Wednesday, April 27, 2022

සරුංගල් ප්‍රේමිය ගැන ප්‍රේමයෙන් ලියමි

 

වින්‍යා මැණිකේ ජයසේකර. මේ නමද මට අමුතු එකක්. වින්‍යා ටිකක් අලුත්. මැණිකේ පවුලේ අයට දාන නමක් . ජයසේකර පස්සෙ එකතු වුන එකක්. ඉතිං එයාගෙ ‘සරුංගල් ප්‍රේමිය’ කියවන ගමං.



 වින්‍යා

-ඒක අමුතු තාලයක් තියෙන පොතක්. ශබ්ද නගා තාලයකට ලයිට් කපන දවසක රාත්‍රියේ.

- ඒ කවි හරි අමුතු මතක ගැන තාලයකට ලියපු ලියවිල්ලක්. ‘සරුංගල් ප්‍රේමිය’ නම වගේ ම මගේ හිත් ගත් කව.  ඒ කවෙත් අන්තිම කොටස.

“ප්‍රේමිය.

විටෙක සැඩ

විටෙක නිශ්චල

ජීවිතය

ඔසවා තැබිය හැකි

සීමා දුරක්

සෑම විට ම සුළඟ සතු ය.”

 

-          වින්‍යා, ඔයා ලංකාව තේරුම් ගත් හැටි හරිම අපූරු වේදනාවක්. අද අද්දකින සත්‍යයක්. කවියෙකුට කලිංම අනාගතය දකින්න පුලුවන්. “කඩුව අතින් ගත් සිංහයාගේ බිරිඳ කී කව” හරිම දේශපාලනික ආස්ථානයක් දරන පට්ට කවියක්. එයා කියන විදියටම සිංහයාට ලැබෙන අන අද ලැබී නැද්ද?

“ හිසට සම එසවී

කෙසර වලිගය නවා

දෙපා මැද සඟවන්න

අණ ලැබෙනු ඇත”

 

දැනටමත් ඒ අණ ලැබී වලිගය දෙපා මැද රඳවාගත් සිංහයන් සැරි සරනවා නො පෙනෙයි ද? ඇය කවිය අවසන කරන යෝජනාව ජාතියක ඛේදවාචකය ඉඟි කරන්නක්.

“එයින් පසු ඔබ

තුන් සිංහලය ගැන නො තැවෙන්න

සැරිසරන

වනාන්තර නො සොයන්න

 

හිරිවැටුණ අත බිම තබා

සෙමෙන් මේ දැල් කූඩුවට එන්න.”

 

අපි සිංහයාට ඒ යෝජනාව කරමු.

 

ටෙහෙරාන් අහස යට කවිය ලස්සනම ආකෘතියක්. ඒ වගේ ම ඔබ සම්මත ආකෘතික රටාවන් බිඳිනවා මෙතැනදි. ඔබ ගැහැනු වෙරලක් ගැන කියන විට මට සිහිවන්නෙ පිරිමි වෙරලවල්.

 

රැඳෙමි

බිඳි බිඳි දියව යමි

හැපෙන රළ වැළඳ

ගැහැනු වෙරළක් ව”

 

ඒ කවිය ආකෘතිය අතින් පාද පහක් සහිත අග එලිසම ඇති කවක්. ඒ වගේම අනාගතය දල්වන ගිනිපුපුරු මේ කවිය පුරාම දකින්න පුලුවන්.

 

“පැසෙමි

 හුණුව වැගෙරෙමි

දූ මිණ වෙතට නැමි

පිළිල මත

ලෝ දියව ගලන ගඟුලක්ව”

 

වින්‍ය ඔබේ කවි පොත මා බිරිඳටත් දුවටත් ඇහෙන්නට හයියෙන් කියෙව්වා. තාලයකට. බිරිඳටත් දුවටත් නින්ද ගිහින්. ලයිට් නැති කලුවර ලංකාවෙ එක් රෑක. ඒත් මම මේ කෙටිම සටහන ලියන්න හිතුව. මේක නො වැදගත් වුනත් ඔබගේ කවි ගැන නොලියා කවි නොකියවා ඉන්නෙක අමාරු වැඩක්. මමිතුරිය. ජය.!