Monday, October 9, 2017

ඩෝසර් කතා අංක-2


ඒ ගම තිබුනෙ නගරයෙන් ගොඩාක් ඈත. කැලේ මැදින් ගමයි එහෙට ගියේ. ඒත් ඒක හරි භයානක ගමනක්. ඒ කැලේ හිටිය නපුරු කොටියෙක් යන එන අයට හිරි හැර කලා. 
ඉතිං ගමේ අය ආන්ඩුවට කිව්ව කිව්ව. පාර හදල දෙන්න ඒ අය කටයුතු කලේ නෑ. ඒ නිසා ඒ අයට ගොඩාක් දුකයි. කරදරයි. 
පස්සෙ ගමේ අය එකතු වෙලා සල්ලි ටික ටික දාල ඩෝසරයක් ගෙන්න ගත්ත. ගමේ අයත් වැඩ කලා. දැන් කැලේ පාර කපන්න හදන්නෙ.
ග්ර්ර්ර් ගාන සද්දයක් ආව. 
මෙන්න කොටියෙක්. එතකොටම ඩෝසරේ වැඩ කරපු මාම දැක්ක කොටිය මිනිස්සු ඉන්න පැත්තට පනිනව. එයා ඩෝසරේ ඉස්සර හොඩයෙන් හයියෙන් පාරක් ගැහැව්වම හරියට කොටියගෙ ඇගේ වැදිල වීිසි වුනා.
මිනිස්සු ටක් ගාල වැල් හොයගෙන කොටිය ගැට ගැහුව. ඊට පස්සෙ සත්තු වත්තෙ මාමල ඇවිත් කොටිය අරන් ගියා.
ඊට පස්සෙ මිනිස්සුන්ට හරි සතුටුයි. ඩෝසර් මාමට ගොඩාක් ස්තුති කලා. ඒගොල්ලන්ගෙ හරක් රංචු කන්න කෙනෙක් දැන් නෑ. පාරෙ යනකොට කරදර කරන්න කෙනෙකුත් නෑ. ඒ නිසා ගමේ අය සතුටින් ජීවත් වුනා. (සවිදුගෙ එඩිටින් එක්ක ආයෙ හමුවෙමු.)

Tuesday, October 3, 2017

පොඩ්ඩන්ට රස කතා -වීර ඩෝසර් මාමා

ඒ ගමේ නම සොසේ. සොසේ ගමේ හිටිය නසරස්කි කියල අහිංසක ඩෝසර් ඩ්‍රයිවර් කෙනෙක්. එයා හරිම සාධාරන විදියට ජීවත් වුනේ. 
මුලු සොසේ ගමම ජීවත් වුනේ ගොවිතැනින්. ඒකට වතුර හම්බ වුනේ ගම මැදින් ගලාගෙන ගිය ඇලකින්.
එක දවසක් හොදටම වැහැල ඇල කඩාගෙන යන්න පටන් ගත්ත. ගමේ හැමෝම බයවෙලා නසරස්කිට කිව්ව පුලුවන්නම් මේක නවත්තල දෙන්න කියල. නසරස්කි ඉක්මනට වාහනේ අරගෙන ගිහින් මහ ගල් දෙකක් උස්සල තිව්වත් බැරි වුනා. වතරු පාර තව තව එනව. ඒ පාර එයා ගිහින් ගල් දෙක පල්ලෙන් ඩෝසරය නවත්තගෙන හිටිය. මිනිස්සු වැලි කොට්ට ගෙනත් දැමම් ඉක්මනට. ඒත් වතුර පාර නසරස්කිගෙ ඇග තෙමාගෙන ගියා. එක පාරටම නසරස්කි වතුර පාරට ගහාගෙන ගියා. ඩෝසරෙ තිබුන නිසා වැලි කොට්ට හිර වුනා. ගමේ මිනිස්සුන්ගෙ වගාවන් බේරුනා. නසරස්කි ආයෙ කවදාවත් ආවෙ නැ. ගාමේ හැමෝම දුක් වුනා. එදා ඉදල ගමේ නම මිනිස්සු වෙනස් කලා. නසරස්කි කියල. හැමෝම හැම අවුරුද්දෙම එයාව මතක් කරල අර ඇලේ මල් පා කරල ඇරිය.
(මේ සවිදු පුතාගෙ කතා. මම චුට්ටක් එඩිට් කලා) නිදා ගන්නෙ නැති ලමයින්ට කියල දෙන්න.