Monday, December 10, 2012
මෙහෙම වෙන්නෙත් ඒකලූ
මන්නාරමේ කුඹුරක පිපිරීමකින්
තුන්දෙනෙක් එක තැනමලු
යාපනේ සරසවියෙ ඊයෙ
නේවාසිකාගාරෙම හමුදාවලූ
කොටකෙතෙන ඊයෙත්
තෙතෙන නා තෙන නානෙලු
තියුණු ආයුධවලින් කොටලා
මහ රෑ කාවදෝ මරලලු
නීතියත් උන්ගෙලු
අගවිනිසුරු වුණත් එහෙමලු
හමුදාපතිත් එය දනීලු
මහ අධිකරණ ලේකම්ටත් එහෙමලූ
මේ මුතු ඇටේ හැටි එහෙමලු
අපි දන්නෙ අද ගැන විතරලු
හෙට ගැන කියන්නෙත් උන්මලු
වරායත් අපෙ නෙවේලු
වැඩට ගන්නෙත් උන්මලු
ගුවන් තොටුපලත් එහෙමලු
උඩයවන්නෙත් ඒ අයමලු
මහ එකා වගෙ නැතෑ පුත්තරෙ
ඌ කරන්නෙත් එහෙමලු
ගුරා හිටගෙන කළ වැඩේ
දුවදුව කරන්නෙත් ඒකලු
දුමිඳුවත් රට ඇරියලු
අමරෙලගෙ හැටි එහෙමලු
වෙන එකෙක් මේවා කිව්වොතින්
සතුරො වෙනනෙ එහෙමලු
සුදු වෑන් එක ආවොතින්
නඩුයි බඩුයි හාමුදුරුවොයි
ඔක්කොම උන්ගෙලු
උන්ට ගිය රට අපිට මොකටද
වහ බොමුද
එල්ලෙමුද
නිදි පෙතිද
දුම්රියට බෙල්ලද.....
ප්‍රිරභාහරන්වත් හිටියනම්
එක සැරෙ කොහෙ හරි මැරෙයි නෙව අපි
මේ වගේ මැරි මැරි ඉන්නෙක
උන්ට ඕන හැටි එහෙමලු
Subscribe to:
Comments (Atom)