Tuesday, January 15, 2013

බිංදු බිංදු වැහි

බිංදු බිංදු වැහි
බිංදු වැටෙනවා
වහල දිගේ පීලි දිගේ
මිදුලට එනවා
මිදුල පිරී වැහි වතුරින්
වැවක් හැදෙනවා

පුංචි මල්ලි කොල අරගෙන
ඔරුව හදනවා
ඔරුව හදනවා
රුවල් දානවා

මිදුලෙ වැවේ
පොඩි මල්ලිගෙ
ඔරුව ඇදෙනවා
සතුටු සිනා මල්
මූනෙ ‍පිපෙනවා


බිංදු බිංදු වැහි
බිංදු වැටෙනවා
වහල දිගේ පීලි දිගේ
මිදුලට එනවා

Thursday, January 3, 2013

පෝරිසාද

සම් මස් ඇට කිඳා 
බැසි පිය සෙනෙහෙ
සම් මස් ඇට උරා
පිය පිය සෙනෙහෙ

සළෙලුන් මග ආරා
ගිනිගත් රාග දැල්ලෙන්
පෝරිසාදයන් 
සංස්කෘතිය ඉහළටම ඔසවා

ඉංදියාවෙත් ඉරානෙත්
ඉරාකෙත් බංගලා දේශෙත්
පිරිමි පිරිමී පිරමී
පිපිරි පිපිරි පිපිරී
ගැහැනු ගැහැනූ ගැහැනූ
යදින දිවි නිදහස්

වයස කම් නෑ
ගැහෙන පණ නල 
එපමණයි
ගැහෙන පණ නල ජාතියේ
ගැහෙන පණ නල වීදියේ
ගැහෙන පණ නල 
රැකෙන හැටි නොම දත්