හදිසියෙම ආයෙත් ඉස්කෝලෙ
“ පුතේ අංකල්ට කියන්න
ආදරෙයි කියල“
“ තවමත් ඔයා මට
ආදරෙයි එහෙනම්“
“අපි බහිනවා ‘සේර‘“
“හමුවෙමු ආයෙ දවසක
වෙන් වුනා වගේම
අහඹු ලෙස
ඉසිඹු ලත් මොහොතක
ඈත් එහෙම හිතන්නැති
මටත් එහෙම හිතුනකොට“
මතක් කරමි
ඒ මිහිරි අතීතය
පාසල් පොතක් තුල
සඟවාගෙන සිටිය
කෙස් ගහක් නුඹ මට තෑගි කල
ගිරිහඩු සෑය හැදුවා මම එයින්
පයිනස් ගස් වටේ
දැඩි අව්ව වලකාලන
දහදියෙන් තෙත් වුනු අත්
පටලාන නටපු හැටි
හරිම පුදුමයි
ඒ මිහිරි මතකය
නුඹ බැස ගියත්
මම තාම බස් එකේ
කොන්දොස්තර කොලුව
කෑ ගහනවා
ගමනාන්තයට බස්සෙක ඇවිත්

No comments:
Post a Comment