රෑ හඳ පානය. කහ එලිය ගස්පුරාද, කඳු පුරාද... දෙනි පුරාද වැතිරීගෙනය. උලමෙකුගේ නාදයක් ගම පුරා හීනියට පැතිරෙයි... එය ශෝකී රාවයක් නොව අලංකාර උච්ච ස්වරයක්ද.... නොදනී. එය තියුනුය. බිහිසුනු බවක්ද වෙයි.
අම්මා ලෙඩ ඇඳේම ඉතාම සංසුන්ව වැතිරී අවසන් ගමං ගියේ උලමාගේ හඬ නෑසිගිය දෙගොඩ හරි ජාමකය.
පසුදින මුලුගමම අපේ ගෙදරය. චන්දරේ නොගියේ මොන උලව්වටද.. ගම්මුන්ගේ ලෙඩටද දුකටද ගිය චන්දරේ බිව්වෙලාවට ගමේ හැමෝම මග අරින්නේය. කතාවට ගියොත් ඉවරය.හොඳ කතා අහගත හැකිය. ඒකට තරාතිරමක් නැත.
සුදු කොඩිද කොඩිවැල්ද දමමිං චන්දරයා වැඩය. වෙනදා කනමදයෙකු මෙන් බි ගම පුරා දොස්දෙවොල් තියන චන්දරයා කතාවත් නැත. නිහඬය. දැං චන්දරයා තනියෙමය. කවුරුත් නැත. ඔහුට රෑ වෙහෙස වැඩි කමට නින්දි ගියේ හිටි පුටුව උඩමය.
හාමුදුරුව්ට ආරාදනා කලේ චන්දරේමය. දැහැත් පිරිකර ලෑස්ති කලේය. සොහොනට යන පාර කැපුවේද චන්දරේය. උදව්වට ආ වුන්ට කිරීමට ඒ හැටි දෙයක් ඉතුරු නොවීය.
හාමුදුරුව්ට ආරාදනා කලේ චන්දරේමය. දැහැත් පිරිකර ලෑස්ති කලේය. සොහොනට යන පාර කැපුවේද චන්දරේය. උදව්වට ආ වුන්ට කිරීමට ඒ හැටි දෙයක් ඉතුරු නොවීය.
අද අම්මා යනු ඇත. ඇය නැතිව ඉන්න හැටි, කරන වැඩ හිතාගන්නබැරිය. අදින් අම්මා ගෙදර එන්නේ නැත. බැන බැන බලා ඉන්නට කෙනෙක් නැත. සංසාරයේ හැටිය.
රා පෙලෙ ලඟ සෙනඟ නැත්ටත් ඇයි. කෝකටත් මඤ්ඤොක්කා එක්ක රා කදිමයි. බෝතලයක්ද දෙකක්ද ඉවරය. මතකයන් බොඳවෙමිං නොපෙනී යන අතරම මග දිගේ පැමිනියෙමි. මතක එපමනය.
පාසංකුලය වෙලාවට චන්දරේ නොවීය. සෙව්වද සොයාගත නොහැකි විය. සවසද නොවීය. කෑගල්ලේ අක්කලාද ... නුවර මාමලාද පිටත්ව ගොසිනි. චන්දරේ නැත.
සඳ එලිය ලාවට වැටෙමිං ඇත. ලස්සනය. පැල්කොටයක තමා නිදන්නේ ඇයි. ඔහුට සිතා ගත නොහැක. අම්මා තමා එනතුරු බලා ඉන්නවා ඇත. බොඳවු මතකයන් අතරින් අම්මා බාවා තිබු පෙට්ටිය එලියට ආවේය. චන්දරේ නැවත වාඩියේම ගුලිගැසුනි.
ගෙදර යන්න බැ. මෙහෙම හොඳා. ඔහු නිදාගත්තේය. අර උලමිගේ රාවය සඳදියේ ගලාගෙන ආවේය. උලලේනි හඬ දෙගොඩහරි ජාමය මැද ඇසි නෑසී ගියේය.
චන්දරේ බේබද්දාය. ගෙදර චන්දරේද අම්මාද නැතිව කැලේට ගියාය.
ගෙදර යන්න බැ. මෙහෙම හොඳා. ඔහු නිදාගත්තේය. අර උලමිගේ රාවය සඳදියේ ගලාගෙන ආවේය. උලලේනි හඬ දෙගොඩහරි ජාමය මැද ඇසි නෑසී ගියේය.
චන්දරේ බේබද්දාය. ගෙදර චන්දරේද අම්මාද නැතිව කැලේට ගියාය.

No comments:
Post a Comment