියල. කොහෙම හරි මේ කතා බහට පස්සෙ අපි කාමරේට වැදිල දොර වහ ගත්ත.“
මේ කොටස දැක්කම මට ඒක එඩිට් කරන්න හිතුන. මෙහෙම.
“අනේ මම දන්නෙ නැහැ මේ ලේඛකයො කියන අය පාඨකයේගෙ ජීවිත ගැන කොහොම හිතනවද කියල.?“
03. පසුව අසන්දි කියන විදියට විකී එයාගෙ තුන් වැනි මිනිහ. කලින් සිරිනාථ කියල කෙනෙකුත් විල්සන් යනුවෙන් අයෙකුත් ඉදල තියෙනව. මේව මතක තියාගන්න. ඔබව අසරණ වෙන්න පුලුවන්.
04. 49වන පිටුවෙ විස්තර කරන්නෙ අසන්දි දකින හීනයක්. ඒකෙදි විකිගෙ මල මිනිය ගෙදරට ගේනව. ඒ පස්සෙන් විකීගෙ පලමු කසාදෙ බිරිදත් එනව. එයා මිනිය ඉල්ලනව තමන්ගෙ ගෙදර එක්ක යන්න. පස්සෙ විකී මිනී පෙට්ටියෙන් නැගිටිනව. එයා බොරුවක් කරල තියෙන්නෙ. මේ හීනයත් කාල්පනික කතුවරයා මවපු එකක් බව අසන්දි කියනව. ඒත් ඇත්තටම එයා දැකපු හීනෙත් මේ ලියමනත් අතර වෙනසක් ඒ තරම් නැති බව අසන්දි කියනව. (53 පිටුව)
05. 56 වෙනි පිටුවෙ ඉදල කාල්පනික කතුවරයට නමක් පට බදිනව අසන්දි. මහ ලියන කියල. අසන්දිට මහලියන කියනව විකීගෙ දාර්ශනික අදහස් වල්පොල රාහුල හාමුදුරුවන්ගෙ සත්‍යෝදය පොත් පිංචෙන් ගත්තුව කියල.
06. අසන්දිගෙ කතාවට කාල්පනික කතුවරය ආයෙ මැදිහත් වෙනව. කාල්පනික කතුවර මහලියන විකීගෙ හීනවලට හොරෙන් ඇතුලු වෙනව. රූපාන්තරන භීතිකාවකින් පෙලෙන විකී ගැන එහිදි සොයා ගන්නව. දැන් තවදුරටත් විකිගෙ හීන විකිට විතරක් සීමා වෙන්නෙ නැහැ. ඒව මහලියනත්ථ ඔහුගෙන් අසන්දිත් දැනගන්නව. ඒ කියන්නෙ විකීට තමන්ගෙ හීන ගැන බොරු කියන්න බැහැ. අසන්දි කියන විදියට මේකත් කාල්පනික ලේකකයගෙ මනස්ගාතයක්.
‘‘මහලියන නම් කියන්නෙ වික්‍රමසේකර රූපාන්තරන භිතිකාවකින් පෙලෙන බවයි. මේ ලේඛකයන්ගෙ මනස්ගාත මට නම් වික්‍රමසේකර තරම්ම ප්‍රෙහ්ලිකාවක්‘‘. (58 පිටුව)
07.කතාව මැද හරියෙදි මහලියන අසන්දිට තැනක් දෙන්නෙ නැහැ. එයාම අසන්දිගෙ කතාව කියනව. ඒත් අසන්දි ‘‘මහලියන. මට ඉඩ දෙන්න. මේ මිනිහගෙන් ඇත්ත වමාරන්න. ‘‘
ඊට පස්සෙ ‘‘ මේ කතාව මෙතනදි වෙන අතකට හරවන්නට සිදුවන බව මහ ලියන මට මතක් කලා‘‘ වගේ දේවලින් පාටකයාව දුරස්තීකරනය කරනව. සරලව කිව්වොත් තදාත්ම විඝටනය. “ උඹල මේ කියවන්නෙ නවකතාවක්. මතක තියාගනිල්ල. වගේ.“
08. අසන්දි දිගටම කතාව කියනව. සුජීව මහලියන කතාව ලියනව. එයා අසන්දිගෙ කතාව නවකතාවක් කරනව. සුජීව බොරු ලියනව වගේ දැනෙනකොට අසන්දි එහෙම කරන්න එපා කියනව. (64 පිටුව) පාටකයට කියනව මේක ඇත්ත කතාවක්. ඒක පිලිගන්නත් කියල.
09. 75වන පිටුවෙ ඉදල වෙනත් කතාවක් පටන් ගන්නව. ඒත් පස්සෙ එකතු වෙන්න ඕන කෑල්ලක් ඒක. මහලියන අසන්දිගෙන් බැනුම් අහනව මේ වැඩේට. මහලියන කියන විදියට පිලිවෙලක් නැති අසන්දි ගැන පිලිවෙලට කියන්නෙ කෝමද? ඇත්ත තමයි. මේ අතර අසරනියන්ගෙ ආරාමය කියන සංවිදානයක් හදාගෙන රට වටේ ඉන්න ගෑනු රවට්ටන රස්සාවක් විකී හොයා ගන්නව. ඒකට එන ලිපියක් අනුව ඔවුන් මංගලිකෙක්ව හොයගෙන යනව.
පොතේ 103 පිටුව වෙනකොට අසන්දි මිත්තා හැලෙනව. ඒ කියන්නෙ දැන් කතාව කියන්නෙ මහලියන. අසන්දි අතින් ඒව සකස් වෙන්නෙ නැහැ. ‘‘මෙතැන් සිට කතාව කියන්න වෙන්නෙ මට. මම සුජීව මහලියන. අසන්දිමිත්තාගෙ පුරක...“ මේක වෙන්නෙ අසන්දිගෙ ගෙදරට හැරෙන තැන කඩේ ලාල් කියන විදියට පොලිසිය අසන්දිව අත්තඩංගුවට ගන්න නිසා.
10. මේ කතාවට මහලියනගෙ බිරිද හවුල් වෙන්නෙ මෙතැන ඉදල. එයා අසන්දි මිනි මැරුමකට සම්බන්ද බව කී දවසෙ ඉදල බියෙන් ඉන්නෙ. මේ අතර වික්‍රමසේකර ගැන කතාවක් ගොඩ නගනව මහ ලියන. ඔහු ඒ බව පටන් ගන්නෙ මෙහෙම. “වික්‍රමසේකර මගේ හිස් ගෙඩිය ඇතුළට රිංගලා හරිබරි ගැහිල වාඩි වුනා වගේ මට දැනුන.“ ඊට පස්සෙ වික්‍රමසේකර පිටකොටුවෙ ඉන්න දර්ශනයක්. ඔහු අසන්දි වගේ තවත් කෙල්ලෙක් අල්ල ගන්න හදන ආකාරය. එතැනින් ඒක ඉවරයි . ඉවරයි කිව්වට ඉවර නැ. තව තියෙනව.
11. වික්‍රමසේකර මහලියනගේගේ ගෙදරට කතා කරල. ඇත්තටම නම් වසන්ති මහලියනගෙගේ බිරිද රැවටිල. කතා කරල තියෙන්නෙ වීරසේකර. පත්තර යාලුවෙක්. බයට ඇහිල තියෙන්න වික්‍රමසේකර කියල. විරසේකර කියන විදියට ගෑනු දෙන්නෙක් මැරුව කියල පොලිසියට කියල තියෙන්නෙත් අසන්දි. ඒත් තවම එහෙම ආරංචියක් නෑ.
12. ආපහු අසන්දියි වික්‍රමසේකරයි මංගලිකා හමුවෙන්න ගිය කතාව. එතැනදි වික්‍රමසේකර හීනයක් දකිනව. මාදාරගෙ අම්ම ඇවිත් එයාට වෙඩි තියනව. ඒත් ඇත්තටම වෙන්නෙ මදාරා විකීගෙ කාමරයට එන එක. විකී අතින් මදාර මිය යනව. අනතරුව මේ මරනය වහ ගන්න මදාරගෙ මහලු මවත් විකී අතින් මිය යනව. මෙතනදි අයෙම අසන්දි එනව. මහලියන නිවැරදි කරනව. ඒත් ඒකත් මහලියන හිතල කරන දෙයක් මිසක් ඇත්ත නෙමෙයි. ඇත්තම නම් මේටික එයාගෙ යාලුව වීරසේකර කියවමින් ඉන්න ටිකක්.
“අතේ තිබුන කඩදාසි ටික මේසය මතට වීසි කල වීර සේකර මහ හඩින් හිනා වෙන්න පටන් ගත්තා.“
13. කතාවෙ අවසාන බාගයට වන විට කාල්පනික කතුවරය දැඩි අර්බුදයකට ලක්වෙනව. ඇත්තම කිව්වොත් එතැන ඉදල තියෙන්නෙ කතුවරයා කියන විදියට සරයලිස්ට් සංකීර්ණතා. විචාරයක්. කාල්පනික කතුවරයා විකී ගැන ආයෙම ලියන්න පටන් ගන්නව. ඒත් ඒ වෙනකොට අසන්දි හිරකූඩුවෙ විකාර කියවන්න පටන් අරන්. පිස්සුවෙන් වගේ.
‘මේ ටික ලියාගෙන මම නලල මිරිකන්න පටන් ගත්තා. මොනවද මම මේ ලියන්නෙ?..... නවකතාකරුවෙක් හැටියට මම හරි අර්බුදයක ඉන්නෙ. මේ කතාව මම ලියන්න ගත්තෙ ඇත්තටම සිදුවුන බව කියන අවස්ථා කීපයක් පදනම් කරගෙන.“
ඇත්තටම අපිට හිතෙන්න පටන් ගන්නව. ‘මොනවද අපි මේ කියවන්නෙ ‘ කියල. හාද?
