පාට පාට හීන
Wednesday, June 26, 2013
ම මිතුර
“පිය පිය මිතු පහස නිබඳව සිත රැන්දූ
පිය පිය වදන් දෙසවන් හුනු පැනි බින්දූ
පිය පිය සරෙන් නිතතින් වන් දුක සින්දූ
පිය පිය තබන සිත තුට වේ ජය කැන්දූ“
Thursday, June 13, 2013
සොඳුර
අඳුර නුඹ
සොඳුර මට
සොඳුර නැති
අඳුරු රැය
Monday, June 10, 2013
දෝරෙ ගලා.... යන ආදරේ....
මුලු දවස පුරා
නුඹ මෙලොවට ආ
හදවතම පුරා
දෝරෙ ගලා
ගිය ආදරේ.....
කිරි සුවඳ ගලා
මව් සෙනෙහෙ පිරී
රත්තරං පුතේ
දෝරෙ ගලා
යන ආදරේ.....
රෝස කැලෙන්
ආ රෝස මලේ
දෙව් ලොවින් එවූ
සුර බිළිඳු මගේ
මුලු දිවිය අපේ
නුඹ එලිය කලා
රත්තරං පුතේ...
මුලු දවස පුරා
නුඹ මෙලොවට ආ
හදවතම පුරා
දෝරෙ ගලා
ගිය ආදරේ.....
Wednesday, April 10, 2013
කුස වලප
.... මේ කුස රජු
නෙව අපේ ගම එදා
නාටකයක රග පෑව
වෙස්මුහුණක් නැතිව
පාට කරලා මූණ
අගුරු ගාලා තවත්
දැලිත් ගා රැවුල ඇදි
නුඹේ පෙම් හදවත
කාටවත් නොතේරුනු
සුපෙම්වත
ගමේ එක නාඹර
කෙල්ලෙකුටවත්
රෑ දාවල නැතිව
නුඹම දරදිය ඇදි
සිල්ප කිසිවක්
දියුනු නොකල
රන් රුවක් තබා මැටි
රුවක් වත් නො ඇඹි
හද මින පෙමින් ඔප කල
කුස රජ තුමනි
මා පැටි කල
ගමම පබවතියන් කැල
පොබ කල
අදත් තනි නොතනියට
ගෙය ගෙය අගුව
කුලවමියන් රකින
අෂ්ට වංක මානික්‍ය
නොලැබුනිද තවම
දෙවියන්ට තවමත්
නොපෙනන හේතුව
කිමද කුස සුපෙම්වත
Thursday, March 21, 2013
නුහුරු හුරුව
හරිම නුහුරුයි
පලවෙනි දවස
නුඹෙ පුසුඹ
මා කන්පෙති අසල දැවටුන
සියොලඟ උනුසුම
මා වෙව්ලවන
ඒත් ඒ නුහුරු බව
හුරු පුරුදු වෙනවට වඩා
තවමත් මම කැමති
පලවෙනි දවසෙ
නුඹදුටුවනම
අත ඇල්ලූවිටදි
සොඳුරුම ඒ මොහොතෙ
මා දෙතොල් ඔබ දෙතොල් මත රැඳුන
නුහුරු බ
වේ
අරුමැසි බ
ව
තවමත් මා කය
හිටිවනම ඉද්දන
Wednesday, February 27, 2013
ගුරුතුමාට ආදරයෙනි,
ගුරුතුමාට ආදරයෙනි,
දුරයි බොහොම
හැම දේම
ලගවගේ දැනුනාට
ඔයත් ඒ වගේ
හිත් ආකහේ
ආඩම්බරයෙන් තාම
හුලගට ඇදුන
සරුංගලයක් .
නූල විතරක් අතේ
ගුලිකරන් තදේටම
කේඩෑරි පොලව මත
මම මෙතැන.
තමාගෙ කර උඩට
ගෝලයන් අරගෙන
ලෝකෙ පෙන්නන
අර ගුරුතුමා එනකං.
එයා කිව්ව කවියක් තාම
හද පිනනවා හොදට
'පිළිවදනටවත් අවසර නොමගෙන
මගේ වදන් ඇසු සැවිය නුඹයි
හෙට දින තනනා මගේ කැදැල්ලේ
දරුවන් දිනනා සොදුර නුඹයි"
ඉතිං අයෙත්මෙහෙම
කුරුටු ගානකං විද්‍යුත් තැපැලෙන්
නවතිනව මං
බහිනව හුඹහ ගාවින්
කිව්වාම ඩ්‍රයිවර්
කොන්දාට කිව්වලු
බලාපං ඒ බැස්සෙ
නයෙක්ද කියල
කියන්න තරං කෘතිම දේවල්
නැති දුප්පත් ගමක
හැටි එහෙම නේද
මැද ගම වගේමත් අපෙ ගමෙත්
එහෙමමයි....
ඉතිං සතුටු නැද්ද
බහිනකොට
හුඹස් නැති
මෙල්බර්න් හරි සිඩ්නි හරි
ගුවන් තොටකට
ඒත් අපෙ වැඩේ
ඇගිලි ගනින එක
ආයෙම බහින්නට
ඉක්මනට හුඹහ ගාව
ගමේ ගෙදරට
අම්ම අප්ප
සීයල ආච්චිල වුණු
අදට මේ ඇති නේද
වෙහෙසයි ඇස්වලට
දැන් ඇති කියනව
ඒ හින්ද
බුදු සරණයි
Tuesday, February 19, 2013
මගේ බුදු සමින්දේ
සත් වෙත් මහත් අදර
කුලුනු මෙත් යුත් නිතොර
සව් ලෙව් සතන් සසර
දුක්බිය නිවාලු
මගේ බුදු සමින්දේ
සිරිපා පියුම් වන්දේ
ඇදිවතක් අහරක් කිසිත්
නොලැබු අඩු කුල නිසා
පුතු සුනීතගෙ සෝක
සැනෙකින් නිවාලූ
මගේ බුදු සමින්දේ
සිරිපා පියුම් වන්දේ
පාලු සොහොනක අතැර
කාත් කවුරුත් අතැර
ගියදාක සෝපාක
ළදරු සිත බිය නිවාලු
දයා සෙත් සදාලූ
මගේ බුදු සමින්දේ
සිරිපා පියුම් වන්දේ
Thursday, February 14, 2013
ජීවිතය විඳින්න... හනි හනිකට එන්න....
රාස්සිගෙ අව්ව වැටුනු
ඉර ගල වැටුන විටදි
සිරි සිරි වැස්ස මැදින්
පායන දේ දුන්නක
පාට ගනින්න
හනි හනිකට එන්න
රෝස පාට දම් පාටට
නෙක නෙක රටා මවන
අලින් ඇතුන් අසුන් මසුන්
මාළිගා විමන්
රන්වන් වලාකුලක
ඇඳෙනවා බලන්න
හනි හනිකට එන්න
පසුකර නෙක බාදා
කෙත්වතු මැදින් ගලන
කිරිසිදු පැහැය රැඳුන
සිලිලාරක සුවය විඳින්න
කිමිදි කිමිදි පාවී යන්න
ජීවිතය විඳින්න
හනි හනිකට එන්න...
Friday, February 8, 2013
පුංචි කාලෙ මං නැටුවෙ එහෙම මං
කිරි කිරි බෝලේ
රැලි රැලි මාලේ
මේ ළමයා කොයින්දෝ
රෝස කැලෙන් ගෙනාවෝ
පුංචි කාලෙ මං
නැටුවෙ එහෙම මං
දඩිං බිඩිං ඩොං
වැටුනෙ එහෙම මං
අතුරු මිතුරු දඹදිවතුරු
රාජකපුරු හෙට්ටියෝ
අලුත ගෙනා මනමාලිට හාල්පතක් ගරාලා
උඩහ ගෙටත් බෙදාලා
පහළ ගෙටත් බෙදාලා
පුංචි කාලේ මං
නැටුවෙ එහෙම මං
උච්චි උච්චි
ටෝල් ටෝල්
පිල් බෙදුනේ මං
එහෙම තමයි මං
හැංගි මුත්ත හැංගියෝ
නොපෙන තැනක හැංගියෝ
පුංචි කාලෙ මං
හැංගෙනවා මං
පුංචි පුතුට මං
කියල දෙනව දැං
Tuesday, January 15, 2013
බිංදු බිංදු වැහි
බිංදු බිංදු වැහි
බිංදු වැටෙනවා
වහල දිගේ පීලි දිගේ
මිදුලට එනවා
මිදුල පිරී වැහි වතුරින්
වැවක් හැදෙනවා
පුංචි මල්ලි කොල අරගෙන
ඔරුව හදනවා
ඔරුව හදනවා
රුවල් දානවා
මිදුලෙ වැවේ
පොඩි මල්ලිගෙ
ඔරුව ඇදෙනවා
සතුටු සිනා මල්
මූනෙ පිපෙනවා
බිංදු බිංදු වැහි
බිංදු වැටෙනවා
වහල දිගේ පීලි දිගේ
මිදුලට එනවා
Thursday, January 3, 2013
පෝරිසාද
සම් මස් ඇට කිඳා
බැසි පිය සෙනෙහෙ
සම් මස් ඇට උරා
පිය පිය සෙනෙහෙ
සළෙලුන් මග ආරා
ගිනිගත් රාග දැල්ලෙන්
පෝරිසාදයන්
සංස්කෘතිය ඉහළටම ඔසවා
ඉංදියාවෙත් ඉරානෙත්
ඉරාකෙත් බංගලා දේශෙත්
පිරිමි පිරිමී පිරමී
පිපිරි පිපිරි පිපිරී
ගැහැනු ගැහැනූ ගැහැනූ
යදින දිවි නිදහස්
වයස කම් නෑ
ගැහෙන පණ නල
එපමණයි
ගැහෙන පණ නල ජාතියේ
ගැහෙන පණ නල වීදියේ
ගැහෙන පණ නල
රැකෙන හැටි නොම දත්
Newer Posts
Older Posts
Home
Subscribe to:
Comments (Atom)