කවියකින් පටන් ගත්තු
කතාවක්
පරන සී ටී බී බසය
සැර දමා ඉදිරියට
ගැස්සි ගැස්සී ඇදෙයි
පැද්දි පැද්දී වැනෙයි
කච්චේරියේ ඉදල
තකහනියෙම ටවුන් එකට
ගෙදර යන්න හදිස්සි වුන
හැට නොපැනපු නව යොවුනන්
පුරවාගෙන සැර දාගෙන
“මේ බලපං නංගී
අලුත ආපු මහ එකීව”
“ඒ කිවිවේ අර ගෑනි ද?”
“වෙන කවුරුද ඒකි තමයි
දිරවන්නැ මට කොහොමත්”
නවත්තන්න ඔය බස්සෙක
මොකාද මේ නාකි මොටා
මට පිටිපස්සෙන් ඉදගෙන
මිරිකනවා මගෙ තට්ටම
ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි
මහත්මයෙක් බිමට බසී
සැර දාගෙන බස් එක යයි
මේ අස්සේ හිටගෙන මට
විනාඩියට නින්ද ගියා
ගැහුව බ්රේක් පාරට දොහ්
ගාල බිමින් ඉන්ද වුනා
ලිංගික ආශාවකින් තොරව ගැහැනුන් දෙස
බැලීමේ ඔහුගේ උවමනාව එන්න එන්නම වැඩෙන්නට විය. සිය කාර්යාලයේදීත් මග තොටේදීත්
නිරන්තරයෙන් හමුවන අඩන දොඩන සිනහ වෙන යුවතියන් වෙත ඉතා කාරුණික වූ ඔහු ඔවුන්ගේ
දෙනෙත් කාන්තියෙන් සිය දෙනෙත් ඉවතට ඇද ගැනීමට මහත් ආයාසයක් ගත්තේය. කාන්තා
අයිතිවාසිකම් පිළිබද නිරන්තරයෙන් හැකි සෑම විටම කතා කළ ඔහු සිය සිතේ නිරුවත් වන
ගැහැනු සිරුරු දෙස බැලුවේත් හොරෙනි. එහෙත් ගැහැනු සිරුරක ඇති ලාලිත්‍ය මුසු
රාගිකත්වය විශ්වීය ගීතයක් මෙන් අමන්දානන්දයක් ඔහු ගත සිත වෙලා ගන්නට සමත් විය. ඔහු
කවක් ලියන්නට වුනි
දෙවියන් වහන්සේ
ලෝකය අලංකාර කිරීමේ වගකීම
ඇයට පවරා ඇති සේය
ඇයගේ පාවහන් අලංකාරය
සාරියේ මල් මල්ය
කුඩයද නෙක රටා පිරී ඉතිරි හැලෙයි
ගමන බිමනද
එසේය... රසවත්ය... ලාලිත්‍ය මුසුය
සිත්තරකුගේ රේකා මුසු නග්න දේහයය
සිය කාර්යාලය වෙත උදෑසනම පියමං කරන ප්‍රියන්ත සුපුරුදු පරිදි හාත්පස සුවද විදින්නට
පටන් ගනී.
“ආ රංජනි නංගි. ගුඩ් මෝනින්. “
එහෙත් ඔහුට ඇය කෙරෙන් වෙනසක් දැනෙයි. ඔහු වහා තීරණය කරන්නේඇය සිය සුවද
විලවුන් මාරු කර ඇති බවයි. එසේම ඇය අද සාරිය වෙනදාටත් වඩා නැබ පහලින් ඇද ඇති බව
පෙනෙයි. සියුම් කෙසේ රොදක ඉහලින් ඇති නැබෙහි ආවාටය අවකාශයෙහි ඇති කලු කුහරයක් ඊට
සියලුම වස්තු ඇද ගන්නා සේ තම නෙත් ඇද ගන්නේ කෙසේ දැයි සිතන්නට විය. සිය සිතමැඩීමට
වෙනත් මගක් තිබිය යුතුය. එසේ නොමැති නම් මෙවැනි කාමුක සිතුවිලි තම සිතට පමණක්
නැගෙන පහත් ඒවාද? විසදුමක්නොමැති සිතුවිලි වැලකි.
“කෝ ප්‍රියන්ත. එන්න. “
“මැඩම්...”
“අද ලස්සන වෙලා. ඒ සාරිය හොදට ගැලපෙනව. “ඇයගේ වත්සුනු සුවද උදෑසන ඇයගේ
කාමරය රෝසමල් සුවදින් පුරවාලීය. ඒ සුවද ඔහුට මතකය. එය වෙනත් විලවුන් වර්ගයක නොව
ඔහුකවදත් කැමති එන්චාන්ටර් විලවුන් සුවදය. ඔහු පෙනහලු තුලට ගත් හුස්ම පිට කලේ මහත්
ලෝබයෙනි.
“මේ ලියුම හදල තියන්න. මම මිනිට් එක දාල තියෙන්නෙ”
ඔහු වඩාත් ප්‍රිය කලේ බසයේ පිටුපස ආසනයේ කොනක යන්නටය. එවිට ඉතා පහසුය.
කවුරුවත් කකුල පාගන්නේවත් ඇගට තෙරපෙන්නෙවත් නැත. එහෙත් සිය කාර්යාලයේ ම යුවතියන්
උදේ පටන් සවස් වන තුරු වැඩකර සවස යන විට උදෑසන ඔහුට දැනුනු සුවද වෙනස් වී ඇති තරම්
ඔහු දනී. විටෙක වත්සුනු සුවදද තවත් විටෙක දහඩිය සුවදද මුසුව එන සුවද තම සිත තුළ
ඇති කරන්නේ පිලිකුලක් ද ආසාවක්ද යන්න තව දුරටත් අධ්‍යයනය කිරීමට ඔහු තීරණය කලේය.
එහෙත් එය කරන්නෙ කෙසේදැයි සිතීමට කාලයක් නොවිය. තමා ලගින්ම වාඩි වුන චන්ද්‍රා හා
ඔහු දොඩන්නට විය. “ඇය සිය මුහුනේ රැවුල සම්පූර්ණයෙන්ම ඉවත් කොට ලා රෝස පැහැති
සායම් තොල් පටේ ආලේප කර සිටියි. මුහුනේ එක් පසක කලු ලපයකි. එය ඇගේ මුහුනට ගෙනත්
දී ඇත්තේ තවත් අලංකාරයකි. ඇය මගේ නංගිගේ දුවගේ වයසේය. මම ඇගේ අයියාය. එහෙත් ඇය මගේ
නංගිගෙ දුවගෙ යාලුවෙකි. එබැවින් මගෙද යාලුවෙකි. ඇයටද එසේ වන්නට ඇත.”
එදින ඔහු වෙනුවෙන් සූදානම් කළ උත්සවයක් සුළුවෙන් කච්චේරියේ ලෑස්ති කොට
තිබුණි. අදුරු මුහුන සගවාලීමට තැත් කළ උත්සහය අසාර්ථක එකක් බව ඔහුටම තේරෙන්නට විය.
යහලු යෙහෙලියන්ගේ සුබපැතුම් හා තෑගි පාර්සල් ගොඩකි. අදින් පසු ගෙවන තනිකඩ ජීවිතයට
මුහුන දෙන ආකාරය ඔහුගේ මනස අවුල් කරන්නට පටන් ගෙන තිබුනි.