Wednesday, April 10, 2013

කුස වලප

.... මේ කුස රජු
නෙව අපේ ගම එදා
නාටකයක රග පෑව
වෙස්මුහුණක් නැතිව
පාට කරලා මූණ
අගුරු ගාලා තවත්
දැලිත් ගා රැවුල ඇදි


නුඹේ පෙම් හදවත
කාටවත් නොතේරුනු
සුපෙම්වත
ගමේ එක නාඹර‍
කෙල්ලෙකුටවත්
රෑ දාවල නැතිව
නුඹම දරදිය ඇදි


සිල්ප කිසිවක්
දියුනු නොකල
රන් රුවක් තබා මැටි‍
රුවක් වත් නො ඇඹි‍‍
හද මින පෙමින් ඔප කල

කුස රජ තුමනි
මා පැටි කල
ගමම පබවතියන් කැල
පොබ කල 
අදත් තනි නොතනියට
ගෙය ගෙය අගුව
කුලවමියන් රකින

අෂ්ට වංක මානික්‍ය
නොලැබුනිද තවම
දෙවියන්ට තවමත්
නොපෙනන හේතුව‍
කිමද කුස සුපෙම්වත

No comments: