මහා පුරුශයෙකුට බිරිඳක්ව
“ආං....... සෝන්යා....”
ලියෝගෙ බිරිඳ
“එන්න.... මෙහෙන් ඉඳගන්න.....
මගේ හිත අද්දරින්.....”
“අහන්න මගේ හිත කියන දේ.
මං ඇයට කිව්වා
‘ඔයා මොනතරම් වාසනාවන්තද
මං වගේ මහ පුරුශයෙක්....’
⋆ ⋆ ⋆
“එයාට තිබුනෙ නෑ දින පොතක්
තියෙන නොවෙනස් තෙත හද මිසක්
එක්ක දිලිසෙන දුක හිතෙන ඇස් දෙකක්
හිතේ ඇති දේ දකින
කිමිද ගොස් මා දෙනෙත්”
⋆ ⋆ ⋆
“මහා පුරුශයෙකුට
බිරිඳක් වූ
සොන්යා නුඹ ගැන
කියවන්න රසවත්යැ
පොතක් තැබි අත මතට
පොතක් තැබි අත මතට
එතකොටයි නුඹ හමුවුනේ.
එතකොටයි මට තේරුණේ....
⋆ ⋆ ⋆
මහ වැස්සකට පසුව
කුරුල්ලන් නගන
අර අමුතු කිචි බිචිය
පිනි බිංදු වැටෙන හඬ...
නුඹට ඔහු නිසා වුව
මට ඈ නිසාවෙනි.
⋆ ⋆ ⋆
සොන්යා දැං ඉතින්
නැගිටින්න
මගේ හිත අද්දරින්.
විඩාබර දවස කෙලවර
බලාගෙන ඇති එයා
දෙනෙත් බිම යා කොට
විලිබරව රතු දෙකොපුල්ව.


No comments:
Post a Comment