Monday, January 2, 2023

මල්වඩම් අනැවසි ය.

 


අම්මා කෙඳිරිල්ලේ ය. ‌දොස්තර මහත්තයා කියපු හැටියට වකුගඩු දෙකම වැඩ කරන්නේ සියයට 10ක් පමනි. 
රෑ මැද එක පාරටම ජනේලය ගැලවෙයි. මහ ගෙරවුමකි. විශාල අඩි ශබ්ද ගේ වටේ ඇසෙයි.

අම්මා කෙඳිරිල්ලේ ය.

තවත් දොරකුත් ඉදිරිපස් බිත්තියේ කොටසකුත් දඩස් ගා වැටෙනු ඇසෙයි. කරන්නේ කුමක්ද?
ගෙදරටම තිබූ වී කවර දෙකෙන් එක් එක හුස්මට අලියා බිව්වේ කිසිවගතුවක් නැතුවය. 

සියයට 15වේ නයට ගත් මුදලින් යම්තම් හදා ගත් ගෙයි දොර ජෙනෙල් බිත්ති නැත. නය ගෙවා ඉවරද නැත.

අම්මා තවම කෙඳිරිල්ලේ ය.

යම්තම් එලිය වැටෙන විට ගම්මු එකතුව අලි පන්නා දමා ඇගේ ගේ වටේ එකතුව අලාභහානි බලමින් කියවයි. සුසුම්ලයි. ගේ ඇතුලෙන් අඳෝනාවක් ඇසෙයි.

අම්මා ‌කෙඳිරිල්ල නැවතුවා ය.

No comments: