අටබාගේ සෝමාලංකාර
කතුවර හිමියන් සිය පරිවර්තනයට එළඹෙන ආකරය ම ඉතා ම නැවුම්. අකුරටියේ අමරවංස හිමියන්
විසින් කරන ලද පලමු අනුවාදය ගැන ඉතාමත් ලෙන්ගතු ඇමතීමක් ඒ තුල තිබෙනවා.
“අප පළමුවෙන් ම සංස්කෘත දිව්‍යාවදානයේ එන රසවත් කථා පුවත් කියවූයේ අකුරටියේ අමරවංස
නාහිමිපාණන් වහන්සේගේ ‘සිංහල දිව්‍යාවදානය’ කෘතියෙනි. සම්පූර්ණ දිව්‍යාවදානය හෙළ
බසට නැගීමෙන් උන්වහන්සේ විසින් සිදු කර ඇත්තේ අත්‍යුත්කෘෂ්ට සාහිත්‍ය සම්ප්‍රදානයකි.”
ඉතිං, මෙබඳු පරිවර්තනයක් තිබිය දී අප කතුවර හිමි තවත් පරිවර්තනයක් කරන්නේ කුමට?
උන්වහන්සේ ම දක්වන හේතු කිහිපයක් මේ.
- උක්ත අනුවාදය සිසුන්ට අවදාන කථාවල සාරාංශය දැන ගැනීමට ප්‍රමාණවත්
- එහෙත්, ඇතැම් කතාවල අතුරු කථා පුවත් අත්හැර අනුවාද කර තිබීම
- සංස්කෘත අවදාන කෘතීන්ට අවේණික භාෂා හා සාහිත්‍යයික ලක්ශන දැන ගැනීමට නො ලැබීම
මේ කතුවරයන්
වහන්සේ දක්වන හේතු කිහිපයක්. උන්වහන්සේගේ වෑයම මේ මග හැරුනු අවස්ථාවන් සිය කෘතිය
මගින් පුරවා ලීම.
අනෙක් වැදගත් ම
කරුන නම් කතුවරයන් වහන්සේ තමන් ඉස්පිල්ලක් පාපිල්ලක් හෝ අනෙකුගේ කෘතියකින් අර
ගත්තේ නම් ඊට හේතුත් අර ගත් ආකාරයත් දක්වා තිබීම. එයින් නූතන පරිවර්තකයන්ටත්
කතුවරයන්ටත් මහගු ආදර්ශයක් සපයා තිබෙනවා. නිදසුනක් හැටියට
- අර්ථව්‍යාඛ්‍යානය සම්පාදනයට කවල් හා නෙයිල් යන් දෙදෙනාගේ හා පී.එල් වෛද්‍ය සූරීන්ගේ සංස්කරණ භාවිත කළ බව
-
සංඝරක්ෂිතාවදානය
හා මාකන්දිකාවදානය සඳහා අමෙරිකානු ජාතික විද්වතෙකු වූ ඇන්ඩි රොට්මන්ගේ කෘති
පරශීලනය කල බව ආදිය පෙන්වා දිය හැකියි.
මේ අපට පෙන්වා
දෙන්නේ හුදු පරිවර්තනයකට එහා ගිය ශාස්ත්‍රීය පරිවර්තනයක ස්වරූපයයි. එය එක්
කෘතියකින් අනෙක් කෘතියකට අර්ථය මාරු කරන්නක් නො වෙයි. ඉන් එහා ගිය විශාල ශ්‍රමයක් ශාස්ත්‍රීය
පරිවර්තනයක දකින්න පුලුවන්.
ගැටලුවක් ඇති,
සැකයක් ඇති සෑම තැනක් ම අධෝ ලිපි මගින් දක්වමින් එය විසඳා ගත් අයුරුත්, එහි දී
පරිශීලනය කල මූලාශ්‍රත් කතුවර හිමියන් දක්වා ඇති ආකරය ඉතා ම ප්‍රශංසනීයයි.
නිදසුනක් ලෙස, 235
පිටුවේ එන “උත්කාශන ශබ්දං භවති = උගුර පාදන හඬ වේ” යනුවෙන් පරිවර්තනය කරන කතුවරයා
අධෝ සටහන මගින් එය නැවත විස්තර කරයි.
“රොට්මන් මෙය
‘කථාකරන හඬ ලෙස’ පරිවර්තනය කරයි.” යනුවෙන්. මෙය පාඨකයාට පරිවර්තනය ගැන නැවත
සිතන්නටත්, පරිවර්තනයක දී සැලකිලිමත් විය යුතු ආකාරයත් මනාව පැහැදිලි කර දෙන්නක්.
එසේ ම,
කතුවරයන් වහන්සේ කරන සංස්කෘත අවදාන සාහිත්‍ය ගැන හැඳින්වීම නව නිර්මාන කාර්යයෙහි
නියැලෙන මානව මානවිකාවන්ගේ නෙත ගැටේවා යනු මාගේ පැතීම. එය එතරම් රමනීය විස්තරයක්.
විශේෂයෙන්, අවදාන සාහිත්‍ය නවනිර්මානයන්ට බීජ සපයන, පැලවෙන බීජයන්ට සරු පස සපයන
තෝතැන්නක්.
මේ ඉතා සරල
හැඳින් වීම උන්වහන්සේගේ කැප කිරීමට තරම් නො වෙතත් සංස්කෘත සාහිත්‍යයට ඇලුම්
කරන්නන්ට, නව නිර්මාපකයන්ට මේ කෘතිය පිරිශීලනය කරන්නට මේ උත්සහය හිනිමගක් වේවා යනු
අපේ පැතුමයි.
සමන් පෙරමුණ

No comments:
Post a Comment