පස්සෙ අසන්දිගෙන් කතාව ඉල්ලා ගන්නවා වෙනුවට කාල්පනික කතුවරයයි එයාගෙ යාලුව වීරසේකර මාර්ගයෙනුයි ඇත්ත කතුවරය තවත් කතාවක් ගොඩනගනව. ඒක තමයි මාරම සරයලිස්ට්.
ඒ අනුව වීරසේකර කියන විදියට මේක අසන්දි නම් තඩි මහත මස්පර්වතීගේ බොරුවක්. Behind the bench වගේ නමක් තියෙන පොතක සිංහල පිටපතක තියෙනව. ඒකෙත් තියෙන්නෙ මේ වගේ කතාවක්. (මේ අන්තර්පටිත ගවේශනය නොකල සිංහල කියවන්නන්ට සාප වේවා) ඒ වගේම විකීව අසන්දි මිත්තට මුන ගැස්සීම කාල්පනික කතුවරයගේම වැඩක්.
14. මේ අතර අපට කාල්පනික කතුවරයා අපට අගවනව අසන්දි පොත් කියවන චරිතයක් කියල. එතකොට මේ අසන්දි ගොතපු කතාවක්. විකී කියන්නෙ මහලියනගෙ චරිතයක්. පසුව අසන්දිගෙ ගෙදරට යනව වීරසේකර හා මහලියන. අසන්දිගෙ ගෙට හැරන තැන කඩේ ලාල් හමුවෙනව. අසන්දිගෙ ගෙදර ලාල් කුලියට දීපු එකක්. ලාල් කියන විදියට අසන්දිට ලමයි නෑ. විකී කියල මිනිහෙකුත් ඉදල නෑ. එකා දෙකා කියල ඒ ගමේ කොල්ලො දෙන්නෙක් නම් ඉදල තියෙනව.
ඒ දෙන්න අන්තිමට අසන්දිගෙ ගේ ඇතුලට යනව. එතැන තිබිල හමුවෙන අභ්‍යාස පොතක කතාවක කුරුටු හමුවෙනව. අසන්දි කතාවක් ලියන්න හදල. පත්තර ගොඩාක් හමු වෙනව. අසන්දි හොදම කියවන්නියක්. වල්පොල හාමුදුරුවන්ගෙ සත්‍යෝදයත් හමුවෙලා. ඒ කියන්නෙ වීරසේකර නම් හොදම රහස් පොලිස් කාරයෙක්.
වීරසේකර: ‘‘අසන්ධිට උනේ එයා කියවන දේවලින් ලෝකයක් නිර්මාණය කර ගැනීම.  ඔය කතාව අර පොත ආශ්‍රෙයන් නිර්මාණය කර ගත්තු එකක්.  ඒ අතින් නම් ගෑනිට නිර්මාණ ශක්තියක් තියෙනව. හැබැයි ඉතිං වැඩි හරියක් උඹ අතින් දාපුව“
මහලියන;‘‘ එහෙමමත් නැ. හැබැයි මේ කතාව ඇතුළෙ ඇත්තයි බොරුවයි කියන දේ අතර සීමා ඉර බොද වෙලා“ (151 පිටුව)
ඇත්තටම ඒක පිලිගන්න. අසහෘදය, මේ කියන්නෙ ඔබට.
15 තවම කතාව ඉවර නෑ. මහලියන ගෙදර යනව. යනගමන් වසන්ති කාර් එකට දාගන්නව. ඇත්තට නෙමෙයි. අයෙම වික්‍රමසේකර වසන්තිට කතා කරනව. මහලියන ගෙදර නැ.  අයෙම අසන්දි නැතිව කතාවක් පටන් ගන්නව.
මහලියන: ‘‘ මට හිතෙන්නෙ මගේ නවකතාව වෙන රටාවකින් මගේ මනස තුල පෙගැහෙන්න පටන් අරගෙන. “
ඔහු ගෙදර යනවිට වසන්ති වීකම අතින් මැරුම් කාල. ඈතින් වීරසේකර හිනාවෙනව අහෙනව. ඒ කියන්නෙ මහලියන ආයෙම කතාව ලියනව. අසන්දි නැතිව වසන්ති එක්ක. ඒකයි මෙහෙම ඉවර කරන්නෙ.
‘‘ඉවරයි. (ඉවර නෑ) ‘‘
දැන් තේරුනාද. උඹල කියවන්නෙ සරයලිස්ට් නවකතාවක්. පරිස්සමින් කියවපල්ල. මට වමනය ගියා. ලේත් එක්ක. සිගරට් 50 කරපු එක හොදයි. ඊට වැඩිය හොදයි මාර්ග නීති කඩන අයට දඩය වැඩි කරපු එක. ඔය දෙවිදියෙන් එකකින් මම ඉක්මනට මැරෙන එක නැවතුනා යහපාලනයට පින් සිද්ද වෙන්න. ඉතිං අසන්දි මිත්තා. යෝද මස්කන්ද? ආයෙ හමුවෙමු. ඔයා මානව දයාවෙ කී වෙනි සැතපුම පහු කලාද කියල මට බලන්න ඖන. මානව දයාවෙන් පිරිපුන් වුනේ නැත්තං මසින් පිරිපුන් වීමේ පලය කිම?