Monday, November 28, 2022

ඕ බෙදුම් රේඛා නිමවන්නීය

 

#සිත්තරා සිතන්නට වී. සිය සිතුවම්වල රූපවල පැහැදිලි බෙදුම් රේඛා නිමවන්නට කිසි දිනක ඔහු උත්සහ කලේ නැත. ඒවා සියුම්ව ඒ ඒ වස්තූන් අවකාශයන් වෙන් කළ ද එක් කරන අපහැදිලි සම්බන්ධතා ද වූහ. ඒ රේඛා රේ්ඛා නො වේ. ඒවා රේඛා ලෙස පෙනෙන වෙනස් පාටය. එකක ඇඳි පාට අනෙකේ පාටින් වෙනස් බැවින් එතැන රේඛාවක් පිහිටයි.
චිත්රවලට තිත්ද කෙටිඉරිද යෙදමින් බෙදුම් රේඛා ආලෝකයෙන් බොඳව යාම සිතුවමක ඇති අලංකාරයද අර්ථය ද අර්ථ ගන්වන බව සිත්තරා සිතයි.
ඉතාම භෞතික සීත රාත්රිය කද අධ්යාත්මය පවා ගිනි ගන්නා පට්ට උනුසුම් දහවලක ද බෙදුම් රේඛාවන් නැති බව සිත්තරා දනි.
හුදෙක් භෞතික දේ හා අභෞතික දේ අතර ද එසේය. සිය බිරිඳ හා අමනාපයෙන් සිටින විට ඇති වන හිස රදය පැනඩෝල් පෙත්තකින් සමනය වෙයි. බිරිඳ හා ඇත්තේ අමනාපයකි. අය ආධ්යාත්මිකය. අතින් ඇල්ලිය නොහැකිය. එහෙත් හිස රිදෙයි. එය භෞතිකය. පෙනඩෝල් භෞතිකය. හිස රදය නැති වෙයි.
බිරිඳ භෞතිකය. ඇය ඇතුව මෙන් ම නැතුව ද සිත්තරාට බැරිය. සිය අධ්යාත්මයේ ඉතාම ගැඹුරුම තැන් රිදවමින්ද සනසවමින් ද ඇය පැමිණ තිබේ.
සිත්තරා සිය රේඛාවන් වර්ණ ගන්වමින් ද බොඳ කරමින් ද සිටිනාතුර ඇය පැහැදිලි බෙදුම් රේඛාවන් නිර්මාණය කළා ය. සිත්තරා ඒ වාද වර්ණ ගැන්නුවාය. ඇය සිතින් අත හැරියේ ය. සිත්තරා අල්ලාගත්තාය.
අවසන දරුවන් හා සිත්තරා සිතුවම් නිමවමින් ඇය යලි ඒවිදැයි බලා සිිටියත් එසේ වූයේ නැත. හැබෑ ජීවිතයත් සිතුවමත් දෙකම බොරුය. ඇතේතෙ බොරුවේ ඇති ලස්සන හෝ කැත ගතිය පමණි. සිත්තරා දරුවන්ට කිසිවක් ඉගැන්නුවේ නැත. ජීවිතය යනු කියා දිය හැකි එකක් නොවන බව දරුවෝද පසක් කරමින් සිටියහ.
සමන් පෙරමුණ

No comments: