Monday, March 27, 2023

හමු වෙන්න බැරි වුනත් ආදරය තියෙනවා....

හැමදාම පුරුද්දට ආව නැවතුම් පලට

අදත් ඉඳ හිට එනව නුඹ නැතත් වෙලාවට

පෑව රත් පැහැ දෙතොල් සිඹගන්න තරමකට

මාව හිර කරනවා කරනවා සිහි විකල්


මැකුව මතකයෙ මතක රැලි කැලති එනවා

ආයෙ අමතන්නෙ නෑ මමම මට කියනවා

ඒ වුනත් අංක එක දෙක එලියෙ නටනවා

ආයෙමත් මකනවා ආයෙමත් ලියනවා


නුඹ දන්නෙ නැති වුනත් මම තවම සොයනවා

නිදන හැටි යනෙන හැටි සිහිනයක දකිනවා

බරකන් වෙන්නට බැරුව බර දරන් ඉන්නවා

හමු වෙන්න බැරි වුනත් ආදරය තියෙනවා


No comments: