කවි ලියන කොලඹ යන පිකට්ටෙකෙ තැන්නේ
යාපනේ මගුල් ගේ අත්සනත් තැන්නේ
නඩු කියන නිදි මරන පාරේම තැන්නේ
ආදරයෙ බෙදුම් ඉරි මකනවා තැන්නේ
මඩ ගහන නිදි වදින සැප කනේ වැන්නේ
උන් දකින්නැතිම දුක් වළඳනව තැන්නේ
ගොරක දඩමස් කරන බොදු රටක තැන්නේ
බුදු බනට ඉඩ නැතුව දුක් වෙනවා තැන්නේ
ඉඩක් ලැබුනොත් හෙටත් මම එනව තැන්නේ
පා පද්ම සිඹිනවා වඳිනවා තැන්නේ
අරගලය දෙදරවා දිනනතුරු තැන්නේ
හිමි පාද පිනි පා කරමි මම තැන්නේ
සමන් පෙරමුණ (ජුන්නා වෙනුවෙන් ආදරයෙන් ලියන කවි)
No comments:
Post a Comment