එක්තරා අදුරු යුගයක් පහු කරමින් අලුත් අදුරු යුගයක් උදා
වුනා. උදා වුනා කිව්වත් ඇත්තටම ඒක උනේ
බහුතරයක් බුද්දිමත් මිනිස්සුන්ගෙ මැදි හත් වීම මතමයි. තමන්ම නිර්මානය කල අදුරු
යුගය පෙර යුගයට වඩා හොදයි කියල කියන්න හරි නැත්තං අදුර තුල නිමග්නව සිටි සාමාන්‍ය
ජනතාවට අලුත් අදුර පරන අදුරට වඩා වෙනස් වෙන හැටි කියන්න සිද්ද වුනා. වැඩි දෙනෙක්
කලේ නිහඩව සිටීම. මේ අතර ලෝකයේ හැඩය ටික ටික වෙනස් වෙන්න පටන් ගත්ත. විද්‍යාඥයෝ අනාවැකි පල කලා ලෝකය වේගයෙන් ඇලවේගෙන යනව කියල. මේ නිසාම සීත රටවල් උෂ්ණාධික රටවල් වෙන්නත් උෂ්ණාදික රටවල් සීතල වෙන්නත් පටන් ගත්ත. මේ නිසා මෙතුවක් කල් පැවති සංස්කෘතික ලක්ෂන වේගෙයෙන් විතැන් වෙන්න පටන් ගත්ත. සීතල දේශගුනය අනුව හැඩගැහෙන්න ආසියාතික හා අප්‍රිකානු රටවලට සෑහෙන්න කාලයක් ගතවේවි. ඒත් ඒ අය සිතන පතන හැටි පවා වෙනස් වෙන්න පටන් ගත්ත. ලමයි හදන ප්‍රමානය ආගමික මති මතාන්තර හැමදේම.
ලංකාව රුසියාව පිහිටි තැන තමයි ස්ථාන ගත වුනේ. රුසියාව
චීනය සමකාසන්න රටවල් වුනා. මෙපමන කලක් යුරෝ කේන්ද්‍රීයව පැවති මැනුම් රටාව ග්‍රිනිච්
රේඛව තවදුරටත් ඒ තැන්වල තිබුනෙ නැ. ඒවට විකල්ප ක්‍රම හදා ගන්න හැමෝම ඉක්මන් වුනා.
මේක සංක්‍රාන්ති සමයක්.
තව අවුරුදු පහකින් සජිත් ලංකාවෙ පාලකය වෙනව කියල
අනාවැකියක් රට හැම තැනම පැතිරිලා ගියා. ‘ඒක හරියාවි. රනිල් දිනයි කියල හිතපු නැති
කාලෙක තමයි එයා රජවෙනව කීවෙ. 2030 ඒ අතින් තීරණාත්මක වේවි. ‘
ඒත් මේ වෙනකොට ලංකාවෙ ඇරෙන්න වෙන එකම රටකවත් පක්ස
දේශපාලනයක් තිබ්බෙ නැ. ඒක තවදුරටත් නඩත්තු කරන්න ප්‍රජාතන්ත්‍රවාදයට බැරි වුනා. ඒ
වෙනුවට සාමූහික රාජ්‍යයන් බිහිවෙන්න පටන් ගත්ත. රටවල හැමදේම ඉහල මන්ඩලයකින් තීරනය
වුනා. සාමාන්‍ය රාජ්‍ය සේවයන් එපරිද්දෙන්ම සිදු වුනත් ඒ හැමදේකටම මිනිස් ශ්‍රමය
ඉතාම අඩුවෙන් තමයි ඕන උනේ. ටික ටික මිනිස් ශ්‍රමය නොවැදගත්ම දෙයක් බවට පත් වුනා.
මොනවද ඇත්තටම අපි කරන්න ඕන. මිනිස්සු හිතන්න පටන් ගත්ත. හිතන්න හිතන්න ඒක මහ
අවුලක් වුනා. මිනිස්සුන්ගෙ ඇගවල් පුංචි වෙලා ඔලු ලොකු වෙන්න පටන් ගත්ත. ඒකත්
පරිනාමවාදය අනුව වෙච්ච දෙයක්. ජිරාෆ්ලගෙ බෙල්ල දික් වුනා වගේ. ස්වබාවික මොල තියෙන
මිනිස්සුත් කෘතිම මොල තියෙන මිනිස්සුත් කියන වර්ග දෙක අතර ගැටීම් මතුවෙන්න වැඩි
කාලයක් ගියේ නැ.
ඊට පස්සෙ මොක වුනේ. යාපනේ තව රන්ඩු වෙන මිනිස්සුන්ට ඉන්න
බැරි වුනා. මේ වනකොට ඉන්දීය සහයෝගයක් තිබ්බෙ නැ. ඉංදියාව ආක්ටික් ඇන්ටාක්ටික් වගේ
වුනා. අලුත් හිම යුගයක් ඒ රාජ්‍යයන් මත ග්ලැසියර වෙමින් තිබුනා. අලුතින් ඇති වුන
බුමි බෙදා වෙන් කරගන්න ලෝක සම්මුතියක් ආව. අලුත් සිතියම් හදන්න ඕන උනා. ලෝකයම
හරියට බිසී වුනා. ලංකාව විතරක් මේ තරගයෙන් බේරිලා පුරුදු ඡන්ද ක්‍රමයම අනුගමනය
කලා. හිනා වුනා. කැව බිව.
ඊට පස්සෙ. ඊට පස්සෙ දවසක තමයි අහම්බෙන් මට ඔයාව හම්බ
වුනේ. ඔයා ඇමරිකාවෙ ඉදල පරන රුසියාවට සංක්‍රමනය වෙන බෝට්ටුවක ඇවිත අනාත නිවාසයකට
ඇවිත් හිටිය. මතකද? ඔයාව මම දැකපු පලමු මොහත. අකුනු සැරයක්වගේ.
සරනාගත ජීවිත දහස් ගනනක් මුහුදට බිලි වුනා. පරන
යුරෝපීයයන් සරනාගත කදවුරුවල අදුරු ජීවිත ගෙවන්නට පටන් ගත්ත. නැවත ඔවුන් වහලුන්
කම්කරුවන් ලෙස අලෙවි වුනා. මේ අතර ඔවුන් නව යුරෝපීය අධිරාජ්‍යවාදයට විරුද්දව සටන්
කරන්න ලියන්න තර්ක කරන්න පටන් ගත්ත. ඔයා
කියපු විදියට නව යුරෝපීයන් හරිම නරකයි. මානුශික නැ.
‘‘ශිත කදුකර මීදුම
අධිකයි පමා වුණෙමි සොදුරේ‘‘ කියල ගහපු සිටිබි බසය හිමින් හිමින් හිමින් හැටන් බලා
ගමන් කරන්න පටන් ගත්ත.
No comments:
Post a Comment