Monday, March 8, 2021


 ඕ හදිසියේම ගැබ්බර වූවාය. සම ටික ටික රන්වන් වූවා මුහුන පින්පාට වූවාය. 

දිනෙන් දින මොරමින් වැඩෙන පුර පස සඳක් මෙන් ඇය නේවාසිකාගාරය එලිය කලාය.

උදෑසන වැටෙන පිනිවලිනුත් දහවල රශ්මියෙනුත් මල් පෙතිවල ලප ඇතී වූවාය. සවස පෙති සැලෙන්නී ඉක්මනින් කනාටු මල් ගස් සුලඟේ ඇතිලිලෙමින් සිටින්නීය. 

තවදුරටත් නේවාසිකාගාරයේ සිටිය නො හැකිය.  එන්න එන්නම කුස ඉදිරියට එයි. සුදු ගවුම් පටියෙන් එය වැසිය නො හැකිය. 

පාසල් කටයුතු එන අවුරුද්දේ බැවිනුත් පාඩම් කටයුතු බහුල බැවිනුත් ගෙදර නො  එන බව ඇය දන්වා යැව්වාය. 

ඔහු ෆේස් බුකියෙහි ද නැත. ආන්ස්වර් කරන්නේ ද නැත. නමක් ගමක් හෝ හරියට නො දත් බැවින් පොලිසියට කියා වැඩක් නැත.

ජීවිතය එසේය. මුහුන දිය යුතුමය. ඕ පාසලින් අස්ව බෝඩිමක නැවතී කොමියුනිකේශන් එහෙක වැඩට ගියාය. 

පසුව ඇගේ තාත්තා මේ සියල්ල දැන ගත්තාය. ඇයට සමාව ද ජීවිතය ද දුන්නාය. 

"පුතේ! අපි විභාගය ලියමු. අම්මයි මායි බබා බලා ගන්නම්. ඉස්කෝලෙන් අයින් වෙලා ප්‍රයිවට් කරමු."

ඕ ඔක්කාරමය අතීතයක නිරන්තරව පැට ලෙන්නී දිරිය ගත්තාය.

විදුහල්පතිතුමිය කැමැත්තෙන්ම අස්වීම් සහතිකය දුන්නාය. පාසලේ ගවුරවය වෙනුවෙන් ඒ ගැන වචනයකුදු නො දත්තා සේ සිටියාය. 

ඇයගේ තාත්තා ඇයගේත් දරුවාගේත් පියා මෙන් ඇයට දිරියද  ලෝකයට නිර්බය පිරිමියෙකු ද වෙමින් සිටියේය. 

සාපෙල ද උපෙල ද ලියූ ඕ වෛද්‍ය පීටයට ඇතුලත් වන්නී සිය දරුවා ද සමග නුවරට ආවාය. 
නුවර මනරම්ය. සිසිලස්ය. 

වසරේ දිරිමත්ම කාන්තාවට හිමි සම්මානය ඇය දිනා ගනු දුටු නිර්මාල් සිය කට ගැස්ම අමාරුවෙන් පහලට දැම්මේය. සිත ඔහුට අකීකරුය. වරදකාරීය. 


No comments: