සෙදෝනා ගැන මොනිකා රුවන් පතිරණ කිවිඳිය කියා ඇති අයුරු මෙහි බහාලීම
ඊවාට මෙන්ම මොනිකාටද කරන ප්‍රශංසාවක් මෙන් ම, කත පත පිරිපත පසක් කරවන්නකි.
එය ඉස්මතු කිරීමට ඔවුන් ගත් තැත හෙළිකරන්නකි.
”... සෙදෝනා නැමති ගැහැනිය තමා මුහුණ පෑ ඛේදවාචකයේදී තම ජීවිතයද, ගමද මුළුමහත් සමාජයද සම්බන්ධ
යථාර්ථය අවබෝධ කොට ගනියි. දිළිඳු බව ඇයගේ ජීවිතයට සරදම් කළ ආකාරය ඇය සාක්‍ෂාත් කොට
ගනියි...”
... ‘සෙදෝනා’ නමැති
ගැහැනිය මෙරට කාන්තා මත තබා විග්‍රහ කරන විට එහි ඇති වැදගත්කම විශාල ය. ඇගේ ව්‍යසනය
වඩාත් බිහිසුණු එකක් වූයේ ඇය දිළිඳු ගැහැනියක වීම නිසා පමණක් නොවේ’ එය ගැහැනියකගේ ඹ්ෂතයක් වීම
නිසයි. දිළිඳු බවේ පීඩාව ඇතුළත ඇය ගැහැනියක ලෙසද පීඩා විඳියි. චෝදනාවට හසුවන ඇය
වටා ගම්මුන් එක් වන්නේ් ඇය බේරා ගන්නට නොවේ. ඇය තවත් බිළි ගන්නටයි. ඇය ගමේ කෙළි
බඩුවක් සේ පවත්වා ගන්නට ය. මේ බැව් අවබෝධ කොට ගන්නා ඇය නිර්භය ව ඒ සියල්ලට මුහුණ
දෙයි. ඇය ගැන වටහා නොගන්නා ගැහැනුන්ගේ ම බසින් කම්පා නොවන ඇය, සිය ආධ්‍යාත්මය වීරවරියක් සේම
මහලු විය කරා එයි.” (සෙදෝනා
නවකතාවේ හැඳින්වීම)
ගමක ඉපිද, තම මල්ලී
සමග තනිව ජීවිතයට මුහුණ දෙන සෙදෝනා, දරුවන්ට පෙම් බඳින්නී, දරුවන් නොලබා ම මහලු වන්නී ය.
ඒ සෑම විට ම ඈ දරුවන් හා සිතින් දොඩන්නීය, හඬන්නී තමාට ගමේ සිටි එකම
ළෙන්ගතු මිනිසා ගැන ළසෝ ගන්නී ය. ගම්මුන්ගේ කෙණෙහිලිකම් මැද වයසට යන ඇයට මහලු
වියේදී කිරිඅම්මාගේ දානයකටද ඇරයුම් ලැබෙයි. මුළු ගමේ ම දොරටු වසා කොන් කර තිබූ
ඇයගේ ජීවිතයට එය අපූර්ව ප්‍රසන්න අවස්ථාවකි.
එහෙත් ඒ සියල්ල මැද ඇයට සිය අතීතය ම පෙනෙයි, මැවෙයි. ඊවා රණවීර මේ කියන්නට
යන්නේ ඒකමිතික, ඒකාලම්බන, රේඛීය සිදුවීමක් නොව ගැහැනියක
නොවිඳිය යුතු, ගැහැනියක
විඳි කථාවකි. ඇය මවන මේ ගැහැනියගේ් අතීත කතාවද දුක්ඛිත අතීතයක් වනවා සේම, තණ පඳුරු ලලා වැසෙන
වර්තමානයකය, ඇය ජීවත්
වනුයේ.
එම වැසෙන අතීත පියසටහන් ඔස්සේ මැවෙන මේ කතාවෙන් අපට ගෙනෙන්නේ්
තේවතුවල, කරෝල
වාඩිවල, ගාමන්ට්
මැෂින් අස්සේ, ගණිකා
මඬම්වල, ගුබ්බෑයම්වල
වැළලෙන, වැළලී ගිය
ගැහැනියගේ් අතීතයයි, කඳුලයි, උණුසුම් සුසුමයි. එහෙත් ඒ
ගැහැනිය කිසිවිටෙක නොහැඬුවා ය. ඇය ඒ දුකෙන් ම ලෝකය බැලුවා ය. මහලු වියේදී සෙදෝනා
මෙනෙහි කරන අතීතය ඇයගේ උපේක්‍ෂා සහගත ඒ සිත ම පෙන්වාලන්නකි.
දිළිඳු ඇයට කුඩා කල සිට ම උරුම වූයේ තනිකම හා කඳුළ පමණි. මහලුවිය
තෙක් සිටි එක ම රැකවලා, යහළුවා
බබානිස් ය. එහෙත් බබානිස් ගම්මුන්ට පිස්සෙකි. මේ සංකේතීය පුරුෂයා අදද පිරිමින් හා
ගැහැනුන් හමුවේ පිස්සෙක් ලෙස නොසැලකෙන්නේද? විමසිය යුතු ය. පුරුෂාධිපත්‍යය
හා ඒ වටා, පුරුෂයන්ගේ
සංස්කෘතික සම්ප්‍රදාය වටා එල්ලී දඟලන ගැහැනුන්ගේ සැටිද මේ කෘතිය හරහා ම අප හමුවට
රැගෙන එයි. සෙදෝනා වඩාත් කොන්වන්නේ පිරිමින් අභිමුව නොව ගැහැනුන්ගේ හැකර සිත්
අභිමුව ය.
පිරිමින් විසින් නිර්මිත සමාජයක හුදකලා වන ඇය, ඇය ව සොයා ගැනීමට දරන තැත
නිමා වනුයේ ඇය උමතු බවට පත්කරමිනි. මේ උමතුව අදද ගැහැනිය විඳින උමතුවයි, උරුමයයි. සියලු දුක් දොම්නස්
මැදද ඇය දකින සෑම සිහිනයක ම සිටින්නේ දියෝනිස්ම ය. දියෝනිස් ඇයට සම්මත වූ ගමට
අසම්මත වූ ඇයගේ් ප්‍රේමය දිනා ගත්, සිත සොරාගත් නිහඬ පුරුෂයා ය.
නිහඬ ව ම ඇයට පෙම් බැඳ නිහඬවම ඇය අතහැර දැමූ මේ සංකේතීය පුරුෂයා අසරණ ගැහැනියකගේ
සිත නිරූපණය කිරීමට යොදාගත්තකු මෙන්ම කල්පිතයක් නොවන්නක්ද වේ.
වෙලේගෙදර අක්කා දියෝනිස්ට වෙනස්කම් කළද, ඔහු සෙදෝනා වැනි ගැහැනියකගේ
පෙමට ගොදුරු වෙයි. නිශාචර යාමයට හෝ සෙදෝනාට පෙම් කරයි, සෙනෙහස දෙයි. ගමෙන් ම ඉඳුල්
ලැබූ ඇයට නොඉඳුල් යමක් දුන්නේ නම් ඒ දියෝනිස් ය. එහෙත් ඔහු අකර්මණ්‍ය, අන්තරාවර්තී සිතැත්තෙකි. පසු
ව ඔහු සෙදෝනා නිසා ම ගම්මුන්ට මුහුණදීමට නොහැකිකමින් ඇය හැරදා යයි. එයින් පසු
ජීවත් වන්නේ කය පණ ඇති, හදවත
මියගිය සෙදෝනා ය. ගැහැනියක් බොහෝ විට නාමික ව පණ ඇති වස්තුවක් පමණක් බවට පත්වීමෙන්
සෙදෝනා පොතෙන් එළියට පැන හැබෑ ලෝකය හා සම්බන්ධ කරයි.
ගමේ අය කියන කතා අසන ඇය සදාචාරය ගැන සිතයි. මනුස්සකමක් බිඳුවක්වත්
නැති තැන ඇති සදාචාරය ඇයට තේරුම් ගත නොහැක්කකි, එසේ ම සදාචාරය, ශිෂ්ටත්වය, ඇයට ඉතුරු කළ දෙයක් නැත.
කුසගින්න, අවනම්බුව
පමණකි, ඇයට ශිෂ්ට
මිනිසුන් ඉතිරිකර ඇත්තේ අවසානයේ සෙදෝනාට දුක් දුන්, ඇය ඇඬ වූ මේ සමාජය ඇය ලවා ම
ප්‍රශ්න කරවනු දකින අපට ශිෂ්ට බවය තුළ සැඟවුණු අශිෂ්ට හෙළුව කෙතරම් නම් බියජනක
එකක්දැයි පෙන්වා දෙයි. මුදල් බලය තුළ ඇය වැනි දහස් ගණන් ගැහැනුන්ගේ ආදරය, උණුහුම ඒ හැම දේම මැනුමට
කිරුමට බඳුන් වීමෙන් හෑල්ලුවට ලක්වන බව ඇයට තේරුම් යයි.
ඇය සිතන්නේ අපට සිතන්නට දහසකුත් මාවත් විවර කරමිනි. කපුටන් වර්චස්
නෙහෙළන තැනක් නැති බව ඇය පසක් කරන අයුරු ඊවා මෙසේ සෙදෝනාගේ සිතුවිලි හරහා ගෙන එයි.
ඒ ඇයයි. ඔබත් මමත් හඳුනන ඇයයි. ඇයගේ වේදනාවයි. මේ වේදනාව නිමාකරලිය
යුතු එකකි. ඒත් කවරදා ද? හිමි බොහෝ
දේ අහිමි වූ හුදු ප්‍රාණියෙක් පමණක් නොව සෙනෙහස කැටිකළ සැනසුම් කුටියක උණුසුම්
හදවතක් ගැහැනියකට උරුම බව ඇය ‘සෙදෝනා’ හරහා
පෙන්වා දී ඇත. මේ කෙටි වැකි අප තුළ මහා ආඛ්‍යානයක සිතුවිලි පුරවාලන්නේ එපරිද්දෙනි.
No comments:
Post a Comment