‘‘ආදරේ කියන්නෙ දාල යන
එක නෙමෙයි බං
ආයෙ එයි කියලා බලන එකටයි රත්තරන්‘‘
(මයෙ අම්මෙ යමු යංඩ-43
පිටුව)
මානව හිතවාදී කලාකෘති මතක තියාගෙන රැකගන්නයි
අමුතුවෙන් මතක් කල යුතු ඒවා නොවෙයි.
යුගයෙන් යුගයට හදවත් සනහමින් ජීවිත පිලිබද ක්ශුද්‍ර අංශු ගැඹුරින් පෙන්වමින් තද්
කෘති සිය සමාජමය කාර්යන් ඉටුකරනව. එබදු පොතක් කියවීමට ලැබුනු සතුට ඔබටත් අවැසි නම්
විදගන්න. මේ ලියන්නෙ ඒ සතුට වදන් මත තැවරිය හැකි උපරිමයෙන්. මනෝභාවයන් හා වචනවල
ඇති දුර ගව් ගනනක්. හැම වෙලාවෙම ඒක එහෙමමයි. ඒත් කවියක් ඒ දුරස්ත බව අවම කරනව.
පුදුමය ඒකයි. ‘මයෙ අම්මෙ යමු යංඩ‘ එක්ක පාටකය යමු යංඩ.‘‘ඉතින් හිත සැනසෙන විදියට අපිට දොස් නොකියා හරි ආදරබරව
කම්පනයකින් ඒ කවිය ලියල තිබුන. ජීවිතේ තිත්තම තිත්ත ඇත්ත එයා ලියල තිබුණ. එදා ඉදල
මම මෙ මනුස්සයගෙ කවි හොයාගෙන කියවන්න පටන් ගත්ත...‘‘ (අභිසාරිකා සහෝදරියගේ
පෙරවදනින්)කවියා අල්ලගන්නෙම අපි හිතන්නැති තැනකින්, පුදුමාකාර ජීවිතයෙ.
ඒත් එතැන තමයි දුකම. තිත්තම. ආදරේම. හැමදේම තියෙන තැන. කුලියාපිටිය ආදාහනාගාරෙදි
අම්මව බෞතිකව නික්මෙන මොහොත ගැන වැල්වටාරම් ආලවට්ටම් මොකුත් නැතුව කවියා නිරුවත්
වචන පෙල ගස්සනව. හිත කීරි ගැහෙන ඒ වදන්වල ආදරය හැංගුන අදුරු අහු මුලු එලියට ගේනව.
‘‘කලු දුමක් නැගුනොතින් පෙට්ටියයි දැවෙන්නේසුදු දුමක් නැගුනොතින් අම්මවයි නිවෙන්නෙ‘‘ අදාහානාගාරයේ ඇසෙන කුසු කුසු අතර මේ වගේ වදන් වැල් නිතරම
ඔහෙ පාවෙනව. ඒත් කවිය දන්නව අම්මට මරනය සැපක් බව. ජීවිතේ ගෙනියන්න නොවිදිනා දුක්
විදපු ඒ අම්ම කවියට මතක් වෙනව.
‘‘කදුලු අස්සෙන් මට පෙනෙයිඈත දවසකහාමතේ හිටිය හැටිඅම්මයි මමයි දෙන්නම‘‘ජීවිතයෙ තිබුනු එකම කවි පදය කවියාගෙන් ඈත් වෙන වෙලාව.
ආදරයෙ උල්පත සිදී යන මොහොතක. චාරු වචන මොකටද?
දුගී බව උරුම වුන දිවියකට තනිවට ඉන්න බිරිදත් හැරදා ගිය
විට. කවියා මේ මොහොත සිතුවම් පටක් මෙන් දිග හරියි. වහලයෙන් වතුර වැටෙන වැහි දිනක
ඔහු දකින ශේශයන් අනෙක් අතට ඔවුනගේ කටුක බව හෙලිකරයි. කවියාට තරහක් නොනැගෙයි. එහෙත්
මතකයද වේදනාවක්. පිලිතුරක් නැති තැන් එමටයි ජීවිතයෙ.
‘‘ මකුළු දැල් ඇද ගත්ත බිරිදගේ චීත්තත්වැහි බිංදු උරා ගත් උපත් පාලන පෙතිත්හය හතර චක්කරේ බිංදුවක්වත් නොදත්පොඩි උන්ගෙ ජංගි ටික කාවන්ට පෙරහැරක්....
.... කිරිල්ලක් උනා නම් හොටට හොට පටලවනකටු සරම ඍතුවක් වසන්තය සේ හැගෙන.... (07 පිටුව) විටෙක කවියා කියන දේවල් අමු අමුවෙ අපව හිරි වට්ටවනව.
හිටි තැනම ඉන්දනව. එතැනින් එහාට මොකවත් හිතන්න බැරි වෙන තැන් ගොඩයි කවි පොත
පුරාවට. ‘නිවන් පුර යන්න බස් එකක් නැති වෙලාවක... ‘ කවිය ඒ වගේ එකක්. අම්ම තමන්ගෙ
ඇගම රැකියාව කරන් පුතු රකින අම්මලාගෙ හදවත විනිවිදින්න මේ අමු වචන කොහොම පෙල
ගස්සනවද මන්ද? මේ අව්‍යාජ කවිය කියවන්න. කදුලු හංගගන්න. මේ තමයි තිත්ත ඇත්ත.‘‘වැහැරි තන් තාත්තා නොවන අය ඉඹිනකොටඅතුනු බන් රිදුම් දී බඩගින්නෙ වෙලෙනකෙටවේසියෙක්නෙ යකෝ මුලු ගමම කියනකොටචන්දරේ අපිට තව මරනයක් මොකකටද අපේ තාත්තත්
ආදරේ කලා හැම ගෑනිටමඅපේ අම්මට හැර‘‘ ජීවිතය කියන්නෙ අවසානයට මතක ගොඩක්. අත්හරින එක හැම
මොහොතකම අකමැති වුනත් වෙන දෙයක්. බූරුවෙක් වගේ වෙන දේවල් බලං ඉන්න තියෙන මොහොතවල්
කොපමනද? කවියට සිය සහෝදරයන්ට කියන්නට ඇත්තේ එපමනයි.‘‘බොහෝ දේ ලග තියා ගන්නනම් සොහෝ යුරකුමක් හෝ අත්හැරිය යුතුයි හැම මොහොතකම‘‘ සාමාන්‍ය පාටකයන්ට කියා දෙන මේ දර්ශනය ජිවිතයට කොතරම්
අදාලද? උස් පහත් මිටි බවක් කොයින්ද මේ ඇත්තට. කොට්ටෙක මෙට්ටෙක පැදුරක කානුවක
ගෙව්වත් ජීවිතය හැර යා යුතු එකක්. යුද්දය ගැන ඕන තරම් පත්තර වාර්තා කියෙව්වත් චිත්‍රපටි
බැලුවත් ඒ එකකින්වත් මට මේ කවිය තරම් හිතට දැනුන එකක් මතක නෑ. ‘තංගම්මා මුරපොලේ
සෙබලාට කී කවිය‘ කොහොම ලියවුනා වෙන්න ඇත්ද? ඇත්තටම කවියෙක්ගෙ හිතත් මහ පුදුම
තැනක්. ඒකෙ නොපැලවෙන දෙයක් නැහැ. නොතැවරෙන දුකක් නැහැ. තංගම්මා පරික්ශා කරන වෙලාවට
ඇගේ කදුලු ගැන හරියටම මීට වැඩිය වචනයකින් කියන්නෙ කොහොමද?
‘‘කිරි එරේ නම්
නුඹේ ගිනි බට අතරපොවමි මේ දෙමල ලේ බිද වුවදඋන්ඩයක් ගියත් මේ මැහැලියගෙ හදවතටමමත් නුඹ අතර තව අම්මෙක්ය‘‘
ඒ විතරක්ද නෑ. යුද්දයක මල මිනී යටින් දිවෙන ශෝකීම රේකාව
කවියා අප හමුවේ තබමින් අසන ප්‍රශ්න තවත් යුද්දයකට පෙල ගැහෙන අදමිටුවන්ට අනින උල්
පිහි වගෙයි. ඒත් ඒ පිහි තෙතම තෙත සීතලම වචන. හදවත තුවාල කරනව ඒව.
‘‘හාමතේ හිටියත් වික්කෙ නැති පොන්මනීගෙ තැල්ල කෝහත්දෙනෙක් බඩ පුරවා ගත් වඩිවේලුගෙ එලු පට්ටි කෝපත්තිනිට පමනක් දෙවැනි වූ මල මිනි හෙලුවෙන් මොකෝවැසියනේ අපි සතුරු කොට වලදැමෙනුයේ රජ සිටු බැකෝ“
මේ වේදනාවේ අකුරු ගැලපුව වදන්. පසුගිය යුද සමයේ රසවින්ද
රෑ අටේ යුද වාර්තා ගැන ආයෙමත් හිතන්න හඩන්න කරන ආයාචනා. පර දමෙල්ලු අප්‍රානික නාම
පද ද?
‘බුදු මල්ලියේ ඕක නවත්තපන්‘ කුඩු ගහන දාමරික සොහොයුරාට
ලියපු මේ කවිය කවියාගෙ සුවිසල් තෙත් හද එලියට ගේනව. සමාජය වෙනස් කරන්න ඕන. ඒකට
උදව් කරන්න ඕන. දාඩියය්, චන්ඩියය්, රොඩියය්, පද්දයි, කුඩු කාරයය් කිය කිය වෙන් කරල
වහන් කරන එක නෙමේ වැඩය. කවි අස්සට ගිය විප්ලවවාදී සහෘද බව.‘‘වරෙන් මං එක්ක මං කුලී වැඩ කරනවා උඹව මට වැඩි නෑමං බලාගන්නම් ජිවිතේ නුඹෙකටුයහන උඩ ඉදන් මං මල් ආසනේ හදනවාඔව් හිගන්නෙක් තමයි මං ඒත් උඹ රජ කෙනෙක් කරනවාඔටුනු පලදන දිනේ උඹ මං මාවතේ හිනාවේගෙන ඉන්නවා....‘‘
‘බුකියකදී‘ පැදි පෙල ගෙනනෙ අශ්ව ඔට්ටු අල්ලන අසරන ජීවිත
ගැනද කවියා ප්‍රකම්පනය වන වචන දිග හරියි. සානුකම්පිතව ජීවිත මුන ගැහෙන දොඩමලු වන
විටදි අත්හැරිය හැකිද කවුරුවත්. කිවියා ගෙනෙන රූපක උපමා අතිශය සංවේදියි. මානව දයාව
උතුරයි.
‘බුදුන් දැක නිවන් දැකපන් අස්සයිනිඋඹලාට කන්ථකගෙ සරනයි‘කන්ථක අපි දන්නව බෝදිසත්වයින් එතෙර කලා. පින්වන්තයි.
එතකොට උඹලා. උඹලත් වේලක් නොකා වේලක් කන බුදුවෙන්න උනත් පුලුවන් අපි ව ගොඩ නොගෙන
යන්නෙ මන්ද?
‘මහ මගට බට විටදි විටකදිකුජිතව ගිය ජොකියෝ හමුවෙති‘කවියා වෙන කිසිවක් නොකියය්. යහපත හෝ අයහපත නොපෙන්වයි.
ජීවිතය ඛේදවාචකයක්. එය මේ පේන ලෝකය නෙවෙයි. මේ පේන මිනිසුන් හරිම මායාකාරියි.
මිනිසුන්ගෙ ආදරේ මිනිසුන්ටවත් නැති කාලෙක මුලු ලෝකෙටම
සෙනහස බෙදන්න ආරාදනා කරනව මේ කවියෙන්. ගහකොලට සතා සීපාවට පවා ආදරය ඒතරම්ම වැදගත්. වියදමක් යන්නෙ නැති පපු කැවුත්තෙ පටන්
ගන්න ආදරය.
‘‘කිරි වරපු අම්මෙක් කිරි එරුන උඹ වගේ අම්මෙක්සතෙක් සීපවෙක් වුනත් මගෙ හිතට නෑ වෙනසක්යටි බඩට නිය තියා සූරලා බලාපන්
මං දන්න එකම දේ මගෙ වගේමයි ලේ රතුයි උඹගෙත්‘‘‘
දකිනකොට තාලයක් නැති රඩු ගොරහැඩි වගේ පෙනුනත් කවිපොත
කියෙව්වම හදවත බරවනව. කවියක් කවියක් ගානෙ ඇස් කෙවෙනි බොද වෙනව. සාදාරනයි වගෙ පේන
මුඩුම මේ සමාජය මොනතරම් නරකද කියල හැම මොහොතකම හිතෙනව. එහෙම හිතන්න කවිවල සුසුම්
හද පසාරු කරන් යනව. තවත් මේ ගැන ලියල කියවන්න කියන්නම හිතෙනව. මානව භක්තියෙන් පිරිපුන් කවිපොතක්.
No comments:
Post a Comment