Thursday, March 21, 2013

නුහුරු හුරුව



හරිම නුහුරුයි
පලවෙනි දවස
නුඹෙ පුසුඹ
මා කන්පෙති අසල දැවටුන
සියොලඟ උනුසුම
මා වෙව්ලවන
ඒත් ඒ නුහුරු බව
හුරු පුරුදු වෙනවට වඩා
තවමත් මම කැමති
පලවෙනි දවසෙ
නුඹදුටුවනම
අත ඇල්ලූවිටදි
සොඳුරුම ඒ මොහොතෙ
මා දෙතොල් ඔබ දෙතොල් මත  රැඳුන
නුහුරු බවේ අරුමැසි බ
තවමත් මා කය හිටිවනම ඉද්දන

No comments: