4-kid සිහින දේදුනු පිටුව

දේ දුන්නේ පාට දිගේ
ඉහලට නැගලා
වලා කුලේ සිරි සිරි පොද
අතරෙ දැවටිලා
ඉන්නට ඇත්නම්
හරි ආසයි මං

පාට පාට පෙති සලා
රන් සමනලයෙක් වෙලා
මලින් මලට පියඹලා
මල් පැනිවල රස රස උරා
ඉන්නට ඇත්තනම්
හරි ආසයි මං

හැම තැනකම දුව දුවා
වැව් කඳු මත දැවටිලා
මහවන මැද සිරි බලා
සුලඟ වගේ ඉන්නට ඇත්නම්
හරි ආසයි මං

කීචි බීචි හඬ නගා
පලතුරුවල රස බලා
පුංචි කුරුල්ලෙක් වෙලා
ඉන්නට ඇත්නම්
හරි ආසයි මං

No comments: