Monday, October 9, 2017

ඩෝසර් කතා අංක-2


ඒ ගම තිබුනෙ නගරයෙන් ගොඩාක් ඈත. කැලේ මැදින් ගමයි එහෙට ගියේ. ඒත් ඒක හරි භයානක ගමනක්. ඒ කැලේ හිටිය නපුරු කොටියෙක් යන එන අයට හිරි හැර කලා. 
ඉතිං ගමේ අය ආන්ඩුවට කිව්ව කිව්ව. පාර හදල දෙන්න ඒ අය කටයුතු කලේ නෑ. ඒ නිසා ඒ අයට ගොඩාක් දුකයි. කරදරයි. 
පස්සෙ ගමේ අය එකතු වෙලා සල්ලි ටික ටික දාල ඩෝසරයක් ගෙන්න ගත්ත. ගමේ අයත් වැඩ කලා. දැන් කැලේ පාර කපන්න හදන්නෙ.
ග්ර්ර්ර් ගාන සද්දයක් ආව. 
මෙන්න කොටියෙක්. එතකොටම ඩෝසරේ වැඩ කරපු මාම දැක්ක කොටිය මිනිස්සු ඉන්න පැත්තට පනිනව. එයා ඩෝසරේ ඉස්සර හොඩයෙන් හයියෙන් පාරක් ගැහැව්වම හරියට කොටියගෙ ඇගේ වැදිල වීිසි වුනා.
මිනිස්සු ටක් ගාල වැල් හොයගෙන කොටිය ගැට ගැහුව. ඊට පස්සෙ සත්තු වත්තෙ මාමල ඇවිත් කොටිය අරන් ගියා.
ඊට පස්සෙ මිනිස්සුන්ට හරි සතුටුයි. ඩෝසර් මාමට ගොඩාක් ස්තුති කලා. ඒගොල්ලන්ගෙ හරක් රංචු කන්න කෙනෙක් දැන් නෑ. පාරෙ යනකොට කරදර කරන්න කෙනෙකුත් නෑ. ඒ නිසා ගමේ අය සතුටින් ජීවත් වුනා. (සවිදුගෙ එඩිටින් එක්ක ආයෙ හමුවෙමු.)

Tuesday, October 3, 2017

පොඩ්ඩන්ට රස කතා -වීර ඩෝසර් මාමා

ඒ ගමේ නම සොසේ. සොසේ ගමේ හිටිය නසරස්කි කියල අහිංසක ඩෝසර් ඩ්‍රයිවර් කෙනෙක්. එයා හරිම සාධාරන විදියට ජීවත් වුනේ. 
මුලු සොසේ ගමම ජීවත් වුනේ ගොවිතැනින්. ඒකට වතුර හම්බ වුනේ ගම මැදින් ගලාගෙන ගිය ඇලකින්.
එක දවසක් හොදටම වැහැල ඇල කඩාගෙන යන්න පටන් ගත්ත. ගමේ හැමෝම බයවෙලා නසරස්කිට කිව්ව පුලුවන්නම් මේක නවත්තල දෙන්න කියල. නසරස්කි ඉක්මනට වාහනේ අරගෙන ගිහින් මහ ගල් දෙකක් උස්සල තිව්වත් බැරි වුනා. වතරු පාර තව තව එනව. ඒ පාර එයා ගිහින් ගල් දෙක පල්ලෙන් ඩෝසරය නවත්තගෙන හිටිය. මිනිස්සු වැලි කොට්ට ගෙනත් දැමම් ඉක්මනට. ඒත් වතුර පාර නසරස්කිගෙ ඇග තෙමාගෙන ගියා. එක පාරටම නසරස්කි වතුර පාරට ගහාගෙන ගියා. ඩෝසරෙ තිබුන නිසා වැලි කොට්ට හිර වුනා. ගමේ මිනිස්සුන්ගෙ වගාවන් බේරුනා. නසරස්කි ආයෙ කවදාවත් ආවෙ නැ. ගාමේ හැමෝම දුක් වුනා. එදා ඉදල ගමේ නම මිනිස්සු වෙනස් කලා. නසරස්කි කියල. හැමෝම හැම අවුරුද්දෙම එයාව මතක් කරල අර ඇලේ මල් පා කරල ඇරිය.
(මේ සවිදු පුතාගෙ කතා. මම චුට්ටක් එඩිට් කලා) නිදා ගන්නෙ නැති ලමයින්ට කියල දෙන්න.

