ඒ ගමේ නම සොසේ. සොසේ ගමේ හිටිය නසරස්කි කියල අහිංසක ඩෝසර් ඩ්‍රයිවර් කෙනෙක්. එයා හරිම සාධාරන විදියට ජීවත් වුනේ.
මුලු සොසේ ගමම ජීවත් වුනේ ගොවිතැනින්. ඒකට වතුර හම්බ වුනේ ගම මැදින් ගලාගෙන ගිය ඇලකින්.
එක දවසක් හොදටම වැහැල ඇල කඩාගෙන යන්න පටන් ගත්ත. ගමේ හැමෝම බයවෙලා නසරස්කිට කිව්ව පුලුවන්නම් මේක නවත්තල දෙන්න කියල. නසරස්කි ඉක්මනට වාහනේ අරගෙන ගිහින් මහ ගල් දෙකක් උස්සල තිව්වත් බැරි වුනා. වතරු පාර තව තව එනව. ඒ පාර එයා ගිහින් ගල් දෙක පල්ලෙන් ඩෝසරය නවත්තගෙන හිටිය. මිනිස්සු වැලි කොට්ට ගෙනත් දැමම් ඉක්මනට. ඒත් වතුර පාර නසරස්කිගෙ ඇග තෙමාගෙන ගියා. එක පාරටම නසරස්කි වතුර පාරට ගහාගෙන ගියා. ඩෝසරෙ තිබුන නිසා වැලි කොට්ට හිර වුනා. ගමේ මිනිස්සුන්ගෙ වගාවන් බේරුනා. නසරස්කි ආයෙ කවදාවත් ආවෙ නැ. ගාමේ හැමෝම දුක් වුනා. එදා ඉදල ගමේ නම මිනිස්සු වෙනස් කලා. නසරස්කි කියල. හැමෝම හැම අවුරුද්දෙම එයාව මතක් කරල අර ඇලේ මල් පා කරල ඇරිය.
(මේ සවිදු පුතාගෙ කතා. මම චුට්ටක් එඩිට් කලා) නිදා ගන්නෙ නැති ලමයින්ට කියල දෙන්න.
No comments:
Post a Comment