Friday, July 13, 2012

මහා පුරුශයෙකුට බිරිඳක්ව


මහා පුරුශයෙකුට බිරිඳක්ව
“ආං....... සෝන්යා....”
ලියෝගෙ බිරිඳ
“එන්න.... මෙහෙන් ඉඳගන්න.....
මගේ හිත අද්දරින්.....”

“අහන්න මගේ හිත කියන දේ.
මං ඇයට කිව්වා
‘ඔයා මොනතරම් වාසනාවන්තද
මං ව‍ගේ මහ පුරුශයෙක්....’
                              
“එයාට තිබුනෙ නෑ දින පොතක්
තියෙන නොවෙනස් තෙත හද මිසක්
එක්ක දිලිසෙන දුක හිතෙන ඇස් දෙකක්
හිතේ ඇති දේ දකින
කිමිද ගොස් මා දෙනෙත්”
                  
“මහා පුරුශයෙකුට
බිරිඳක් වූ
සොන්යා නුඹ ගැන
කියවන්න රසවත්යැ
පොතක් තැබි අත මතට
එතකොටයි නුඹ හමුවුනේ.
එතකොටයි මට තේරුණේ....
                  
මහ වැස්සකට පසුව
කුරුල්ලන් නගන
අර අමුතු ‍කිචි බිචිය
පිනි බිංදු වැටෙන හඬ...
නුඹට ඔහු නිසා වුව
මට ඈ නිසාවෙනි.
                  
සොන්යා දැං ඉතින්
නැගිටින්න
මගේ හිත අද්දරින්.
විඩාබර දවස කෙලවර
බලාගෙන ඇති එයා
“දැං ඒවි යැයි එයා”
දෙනෙත් බිම යා කොට
විලිබරව රතු දෙකොපුල්ව.

No comments: