"සමනලයා පැනල ගිහින්මොකද දන්නෙ නෑ"

"මං ගෙදර නැති වේලේ
කව්ද මගෙ බෝලේ
පෙරල පෙරලා හිටියෙ මිදුලේ”
චූටි දූ කෑ ගගහ
දුවන හැටි හැමදාම
මැවි මැවී පේනවා
ඉන්නවා වාගේ
දුවනවා වාගේ
ගේ වටේ
දැනෙනවා
එදා හැන්දෑවෙත්
පෙරහැරත් බැලුවා
දෑස් පොඩි අයාගෙන
අතේ ඒල්ලීගෙන
දෙවියන්ව යැද්දා
මටත් වැඩි භක්තියෙන්
"මේ ළමයා කොයින්දෝ
රෝස කැලෙන් ගෙනාවෝ
දඩිං බිඩිං ඩෝං"
හදවත ගැහෙනවා
රෙදි හැට්ට ඉරාගෙන
එලියට ඒන්න හදනවා
කුනු ඇලේ මුනිං අතට
හිටියේ ඒ උඹමයිද?
දුක හින්දද මූන දැක්කොත් කියල?
සුදු ඇදන් මේ නිදන්නෙත් මද සිනාවෙන්
ඒ හිටිය උඹමයිද?
No comments:
Post a Comment