Friday, May 27, 2016

ශාන්ත අන්තෝනි

 

මුලු වත්තෙම අන්තෝනි වගේ තේ කපන්න දක්ශෙයක් හිටියෙ නැ. ගොඩක් පරක්කු උනත් පිලිවෙලට තේ ටික කපා ගන්න ඕන උනාම සිංහල මිනිස්සු අන්තෝනිව බෙලන් හරි එක්ක ආව. හවස ගල් අරක්කු කාලක් දීල දවසෙ වියදමට කීයක් හරි දුන්නම වැඩේ අහවර වෙනව. අන්තෝනි පාර තියෙද්ද් කානුව දිගේ ගෙදර යනව.

දැනට අවරුදු විස්සකට කලින් දවසක අන්තෝනි මුනි අම්මව ලයිං කාමරයට එක්ක ආවෙ. එදා පුලුවන් විදියට මගුල් කෑව. බීව.අන්තෝනියි තරෙගට බිව්ව. වත්තෙ වැ ඩ කලා හවස බිව්ව.

බැඳල මාස තුනක් සම්පුර්න වන දවසෙ අන්තෝනි අවසාන හොර අරක්කු වඩිය විකුනල ඉවර කලා විතරයි. ගම් දෙකකට එහායින් හටපු හිච්ච් මහත්තය යාලුවො දෙන්නෙකුත් එක්ක ඇවිත් අරක්කු ඉල්ලුව. දෙන්න අරක්කු තිබ්බෙ නැ. හිච්චි මහත්තය පොඩි සල්ලි පොදියකින් අන්තෝනිගෙ මූනට දමල ගැහුව.

"තෝ දන්නවද? තොපෙ දෙයියන්ගෙ සල්ලි කැටේ ඔය. පර බල්ල. හංගන්නෙ නැතිව ගනින් බඩු එලියට.

කෝ තොගෙ මුනි අම්ම. කෝ ඒ වේසි. ආ. යමං ඇතුලට."

අන්තෝනි බයෙන් වෙව්ලුවා. යන්තං බඩට මාසයක් වුනු මුනි අම්ම කෑ ගැහුව. අන්තෝනි කාමරයට ගිහින් වැඳ වැටුන. හිච්චි මහත්තය ගහපු පාරට අන්තෝනිගේ කකුල දෙකට නැවුන. ඊට පස්සෙ එයාගෙ යාලුෙවක් ගහපු පොලු පාරට අන්තෝනිට සිහිය නැති වුනා.

ඇහැරෙන කොට හිටියෙ වත්තෙ ඩිස්පැන්සරියෙ. කකුලෙන් එන වේදනාව මැද්දෙම මුනි අම්මව මතක් වුනා. කෑ ගහල ඇහුව කෝ කියල. මුනි අම්ම මහ රෝහලට යවල.

සති තුනකට පස්සෙ මුනි අම්ම මලා. අන්තෝනි මලා වගේ හිටිය. බිව්ව. සිංහල මිනිස්සුන්ගෙ ගාව වැඩට ගියා. ඒතැන්වලම වැටිල නිදා ගත්ත. හම්බෙන හැම සතේකම බිව්ව. හීනෙන් මුනි අම්මට කතා කලා.

අන්තෝනි හිටපු කාමරය වහල දවස් දෙකක් වුනා. ලැයිමෙ අය කාමරයට කතා තලා. සද්දයක් නැ. කාසරය කැඩුව. අන්තෝනි පරාලයක එල්ලිලා. මුනි අම්මට හිච්ච්මහත්ය කරදර කරන වෙලාවෙ ඇඳගෙන හිටපු සාරියෙන්

Tuesday, May 17, 2016

නමක් මොකටද කවියකට සෙනෙහස බෙදනු මිස ඉන්

සම් මස් ඇට කිදී ගොස්
ඇට මිදුලු තුල වැද
රැදී දුක් දෙන බව නිබද
දරු සිගිත්තන් සෙනෙහෙ
සරා සද පවසන බුදු වදන්

කුමරතුගුවෝද පවසත්
ලනු නොගත් අතිනුයි
බැදලන්නෙ උන් කෙමෙන්

පසක් වෙයි මේ සියල්
සිහිපත් වෙයි නෙක කව්
ගාථා ද නෙක අරුතැති
කිකීව අණ්ඩං චමරීව වාලධිං
පියං ච පුත්තං නයනං ව එ්කකං

සිනහවකට දු නගන
වදනකට පුතු කියන
රිදෙනයුරු ඉසියුම් තැනක හදවත
මතක් වන විට පවා
පිය සෙනෙහසයි උනුසුම්

Monday, May 16, 2016

කවියකට මොකටද නමක් දුකක් මිස කීමට

වතුරටවත් රිසි සේ
ගලාගෙන යන්න නැතිකොට
පුදුම වෙන්නෙ මොකටද
නාය යන එකට
ගං වතුරකට
දුක ඒකට නෙමෙයි
දැන දැනත් සොබා දහම
අපට මිස අප එයට වැඩක් නැතිබව
විනාස කරන එක
මහ කුඩා කැල එකට
පොලවෙට කිද බැස
වතුර නැති කාලෙක එන්න
ඉඩක් නැති රටක
පුදුම වෙන්නෙ මොකටද
මේ වෙන දේවලට
ඒත් දුක පොඩි එවුන් ගැන
තවමත් එක ගහක්වත් හිටවන්නවත්
කපන්නවත් බැරි වුනු