එයා පාර දිගේ ලස්සනට යනව. හැබැයි ඒක කැට් වොල්ක් එකකුත් නොමෙයි. ඊට වඩා ඉක්මන් ලස්සන එකක්.
එයා ඇඳල ඉන්නෙ ඩෙනිමක්. ඒකට එයාගෙ ලස්සන තවත් ලස්සනට පෙනෙනව. සිහින් ඉඟක්. ලස්සන ජෙනිපර් ලඟින් යන පස්සක්.
එයා නීරෝගී කියලත් හිතෙන ලකුනු තිබ්බ. කලව එල්ලිලා වැටුනෙ නැහැ. ඒ අතර ත්‍රිිකෝණාකාර ඉඩක් තිබ්බ. ගමන ලස්සනට පේන්න ඒ ඉඩත් ලොකු රුකුලක් වුනා.
ලංකා මාතාවගේ නිසි හැඩය ගන්න ඩෙනිමක් අන්දවල බලන්න ඇත්නම්. මල්පෙත්තක වහල හිටිය කුරුමිනිය කල්පනා කලා. ඒත් පාං පිටි ගිලල ගිලල නිසා ලස්සන වෙන එකක් නැහැ. ඌ හිතුව.
අමාත්‍යංශවලට නං හොඳ ගවුම්. කැත වහගන්න පුලුවන්නෙ. ජරාව කාල කාල නෙරපු බඩවලුයි එක්ක ..
ඉතිං... ආං ... අර ලස්සන කෙල්ල ඩෙනිමි. ලස්සන විනිවිද පෙනෙන සුදු හැට්ටයක්. සුදු පාට ඇතුළින්එ යාගෙ ලා කහපාට බ්‍රෙසියරය පෙනුනෙ ලා රන් පැහැයකින්. හදවතත් මේ වගේ නම්. කුරුමිනිය කාගිල්ස් එක දිහාව බැලුව.
නෝන බඩු මල්ලකුත් අරං එනව. හරියටම යක්බෙරයක් වගේ. විඩාවෙන් බර වුනු මූනක්. කැට්වොක් එකෙන් එන්නෙ කෝමද.... කුරුමිනියට ඇස් පොඩි කරගෙන ආදරනේ බලං හිටිය. නෝන හම්බ වුනොත් මේ කතාව එයාට කියන්න එපා. මම කැමතිම යක් බෙර හැඩයට. කුරුමිනිය නෝන ලඟට ගිහින් බඩු ටික වාහනේ ට පැටෙව්ව.
Wednesday, December 18, 2019
මාතෘකාවක් නැති කතාවක්
ලොක්ක
හතර වසරෙ. මිනිහ ඉගෙන ගන්න දස්සය. ඒත් නිතර ලෙඩවෙනව.
දෙවනිය අම්ම වගෙමයි. හිතුවක්කාරයි. නපුරුයි. ඒත් මම
පස්සෙම තමා.
මේ තුන්වෙනිය. තාම පෙරපාසල්.
ඉතිං..
මට දුකයි මුංව මෙහෙම දාල යන්න. ඒත් මම ඉත්මනට මුංව මගෙ ලඟට ගන්නව. ඉක්මනට.
තාත්තගෙ ඇස් හිනි වෙලා. නවත්තල හිරවෙලා තිබුනු වේදනාව ඇස්
අගින් බේරෙන්න පටන් අරන්....
එයා ගියා. ඒකයි මේ ඔක්කොම. මට තේරෙන්නැ මහත්තයො. මං එ්කිට
ආදරෙයිත් එක්ක. ඒත් අර වත්තට බොන්න එන මෝටර් සයිකලෙත් එක්ක කුටු කුටු ගානව කියල
මිනිස්සු මට කීවත් එක්ක.
දැං දෙන්න කොහෙ හරි වහං වෙලා ඇති.
මං වෙන මොනව කරන්නද මහත්තයො.
Tuesday, December 3, 2019
බේබද්දා
රෑ හඳ පානය. කහ එලිය ගස්පුරාද, කඳු පුරාද... දෙනි පුරාද වැතිරීගෙනය. උලමෙකුගේ නාදයක් ගම පුරා හීනියට පැතිරෙයි... එය ශෝකී රාවයක් නොව අලංකාර උච්ච ස්වරයක්ද.... නොදනී. එය තියුනුය. බිහිසුනු බවක්ද වෙයි.
අම්මා ලෙඩ ඇඳේම ඉතාම සංසුන්ව වැතිරී අවසන් ගමං ගියේ උලමාගේ හඬ නෑසිගිය දෙගොඩ හරි ජාමකය.
පසුදින මුලුගමම අපේ ගෙදරය. චන්දරේ නොගියේ මොන උලව්වටද.. ගම්මුන්ගේ ලෙඩටද දුකටද ගිය චන්දරේ බිව්වෙලාවට ගමේ හැමෝම මග අරින්නේය. කතාවට ගියොත් ඉවරය.හොඳ කතා අහගත හැකිය. ඒකට තරාතිරමක් නැත.
සුදු කොඩිද කොඩිවැල්ද දමමිං චන්දරයා වැඩය. වෙනදා කනමදයෙකු මෙන් බි ගම පුරා දොස්දෙවොල් තියන චන්දරයා කතාවත් නැත. නිහඬය. දැං චන්දරයා තනියෙමය. කවුරුත් නැත. ඔහුට රෑ වෙහෙස වැඩි කමට නින්දි ගියේ හිටි පුටුව උඩමය.
හාමුදුරුව්ට ආරාදනා කලේ චන්දරේමය. දැහැත් පිරිකර ලෑස්ති කලේය. සොහොනට යන පාර කැපුවේද චන්දරේය. උදව්වට ආ වුන්ට කිරීමට ඒ හැටි දෙයක් ඉතුරු නොවීය.
හාමුදුරුව්ට ආරාදනා කලේ චන්දරේමය. දැහැත් පිරිකර ලෑස්ති කලේය. සොහොනට යන පාර කැපුවේද චන්දරේය. උදව්වට ආ වුන්ට කිරීමට ඒ හැටි දෙයක් ඉතුරු නොවීය.
අද අම්මා යනු ඇත. ඇය නැතිව ඉන්න හැටි, කරන වැඩ හිතාගන්නබැරිය. අදින් අම්මා ගෙදර එන්නේ නැත. බැන බැන බලා ඉන්නට කෙනෙක් නැත. සංසාරයේ හැටිය.
රා පෙලෙ ලඟ සෙනඟ නැත්ටත් ඇයි. කෝකටත් මඤ්ඤොක්කා එක්ක රා කදිමයි. බෝතලයක්ද දෙකක්ද ඉවරය. මතකයන් බොඳවෙමිං නොපෙනී යන අතරම මග දිගේ පැමිනියෙමි. මතක එපමනය.
පාසංකුලය වෙලාවට චන්දරේ නොවීය. සෙව්වද සොයාගත නොහැකි විය. සවසද නොවීය. කෑගල්ලේ අක්කලාද ... නුවර මාමලාද පිටත්ව ගොසිනි. චන්දරේ නැත.
සඳ එලිය ලාවට වැටෙමිං ඇත. ලස්සනය. පැල්කොටයක තමා නිදන්නේ ඇයි. ඔහුට සිතා ගත නොහැක. අම්මා තමා එනතුරු බලා ඉන්නවා ඇත. බොඳවු මතකයන් අතරින් අම්මා බාවා තිබු පෙට්ටිය එලියට ආවේය. චන්දරේ නැවත වාඩියේම ගුලිගැසුනි.
ගෙදර යන්න බැ. මෙහෙම හොඳා. ඔහු නිදාගත්තේය. අර උලමිගේ රාවය සඳදියේ ගලාගෙන ආවේය. උලලේනි හඬ දෙගොඩහරි ජාමය මැද ඇසි නෑසී ගියේය.
චන්දරේ බේබද්දාය. ගෙදර චන්දරේද අම්මාද නැතිව කැලේට ගියාය.
ගෙදර යන්න බැ. මෙහෙම හොඳා. ඔහු නිදාගත්තේය. අර උලමිගේ රාවය සඳදියේ ගලාගෙන ආවේය. උලලේනි හඬ දෙගොඩහරි ජාමය මැද ඇසි නෑසී ගියේය.
චන්දරේ බේබද්දාය. ගෙදර චන්දරේද අම්මාද නැතිව කැලේට ගියාය.
Subscribe to:
Comments (Atom)
