Friday, June 29, 2012


“ගzzසල්” ආදර කව
හද නිවන
සිත නිවන
සංගීත සුයාමය
වෙඩි හඩින් නිමාවුන
තවත් එක් කතාවක
කදුලු තිත් කඩ ඉරකි.
දෙවියන්ම දුන් දූ පුතුන් අතින්
දෙවියන්ගෙ දේපොල
සුනු විසුනු වී යයි
දෙවියන්ගෙ නාමයෙන්.
තර්ක සතරේ එක් තර්කයක්
මතකයට නැගෙයි නිතින්, ඉතිං
“සියලු මිනිසුන් මැරෙන සුලුය
ප්ලේටෝද මිනිසෙකි
එබැවින් ප්ලෙටෝද මියෙයි”
සාධනය කල පසුව
“ගzzසාල්”ද දෙවියන් විසින් මවන ලද්දි
එබැවින් දෙවියන් සතුය
තුවක්කුව අතැතියාද එසේමය.
එබැවින් ඔහු මරන ලද්දේ
“ගzzසාල්” නොව, දෙවියන් ය.

කදුලු දෙකොපුල් සිප                ගනී
දෙවොල ගිනි කරුවල               වුනී
‘වෙඩිල්ලක හදවත                   ඇනී
දෙවියො පාමුල වියො               වුනී’

දෙවියන් ගැන බැතිය හද අඩු වුනා                     වද
දෙවි ලෙස සිටිය යකුහට බිලි වුනා                     වද
රූ මන නදට කට වහ දොස් වුනා                       වද
අහිතක් නොවුන හිතකට මක් වුනා                    වද

ඉර පායා ඉර මුදුනට එන්න                                           එපා
තරු පායා ගන කලුවර මකනු                                        එපා
මිය ගිය ‍රටේ සත්සර නද දෙන්න                                  එපා
නුඹ නැති ලොවක පොප් ගීයක් ඇසෙනු                        එපා

පිය පිය සෙනෙහසින් ලග සිටි                    දයාවෙනී
පිය සිය බිරිය ලෙස කල් ‍ගෙවු              සෙනෙහසිනී
පිය සිය හඩින් ලොව පිනවූ                         සත්සරනී
පිය පිය හඩ ගොලුයි වෙවුලයි වෙඩි                 හඩිනී

‘වෙඩිල්ලක හදවත                   ඇනී
දෙවියො පාමුල වියො               වුනී’

No comments: