Tuesday, May 17, 2016

නමක් මොකටද කවියකට සෙනෙහස බෙදනු මිස ඉන්

සම් මස් ඇට කිදී ගොස්
ඇට මිදුලු තුල වැද
රැදී දුක් දෙන බව නිබද
දරු සිගිත්තන් සෙනෙහෙ
සරා සද පවසන බුදු වදන්

කුමරතුගුවෝද පවසත්
ලනු නොගත් අතිනුයි
බැදලන්නෙ උන් කෙමෙන්

පසක් වෙයි මේ සියල්
සිහිපත් වෙයි නෙක කව්
ගාථා ද නෙක අරුතැති
කිකීව අණ්ඩං චමරීව වාලධිං
පියං ච පුත්තං නයනං ව එ්කකං

සිනහවකට දු නගන
වදනකට පුතු කියන
රිදෙනයුරු ඉසියුම් තැනක හදවත
මතක් වන විට පවා
පිය සෙනෙහසයි උනුසුම්

No comments: