ඈ ඉතා සිහින්ය. කැරලි ගැසූ කොන්ඩය තඹ පැහැ කර ඇත. එය ඇගේ දුඹුරු පැහැ සුදු ගතියට දසමයකින්වත් වෙනසක් නැති ගැලපුමකි. ලයිට් එලියට ඇයගේ මුහුන මලක් මෙන් දිස්වෙය්.
වයස පනස්ගනනක මැදිවියෙ අයෙකු ඇයගෙන් යමක් විමසය්. ඇය යමක් පැවසුවිට ඔහු නික්ම ගියේ පුලුටු මුහුනෙනි.
ඊ ලඟට ආවේ නවීනතම කාරයකි. ඇය එයට නැගී නොපෙනී ගියාය.
තාත්තා තවම සුපර්මාර්කටුවේ බැවින් මම හුදකලාව බලා සිටියෙමි. චන්ද ජයග්‍රහනයෙන් පිච්චු රතිඤ්ඤා ගඳ තවම බැහැර ගොස් නැත.
ආං... ආයෙමත් අර කාරය නැවැත්තුවා. ඇය බැස්සා. තඹපාට පෙති තියෙන මල.
ඩෙනිමෙ පිටිපස්සට අත්දෙක දාගෙන එයා ඇවිදින්න පටන්ගත්තා. වෙලාව 11.30
තඹ කොන්ඩ තියෙන මලක් වගේ මුහුන ඉස්සල්ල තරම් ප්‍රානවත් නැ. එයා වීල් එහෙක ගියා.
තාත්තා ආව. අම්ම මැසේජ් එකක් දාල තිබ්බ හෙටත් කෝකටත් ගෙදර ඉන්න කියල.

No comments:
Post a Comment