Saturday, October 18, 2014

එපා කරපු හැන්දෑවක... සෙනග පිරුනු බස් එකක....

පාලුවට කවුරුවත් 
හිටියෙ නැති නිසා ගත්
රටකජු ගොට්ටක
ඇට ගනිමින් හැන්දෑවක
පිටකොටුවේ 
ලංගම බසයක
ජනේලයක් අයිනේ....

ඇටය ඇටය රට කජු
කමින් හි‍ටිය හිමිහිට
ඒත් එකවරම
කට පිරිල 
සියුම් රට කජු පොතු වලින්
හදිසියෙම බැලුවම ජනේලෙ යට
රටකජු ඇට මහ පාරේ...

ඒ තරම්ම ඈ ලස්සනයි
ඒ හැන්දෑවේ
බසයක් එනතුරු
හිතුවක්කාරෙට ඇස් 
ඒ මේ අත යවමින් සිටි.....