Friday, September 29, 2017

කලුවරම දවසක (පොඩ්ඩන්ට රසකතා)

එදා කලුවරම කලුවර දවසක්. පාලුම පාලුයි. හීතලම හීතලයි. හා අයියයි නංගියි දොරවල් වහගෙන ගැහි ගැනී හිටිය. ඒත් අම්ම තාම නැ. කැරටුත් නැ. අම්මත් නෑ.
හුලග ශූ ... ගගා වේගයෙන් ඇදීගෙන ආව. දොරත් හෙල්ලෙන තරම්. ගස් ඒ අතට මේ අතට පැද්දෙන කීස් ගාල. ඔන්න දඩොං ගාල ගහක අත්තක් කඩං වැටුන. හා නංගි අයිය ගාවට පැනල අඩන්න පටන් ගත්ත.
තව ටික වෙලාවක් යනකොට කවුද දොරට ගහනව.
ටක්... ටක්....
අයිය නංගිට ඉන්න කියල ගිහින් බැලුව. පුංචි හිලකින් ඉස්සල්ලෙ එබිල බැලුව. කවුරුත් නැහැ. දෙන්නම තවත් තවත් බය වුනා. ඔය ඇහෙනවද පපුව ගැහෙන සද්දෙ.
තවත් ටිකකින් පුතා පුතා කියල කතා කර කර දොරට ගහනව. ඒ පාර නම් අම්ම. අයියා පැනල ගිහින් දොර ඇරිය. හා අම්ම ගෙ අත හොදටම තුවාල වෙලා. ගහක අත්තක් වැටිල තියෙන්නෙ අම්මගෙ අත උඩඩට. ඒකයි එන්න පරක්කු වෙලා තියෙන්න. පස්සෙ අයියයි නංගියි ඉක්මට අම්මට බෙහෙත් දැම්ම. අම්මගෙ ඇස්වලින් කදුලු වැටුන. එයා දෙන්නම තුරුලු කර ගත්ත.
පස්සෙ අයියි නංගියි දොරට ගහපු විස්තරය කිව්වම අම්මට හිනා ගියා. මොක්ද දන්නවද වෙලා තියෙන්නෙ. අර කඩා වැටුනු අත්තක කෝටුවක් හුලගට ඇවිත් දොරේ වදිනවලු. අම්ම ගෙට එන ගමන් ඒක අයින් කරල. ඒ දෙන්නටත් ඒක අහල හිනා ගියා.

Thursday, July 13, 2017

නමක් මොකටද කවියකට... කඳුලක තෙතක් දන්වනු මිස

මහා ගංවතුර
රත්නපුර යට කරපු
ඒ් පාලු හැන්දෑෙවත්

කොහොමද කලෙ ඒ්ක
විසිපහේ වතුර බෝතලයට
හතලිස් පහක බිලක්
ඒ් වගේ බෝතල් පන්දාහක්.....

හනේ හපොය් කියද්දිත්
කදු යටත් වැලෙපද්දිත්
උන්හිටි තැන් නැතුව
සිහියක් පතක් නැතුව ඉද්දිත්

කියන්න කෝමද
හිත හදා ගත්තේ....
බැරි අැයි අපිටත්
ඔයවගේ  වෙන්න

හදවතක් නැතුව
ලොකුවට ඉන්න....

Tuesday, January 17, 2017

ජපන්නුයි අපියි: නවකතා පටන් ගත්තු හැටි

ජපන්නුයි අපියි: නවකතා පටන් ගත්තු හැටි

නත්සුමේ සෝසෙකි- අවංක ගුරුවරයෙකුගේ කතාවක් (බොච්චන්) පරිවර්තනය: කොළඹ: සුරවීර. ඒ.වී., ප්‍රදීප ප්‍රකාශකයෝ. 1995
හිතුවක්කාර කොලු පැටියෙකු වටා ගෙතී ඇති බොච්චන් නවකතාව සිංහල පාටකයනට, විචාරකයනට ඉතා වැදගත් කෘතියක්. එය සිංහල නවකතාවේ ආරම්බය සිදු වූ අවදියේ රචිත නවකතාවක් වීම ඊට හේතුව. එම නවකතාව ආරම්භයේ එන ‘සංස්කාරක -පේරාදෙණිය විශ්වවිද්‍යාලය‘ යන සටහන සිංහල නවකතා ආරම්බය හා ජපන් නවකතාව ගැන අදහස දක්වන්නේ මෙසේයි.
“අවංක ගුරුවරයෙකුගේ කතාවක් නමින් සිංහලට නැගුණු ඔහුගේ බොච්චන් යන නවකථාව පළමුවරට ප්‍රකාශයට පත්වූයේ 1906දී ය. මෙම වර්ෂය සිංහල නවකථාවේ අපත සම්බන්ධයෙන් ද වැදගත් වූවකි. මුල්ම සිංහල නවකථා ලෙස සැලකිය හැකි ඒ සයිමන් සිල්වාගේ මීනා 1905 දීත් පියදාස සිරිසේන ගේ වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොසලින් 1905දි හෝ 1906දීත් ඇම්.සී. ඇෆ්. පෙරේරා ගේ මගේ කරුමෙ 1906දීත් ඩබ්ලියු.ඒ. සිල්වාගේ සිරියලතා හෙවත් අනාථ තරුණිය 1909දීත් මාර්ටින් වික්‍රමසිංහගේ ලීලා 1914දීත් බිහිවිණ. මේ අනුව සිතා බලන විට සෝසෙකි ගේ කෘතිය මුල්ම සිංහල නවකථා හා සමකාලීනව පළවූවක් ලෙස ගිණිය හැකිය. මුල්ම සිංහල නවකථාවක හා මුල්ම ජපන් නවකථාවක ස්වරූපය තුලනාත්මකව හැදැරීමට මෙම කෘතිය බෙහෙවින් ඉවහල්වනු ඇත.“
තෝකියෝවේ උපන් දෙමාපියන්ගේ රැකවරනය හරියාකාරව නොලැබූ ගැටවරයෙකු පසුව ගම්බද පාසලක ගුරුවරයෙකු ලෙස පත්වෙනවා. එහි දී ඔහු නොයෙකුත් කම්කටොලුවලට මුහුණ දෙනවා. පසුව පාසල් පත්වීම අත්හැර තෝකියෝවටම පදිංචියට පැමිනෙනවා. මේ අතර වාරය තුල සිදු වුන දේවල් වටා  ගොඩ නැගෙන මෙම කතාව ඉතා රසවත් කතාවක්. ඒ වගේම යම් යම් ජීවිතාදර්ශයන් සපයන, එවක ජපානයේ ගම්බද සමාජය ද පිලිබිඹු කරන්නක්.
කුඩා කාලයේ දීම මව අහිමිවන බොච්චන් කියෝ නම් සේවිකාවගේ ආදරය ලබයි. ඇය ඔහුට පියාට හොරෙන් යම් යම් රසකැවිලි පොත් පත් ලබාදෙමින් රැකවරනය සලසයි. පසුව පියාත් මියගිය විට අයියා සියලු දේපල විකුනා වෙන් වෙයි. කියෝද ඇයගේ ඤාතිවරයෙක් ලගට යයි. එහෙත් කෘතිය නිමවන තෙක්ම මෙම ආනන්දජනක සෙනෙහස නොනිමාවෙයි.
ගුරුවරයෙකු ලෙස සේවය කිරීමට ඈත ගමකට යාමට තෝකියෝවෙන් වෙන්වන අවස්තාවේ කියෝගෙන් වෙන්වන මොහොත බොච්චන්ගේ සිතුවිලි මගින් දක්වන්නේ අතිශය සංවේදී අයුරෙනි. මාපියන් වෙත නොමැති සෙනෙහසක් මෙහෙකාරිය සතු වීම හා මිනිස් භාවයන්ගේ ස්වබාවය අතිශය සංකීර්ණ බව පසක් වෙයි.
“මේ අපි මුණගැහෙන අන්තිම වතාව වෙන්නත් පුළුවන්. හරියට පරිස්සම් වෙන්න ඕනෑ යි සිහින් කටහඩින් ඈ පැවසුවා ය. ඇගේ දෑස් කදුලින් පිරී තිබිණි. මම නාඩා සිටියෙමි. එහෙත් මටද ඇඩුම් යන තරම් විය. දුම්රිය සෑහෙන දුරක් ගිය පසු මම කවුලුවෙන් හිස එළියට දමා ආපසු බැලුවෙමි. එසේ කිරීම මැනවැයි මට සිතිණ. ඈ ඒ වන විටත් එතැනම සිටගෙන සිටියාය. කෙසේ හෝ ඇය පෙනුණේ අතිශයින් කුඩාවටය.“ (21)
බොච්චන්ගේ හා කියෝගේ සම්බන්දය හැරෙන්නට මෙම නවකතාව ලමා ලෝකය පිලිබදවත්, පාසලක් තුල ගුරුවරුන් ලක්වන අපහසුතාවනුත්, මිනිසුන්ගේ දුර්ගුනයන් පිලිබදවත් කරුනු රාශියක් ගෙන හැර පායි. එහෙත් එකම වකවානුවක ලංකාවේත්, ජපානයේත් රචිත නවකතා පිලිබද සන්සන්දනය කලහොත් ඉතාමත් ඉදිරියෙන් සිටිනවා.

එහෙත් ගුරුවරයෙකුගේ භූමිකාව පිලිබදව හෝ සංකීර්ණ චරිත පිලිබද ගතහැකි යමක් මෙම නවකතාව තුල එතරම් නැතත් එකම කාලවකවානුවක රචිත සිංහල හා ජපන් නවකතා අතර වෙනස නම් විශාලයි. ඉතාමත් ප්‍රබන්ධමය හා අද්භුත ජනක සිංහල නවකතා වෙනුවට යථාර්ථ රීතියක් වටා ජපන් නවකතාව සැකසෙන්නට වෙර දරනු දැකිය හැකියි. කොහොම වුනත් කියවන්නම වටින ලස්සන කතාවක් බොච්චන්. ඉතිං කියවමු.