රැවුම් ගෙරවුම් මැද
ඉතා මෘදු තෙරපුම්ය
ප්‍රේම කතාවල තැවරි තැවරී යන
සමාජවාදී වදන්ය....
සිනහව තෙරප ගත්
පිම්බුනු කම්මුල්ය
ටිල්වින් අය්යවත්
දන්න බව කියවන ගමන්මය
කතාව ප්‍රේමයක් ගැනය
නටඹුන්ව ගිය
වානේ පන්නරය ලබන්නේම
මෘදු හාදුවලින්මය...
ග්ලැසියර දිය වෙන්නේම
මේ කතාවල හරි මැදය
මාලදිවයින වැනි දූපත්
යට වෙන්නෙ ඒකමය.....
💙 සමන් පෙරමුන 💙
