Wednesday, August 8, 2012

මේ සැඳෑ සක්මන


මේ සැඳෑ සක්මන

තේරුම් ගන්න ගන්න නොතේරෙන
ජීවිතය......
දිනන්න දිනන්න පරදින
සිතුවිලි......
එපා වුණත් නැතත්
ඔහෙ තියෙන...........

හරි විඩා බරයි මට
මේ සැඳෑ සක්මන
නව තුරුණු වයසෙම

හැගීම් බරව දෙවියන් යදින
තාර්කිකව දෙවියන්ව පාගන

ආගමක් නැති
නීතියක් නැති
අවේලාවෙ වෙලාවට
වැඩකරන
අකාලෙ කාලයට බැන වදින

හරි විඩා බරයි මට
මේ සැඳෑ සක්මන
නව තුරුණු වයසෙම

2 comments:

Damith Dahanayake said...

ලස්සනයි

MPP Gunasinghe said...

අපූරු කල්පනාවලියක් සමන්