Monday, May 16, 2016

කවියකට මොකටද නමක් දුකක් මිස කීමට

වතුරටවත් රිසි සේ
ගලාගෙන යන්න නැතිකොට
පුදුම වෙන්නෙ මොකටද
නාය යන එකට
ගං වතුරකට
දුක ඒකට නෙමෙයි
දැන දැනත් සොබා දහම
අපට මිස අප එයට වැඩක් නැතිබව
විනාස කරන එක
මහ කුඩා කැල එකට
පොලවෙට කිද බැස
වතුර නැති කාලෙක එන්න
ඉඩක් නැති රටක
පුදුම වෙන්නෙ මොකටද
මේ වෙන දේවලට
ඒත් දුක පොඩි එවුන් ගැන
තවමත් එක ගහක්වත් හිටවන්නවත්
කපන්නවත් බැරි වුනු

3 comments:

MPP Gunasinghe said...

බලධාරීන්ගේ කයිවාරුවලට පමණක් තවමත් සීමා වී ඇති ගහකොල වැනසීම පරිසර විනාශය තදින් කාවැදෙන නිමැවුමක් සමන්

MPP Gunasinghe said...

පාලක පරිපාලකයන් ගේ කයිවාරුවලට විතරක් සීමාවෙච්ච ගහකොල රැකගැනීම, පරසසරය රැකගැනීම ගැන හිතට වැදෙන නිමැවුමක් සමන්

පාට පාට හීන (සමන් පෙරමුණ) said...

මේ විනාශයන් පිලිබද උපේක්ෂා සහගතව බලං ඉන්නවා දුක් හෝ සතුටක් නැහැ අපිම කරපු දේවල ප්‍රතිපල අපිම බුක්ති විදිනවා කවදාවත් තේරුම් ගනීද ලැබෙන සතපහක හෝ ලාබය ගැන තකනවා විනා